Attention (Sinhala)

ඉන්දීය සිනමාව, ගීත සහ ටෙලි නාට්‍ය තහනම් වෙයි.!

ඉන්දීය සිනමාව, ගීත සහ ටෙලි නාට්‍ය තහනම් වෙයි.!

පාකිස්තාක රජය විසින් ඉන්දීය ගීත තම ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීම, තහනම් කර ඇත.

පාකිස්තාන රූපවාහිනී නාලිකා ද පවසා ඇත්තේ ඉන්දීය ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ ගීත විකාශය කිරීම නැවැත්වීමට තමන් ද තීරණය කර ඇති බවය.

පාකිස්තාන රජය පවසන්නේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්, තමන්ට එල්ල වන චෝදනා සියල්ල බැහැර කරන බවයි. කෙසේ නමුත් ඉන්දියාව පවසන්නේ, පාකිස්තාන රජයේත් බුද්ධි අංශයේත් සහාය ලබන ‘ලෂ්කාර් ඊ තයිබා සටන්කාමීන් මෙම ප්‍රහාරයට සම්බන්ධ බවය.

මේ වනවිට ඉන්දියාව තම ගුවන් සීමාව පාකිස්තාන ගුවන් යානාවලටත්, පාකිස්තානය ඔවුන්ගේ ගුවන් සීමාව ඉන්දීය ගුවන් යානා වලටත් තහනම් කිරීමට පියවර ගෙන ඇත.

දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ ත්‍රස්ත ප්‍රහාරයෙන් සංචාරකයන් 26 ක් ජීවිතක්ෂයට පත්වූයේ පසුගිය 22 වැනිදාය. එම 26 දෙනාගෙන් 25 දෙනකු ඉන්දියානුවන් වූ අතර, එක් නේපාල ජාතික සංචාරකයෙක් ද සිටී.

පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හටගත් අර්බුදය සාමකාමීව විසඳා ගන්නැයි ලෝක නායකයෝ ඉන්දියාවටත් පාකිස්තානයටත් දැනුම් දී ඇත.

ඇමෙරිකන් උප ජනාධිපති ජේඩී වැන්ස් පවසා ඇත්තේ, පහල්ගාම් ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සෙවීමට ඉන්දියාවත් පාකිස්තානයත් හවුලේ ක්‍රියා කළ යුතු බවය.

පසුගිය 22 වැනිදා පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය එල්ල වෙද්දී, ඇමෙරිකන් උප ජනාධිපති ජේඩී වැන්ස් සිටියේ ඉන්දියාවේ නිල සංචාරයකට එක් වෙමිනි.

මේ අතර ඉන්දු පාකිස්තාන අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතරේත්, ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීටර් හෙසෙත් සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්‍යනාත් සිං අතරේත් දුරකතන සාකච්ඡා පැවැත්විණි. එහිදී රූබියෝ සහ හෙසෙත් තහවුරු කළේ ඇමරිකාවේ සහාය සැමවිටම ඉන්දියාවට හිමිවන බවය.

ඉන්ධන මිල අඩු කිරීම මත ගාස්තු අඩු කළ නොහැකියි.!

ඉන්ධන මිල අඩු කිරීම මත ගාස්තු අඩු කළ නොහැකියි.!

සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසන්නේ රජය විසින් ඉන්ධන මිල ගණන් පහළ දැමූවත් ත්‍රිරෝද රථ ගාස්තුවල වෙනස් වීමක් තම සංගමයට ප්‍රකාශයට පත්කළ නොහැකි බවයි.

ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් දැනුම්දීමක්.!

ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් දැනුම්දීමක්.!

මැයි මාසයට අදාල ගෑස් මිළ සංශෝධනය අදට යෙදී තිබේ.

ඒ අනුව මැයි මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.

ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක තැන්පතුකරුවෝ උසාවි යති.!

ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක තැන්පතුකරුවෝ උසාවි යති.!

