Attention (Sinhala)

ආණ්ඩුව අඩියක් පස්සට ගනී.. අවසන් අවස්ථාවද ලබාදෙයි.!

ආණ්ඩුව අඩියක් පස්සට ගනී.. අවසන් අවස්ථාවද ලබාදෙයි.!

සුරා බුදු කොමසාරිස් ජනරාල් එජ්ජේ ගුණසිරි මහතා පැවසූවේ මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැර ඇති හිඟ බදු ගෙවීමට ලබාදී තිබූ කාලය ලබන 30 වැනිදා දක්වා දීර්ඝ කළ බවත් එම කාලයෙන් පසුව බදු නොගෙවනා මත්පැන් නිෂ්පාදකයන්ට නඩු පැවරීමට කටයුතු කරනා අතර එම නිෂ්පාදකයන්ගේ මත්පැන් බලපත්‍ර අවලංගු කිරීමටද කටයුතු කරනා බවයි.

මේ වනවිට මහා භාණ්ඩාගාරයට හිමිවිය යුතු නමුත් ගෙවා නොමැති හිඟ බදු ප්‍රමාණය කෝටි 180කි.

බදු ගෙවීම් පැහැර හැර ඇති හෝ ගෙවීමට අපොහොසත් වූ මත්පැන් නිෂ්පාදකයන් සුරා බදු දෙපාර්තමේන්තුවට ඊයේ (2) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී ඔවුනට මෙම උපදෙස් ලබාදී ඇත.

කෙසේවෙතත් මේ වසරේදී උපයා ගැනීමට බලාපොරොත්තු වන සුරා බදු ආදායම රුපියල් කෝටි 23200ක් බවත් මේ වන විට ඉන් රුපියල් කෝටි 16200ක් උපයාගෙන ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව එය රුපියල් 5300 ක වැඩිවීමක් බවත් ඔහු සඳහන් කළේය.

ගතවූ පැය 24 තුළ ලෙබනනයේ සිවිල් ජනතාව 150ක් සමූල ඝාතනය කරයි.!

ගතවූ පැය 24 ක කාලයේ ඊශ්‍රායල හමුදා බේරූට් අගනුවර කෝලා පළාතේ හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර ගනණාවක් එල්ල කර බව විදිස් මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රහාර වලින් මේ වනවිට ඊලෙබනන් වැසියන් ගණන 150 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඊශ්‍රායල හමුදා පවසන්නේ මේ වනවිට ඊශ්‍රායල ලෙබනන් දේශසීමාවේ ඊශ්‍රායල හමුදා බල ඇණි සීරුවෙන් සිටින බවත් ඔවුන් ලෙබනනයේ ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්න් පසුවන බවත්බ් ය.

දෙවනි මනාප ගණන් කිරීම ඇරඹේ.!

මේ වනවිට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයන්හි දෙවනි මනාපය ගණන් කිරීම ආරම්භ කර ඇති බව වර්ථා වෙයි.

පවතින තත්වය මත ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර 50% සීමාව සඳහා සැළකියයුතු මට්ටමක පරතරයක් පැවතීම හේතුවෙන් මැතිවරණ කොමිසම විසින් එම උපදෙස් ලබාදී ඇති බව පැවසේ.

ලෙබනනයේ සන්නිවේදන උපාංග පුපුරා හැරීමේ දෙවනි රැල්ලෙන් තවත් පුද්ගලයින් 20ක් ජීවිතක්ෂයට.!

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලෙබනනය පුරා රැහැන් රහිත සන්නිවේදන උපාංගවල සිදුවූ දෙවන පිපිරීම් මාලාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් 450කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව‍යි.

හිස් ස්බුල්ලා ත්‍රස්ත කණ්ඩායම විසින් භාවිත කරන ලද වෝකි ටෝකි මෙසේ පුපුරුවා ඇති බව එරට ආරක්ෂක අංශා පවසයි.

ලෙබනනයේ බේරූට් අගනුවර දකුණු තදාසන්න ප්‍රදේශ වල, බෙකා නිම්නය සහ දකුණු ලෙබනනයේ මෙම පිපිරීම් සිදුව ඇති බව වාර්තා වේ.

ලොවම භීතියට පත් කළ ත්‍රස්තවාදී නායකයෙක් ඝාතනය කෙරේ.!

ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් වාර්තාකර තිබුණේ හමාස් සංවිධානයේ නායකයා වන ස්මයිල් හනී ඉරානයේ ටෙහෙරාන් අගනුවරදි ඝාතනයට ලක් වී ඇති බවයි.

ත්‍රස්තවාදී නායකයා සහ ඔහුගේ ආරක්ෂකයෙකු රැඳී සිටි ගොඩනැගිල්ලට එල්ල කළ ප්‍රහාරයකින් මෙසේ ඔවුන් දෙදෙනා ඝාතනයට ලක් වී ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත්, මේ වනතෙක් එම ඝාතනයේ වගකීම කිසිදු සංවිධානයක් හෝ හමුදාවක් භාරගෙන නොමැති අතර් එම ප්‍රහාරයේ සැකය ඊශ්‍රායලය වෙත එල්ල වන බව යුධ විශ්ලේෂකයන් සඳහන් කරයි.

ඉන්දීය කේරළ ප්‍රාන්තයේ ඛේදවාචකයක්.. 40ක් මරුට.!

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිදුවූ ස්වභාවික විපතකින් ඩුම තරමින් 40 දෙනෙක් මියගොස් තවත් පිරිසක් අතුරුදන්වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

අද (30) උදෑසන කේරළ ප්‍රාන්තයේ මෙප්පාදී නම් ප්‍රදේශයේ එම නාය යෑම සිදුව ඇති බව වාර්තා වේ.