ඉහළ පොලී අනුපාත ප්‍රදානය කිරීමේ පොරොන්දුව මත මහජනතාවගෙන් විශාල මුදල් ප්‍රමාණයක් රැස්කර ගත් නේෂන් ලංකා ෆිනෑන්ස් හා සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ආයතන සම්බන්ධයෙන් මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ නඩුවක් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පසුගිය අප්‍රේල් 07 වන දින  විභාගයට ගෙන තිබේ.

අධිකරණ විභාගයේදී, පීඩාවට පත් පළමු තැන්පතුකරුවන් 17 දෙනෙකුට රුපියල් කෝටි 14.7ක (රුපියල් මිලියන 147ක) වන්දි මුදලක් වාරික තුනකින් ගෙවීමට නේෂන් ලංකා ආයතනයේ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එකඟතාවය පළ කළේය.

මාර්තු 27 සිට අප්‍රේල් 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නේෂන් ලංකා ආයතනයේ අධ්‍යක්ෂ කෝසල සුරංග මහතා, රුපියල් ලක්ෂ 100 බැගින් වූ (රුපියල් මිලියන 10 බැගින්) ශරීර ඇප දෙකක් යටතේ නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.

මෙම සිද්ධියෙන් අනාවරණය වූ වැදගත් කරුණක් නම්, නේෂන් ලංකා ආයතනයේ ප්‍රධානියා වන වික්ටර් රමනන් මහතා බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත ද්විත්ව පුරවැසියෙකු වීමයි.

පරණ ඇපල් වලට වට්ස්ඇප් අහිමි වෙයි.!

පරණ ඇපල් වලට වට්ස්ඇප් අහිමි වෙයි.!

එළැඹෙන මැයි මස සිට පැරණි Apple ජංගම දුරකථන මාදිලි කිහිපයක් සඳහා WhatsApp සමාජ මාධ්‍ය ජාල තවදුරටත් ක්‍රියා නොකරනු ඇත.

ඒ අනුව Apple මාදිලිවල iPhone 5s, iPhone 6 සහ iPhone 6 Plus ඇතුළු iPhone පරණ මාදිලි සඳහා තවදුරටත් WhatsApp සමාජ මාධ්‍ය ජාල ක්‍රියා නොකෙරේ.

ඒ අනුව iOS 15.1 පෙර පැවැති ජංගම දුරකථන මාදිලි නව මෙහෙයුම් පද්ධතියකට යාවත්කාලීන කළ නොහැකි වුවහොත් WhatsApp භාවිත කිරීමට නොහැකි වනු ඇත.

ජනපති අනුර වියට්නාමය සමග අත්සන් තබනා ගිවිසුම් මෙන්න.!

ජනපති අනුර වියට්නාමය සමග අත්සන් තබනා ගිවිසුම් මෙන්න.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන මැයි මස 03 වන දින සිට 06 වන දින දක්වා වියට්නාමයේ නිල සංචාරයක නිරත වීමට නියමිත අතර එම සංචාරය ජාත්‍යන්තර වෙසක් දිනය මූලික කරගෙන සංවිධානය කර ඇති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (29) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.

මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද නියමිත අතර, අදාළ යෝජනා ඊයේ (28) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත් බවද ඇමැතිවරයා සඳහන් කළේය.
ඒ අනුව අද දින කැබිනට් මාධ්‍ය හමුවේදී මේවා ප්‍රසිද්ධ කර තිබුණි.

ගාල්ලේ විදුලි සෝපානයක් කඩා වැටී අයෙක් මරුට.!

ගාල්ලේ විදුලි සෝපානයක් කඩා වැටී අයෙක් මරුට.!

අද 29 ගාල්ල බස් නැවතුම්පොළ අසල පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක සේවය කළ සහකාර කළමනාකරුවෙකු වූ 29 හැවිරිදි තරුණයෙකු විදුලි සෝපානයක් කඩා වැටී ජීවිතක්ෂයට ඇති බව වාර්තා වෙයි.