බොහෝ පිරිසක් පස් අතර සිරව ඇති අතර එම පිරිස් සොයා ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

එම ප්‍රදේශයේ පවතින අධික වර්ෂාව හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් වලට දැඩි බාධා එල්ල වී ඇති අතර එම නාය යෑමට ගොදුරු වූ සමහරු චලියාර් ගංගාවේ ගසා ගෙන යන්නට ඇතැයි ද සැක කෙරෙයි.

ට්‍රම්ප්ට වෙඩි තැබූ පුද්ගලයාට තප්පර 45ක් ඇතුලත ස්නයිපර් ප්‍රහාරයක්.!

අද උදෑසන එක්සත් ජනපදයේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ තෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයා ඇමරිකානු ආරක්ෂක හමුදා ස්නයිපර් කරුවන් විසින් තප්පර 45ක් ඇතුලත වෙඩි තබා ඝාතනය කළ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

එම වෙඩික්කරු පෙන්සිල්වේනියාවේ බෙතල් පාක් හි පදිංචිකරුවෙක් බවට හඳුනාගෙන ඇති අතර ඔහු ස්නයිපර් අවියක් භාවිතාකර ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාර 8 ක් එල්ල කර ඇති අතර ඉන් එක් වෙඩි ප්‍රහාරයකින් ට්‍රම්ප්ගේ දකුණු කනට වැදී තිබුනි.

කෙසේවෙතත්, එම වෙඩි පහර එල්ලවීමත් සමඟ ක්‍රියාත්මක වූ ට්‍රම්ප්ගේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක හමුදා ස්නයිපර් වරුන් ක්ෂණිකව ක්‍රියාත්මක වී සැඟව සිටි වෙඩික්කරු හඳුනාගෙන එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහු තප්පර 45ක් ඇතුලත ඝාතනය කරන ලද බව පැවසේ.

කෙසේවෙතත්, විදේශ මාධ්‍ය සඳහන් කරනුයේ එක්සත් ජනපදයේ සිදුවූ මෙවැනි සිදුවීමකින් එරට ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශවල දුර්වල භාවය ලොවට පෙන්වූ බවයි.

ට්‍රම්ප්ට ස්නයිපර් වෙඩි ප්‍රහාර 8ක්.. වෙඩික්කරුට වයස අව්රුදු 20යි.!

අද උදෑසන එක්සත් ජනපදයේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ තෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයෙකු බව නිව්යෝක් පෝස්ට් පුවත් සේවය අනාවරණය කර ඇත.

එම වෙඩික්කරු පෙන්සිල්වේනියාවේ බෙතල් පාක් හි පදිංචිකරුවෙක් බවට හඳුනාගෙන ඇති අතර ඔහු සම්බන්ධයෙන් වෙනත් නිල තොරතුරු කිසිවක් මෙතෙක් ආරක්ෂක අංශ මාධ්‍යවලට නිකුත් කර නොමැත.

වෙඩික්කරු ස්නයිපර් අවියක් භාවිතාකර ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාර 8 ක් එල්ල කර ඇති අතර ඉන් එක් වෙඩි ප්‍රහාරයකින් ට්‍රම්ප්ගේ මුහුණ තුවාල වී ඇති නමුත් ඔහුගේ තත්ත්වය යහපත් බව පැවසේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක්.. ලේ වැගිරෙමින් රැගෙන යයි.!

අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ මැතිවරණ රැළියකදී වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට තුවාල සිදුව ඇති අතර වෙඩි තැබීම සිදුකළ සැකකරු ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාර වලින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

වෙඩි ප්‍රහාරය ට්‍රම්ප් ගේ දකුණු කනේ වැදී අතර, කනේ ලේ තැවරී තිබූ අයුරු දක්නට ලැබුණි.

වෙඩි ප්‍රහාරයෙන් ට්‍රම්ප්ගේ ජීවිතය ආරක්ෂා වී ඇත්තේ හාස්කමකින් බව විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත.

කෝටි අටදහසක වියදමින් ලොව විශ්මිත විවාහ මංගල්‍යය ඇරඹෙයි.!

ඉන්දීය ප්‍රකට ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානිගේ පුතු වන ආනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ යුගයේ වැඩිම පිරිවැයක් දැරූ විවාහ මංගල උත්සවය ලෙස සැලකෙනා දින 03ක විවාහ මංගල්‍ය මුම්බායි හි ජියෝ ජාත්‍යාන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී අද (12) ආරම්භ විය.

හින්දු චාරිත්‍රානුකූලව සිදු කෙරෙනා මෙම විවාහ මංගල උත්සවයේ පළමු දිනයේදී අද පැවැත්වෙනා අතර, ඒ සඳහා බොලිවුඩ්, හොලිවුඩ් තරු මෙන්ම ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සහ දේශාපලනඥයින්ද ඇරියුම් ලබා ඇති බව වාර්තා වේ.

අම්බානි පවුලේ ආරාධනයට අනුව විවාහ උත්සාහයට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍ය හිටපු අගමැතිවරුන් වන බොරිස් ජොන්සන් සහ ටොන් බ්ලෙයාර්ද මුම්බායි වෙත පැමිණ ඇත.

අම්බානි පවුලට විවාහය සඳහා ඉන්දීය රුපියල් කෝටි 5,000කට ආසන්න මුදලක් වියදම් කෙරෙනු ඇති අතර එය ඔවුන්ගේ මුළු ධනයෙන් සියයට 0.05ක් පමණක් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.