මියගිය තරුණයා අක්මීමන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු එම සාප්පු සංකීර්ණයේ සහකාර කළමනාකරුවරයෙකු ලෙස සේවය කර ඇත.

අනතුර සිදුවී ඇත්තේ තරුණයා බිම් මහලේ සිට තුන්වන මහල දක්වා ඔහු සෝපානය හරහා භාණ්ඩ ගෙන යන අතරතුරදී බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

අනතුරින් පසු අවට සිටි පිරිස් විසින් තුවාල ලැබූ තරුණයා වහාම ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කළ ද, ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන බව වාර්තා වේ.

නලින්දගේ ප්‍රකාශය⁣ හමුවේ රනිල් කලබල වෙයි.. හදිසි නිවේදනයක්.!

නලින්දගේ ප්‍රකාශය⁣ හමුවේ රනිල් කලබල වෙයි.. හදිසි නිවේදනයක්.!

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (29) කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළ කරුණු අසත්‍ය බව පවසමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ලස් කොමිසමට කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාන්‍ය නලින්ද ජයතිස්ස අද (29) කැබිනට් මාධ්‍ය හමුවේදී සදහන් කළ කරුණු අසත්‍ය බව එම නිවේදනයේ සඳහන් කර ඇත.

එම නිවේදනය පහතින්..

ටීවී චැනල් මාධ්‍ය හමුව බදු අරන්.. කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් වෙයි.!

ටීවී චැනල් මාධ්‍ය හමුව බදු අරන්.. කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් වෙයි.!

අද පැවැත්වූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇතැම් මාධ්‍යවේදීන් විසින් තමන්ට ලබාදී ඇති අවස්ථාවන් උල්ලංඝනය කරමින් අනෙකුත් මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබා නොදී අමාත්‍යවරයාගෙන් නොනවත්වා ප්‍රශ්න කළහ.

මෙම තත්වය දිගින් දිගටම දක්නට ලැබුනු අතර ඊට පිළියමක් ලෙස රජයේ මාධ්‍ය අද්‍යක්ෂ ජනරාල්වරයා එක් එක් මාධ්‍යවේදීන් සඳහා අවස්ථාව බැගින් ලබා දී තිබුනද ප්‍රධාන රූපවාහිනී මාධ්‍ය ආයතන නියෝජනය කරමින් පැමිණි මාධ්‍යවේදීන් ඊට අවනත නොවී ජේෂ්ඨ මාධ්‍යවේදීන්ට පවා අවස්ථාව නොදී අවිනීත ලෙස හැසිරෙනු දක්නට ලැබුනි.

මේ හේතුවෙන් ඉදිරියේදී කැබිනට් මාධ්‍ය හමුව යම් යම් සීමා පැනවීම්වලට යටත්ව පැවැත්වීමට රජයේ අවධානය යොමු වී තිබේ.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ඉදිරියේදී මාධ්‍යවේදී හැඳුනුම්පත ඇති අය පමණක් කැබිනට් මාධ්‍ය හමුවට සම්බන්ධ කරගැනීමට අවධානය යොමු වී ඇති බවයි.

තමන් කැබිනට් මාධ්‍ය හමුවට පැමිණෙන්නේ කැබිනට් මණ්ඩලයේදී ගන්නා ලද තීන්දු තීරණ දැනුම්දීමට බවද පැවසූ ඔහු ඒවා සම්බන්ධයෙන් පැන නගින ප්‍රශ්න සහ අත්‍යවශ්‍ය වෙනත් ප්‍රශ්න කිහිපයක් පමණක් විමසිය හැකි බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ජනපති වියට්නාමයට.!

ජනපති වියට්නාමයට.!

මැයි 3 සිට 6 දක්වා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරතවීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද පැවැත්වූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.