Foreign news (Sinhala)

පෘථිවියට බලවත්ම සූර්ය කුණාටුවක්.. සන්නිවේදනය හා විදුලිය බිඳ වැටේ.. අහස පාට වෙයි.!

වසර 20කට වැඩි කාලයක් තුළ පෘථිවියට බලපෑ බලවත්ම සූර්ය කුනාටුව ගැන අනතුරු ඇගවීමක් එක්සත් ජනපද ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය (NOAA) නිකුත් කළේය.

ඊයේ දින බලවත්ම සූර්ය කුනාටුව පෘථිවි වායුගෝලයට පහර දී ඇති අතර ලෝකයේ සමහර ප්‍රදේශවල දර්ශනීය ආකාශ ආලෝක සංදර්ශන නිපදවන අතරම උතුරු කලාපීය රටවල අහස රෝස හා කොළ පැහැයෙන් මේ හේතුවෙන් වර්ණවත් වී ඇත.

සූර්යාගෙන් නිකුත් වූ ප්‍රබල ගිනි දැල්ලක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන අතර මෙම කුණාටුවේ බලපෑමෙන් ඇතැම් ප්‍රදේශවල සන්නිවේදන පද්ධතිය හා විදුලි සැපයුමට පවා බාධා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය 2003 වසරේ ඔක්තෝම්බර් මාසයේ හැලොවීන් කුණාටුවෙන් පසු ඇති වූ පළමු සූර්ය කුණාටුව එය ස්වීඩනයේ විදුලිය විසන්ධි කිරීමට සහ දකුණු අප්‍රිකාවේ බල යටිතල පහසුකම් වලට හානි කිරීමට හේතු විය.

ඉදිරි දිනවලදී තවත් සූර්ය නෙරපා හැරීම් අපේක්ෂා කරන බවත් විදුලිය බිඳවැටීම්, ජංගම දුරකථන බාධා ජාල බිඳවැටීම, ගුවන් විදුලි පද්ධති අඩාල වීම මේ හරහා සිදුවී ඇති බව එක්සත් ජනපද ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය (NOAA) සදහන් කරයි.

කෘතීම බුද්ධිය හේතුවෙන් ඇමරිකාව අමාරුවේ වැටේ.!

ඇමෙරිකන් එෆ්.බී.අයි. කාර්යාංශය අනතුරු අඟවා තිබෙන්නේ එළඹෙන නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාල මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී AI තාක්ෂණය භාවිතයට ගැනීම හරහා, ජනතාව නොමඟ යැවීම් සිදුවිය හැකි බවයි.

AI තාක්ෂණය හරහා බයිඩන්ගේත් ට්‍රම්ප්ගේත් කට හඬ යොදා ගනිමින් ඔවුන් සිදුකළ ඇතැම් ප්‍රකාශ විකෘති කර ජනතාව අතර ප්‍රචාරය කරඇති බවත්, එම ප්‍රකාශ සමාජ මාධ්‍යවලට එක් කර ඇති බවත් එෆ්.බී.අයි. පරීක්ෂකයෝ වැඩි දුරටත් පෙන්වා දෙති.

ඩිමොක්‍රටික් පාක්ෂික වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පාක්ෂික හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර මෙවර ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වේ.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුවිශේෂී වෙනසක්.. ලෝක කුසලානය වෙනුවෙන් නව සැලැස්මක්.!

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන රාහුල් ඩ්‍රාවිඩ් ගේ කොන්ත්‍රාත් කාලය ලබන මස අවසන් වීමට ඇති පසුබිමක එළැඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අයදුම්පත් කැඳවීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.

කෙසේ නමුත් නව පුහුණුකරු තනතුර සඳහා වර්තමාන පුහුණුකරු ලෙස කටයුතු කරනා රාහුල් ඩ්‍රාවිඩ් ටද අයදුම්කළ හැකි බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසූ අතර එසේ තෝරාගන්නා නව ප්‍රධාන පුහුණුකරු ට 2027 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තෙක් සේවය කිරීමට වසර තුනක කොන්ත්‍රාත් කාළයක් හිමිවන බවද සඳහන් කරයි.

අමෙරිකානු ජනාධිපති බයිඩන් ඊශ්‍රායලයට අනතුරු අඟවයි.!

ඊශ්‍රායලය හා හමාස් යුද්ධයේදී කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට සහාය පළ කිරීමට ඉදිරිපත් වී සිටින අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට අනතුරු අඟවා ඇති අතර එය සෘජුව අනතුරු ඇඟවීමක් කළ පළමු අවස්ථාව වේ.

ගාසා තීරයේ, රෆා නගරයට ඊශ්‍රායල හමුදා දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන්නේ නම් ඇමෙරිකාව ඊශ්‍රායලයට ආයුධ සැපයීම වහා නතර කරන බවත් ඊශ්‍රායලයට බෝම්බ සැපයීම තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇති බවද අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු අඟවමින් සදහන් කරයි.

අමෙරිකානු ජනාපධිතිවරයාගේ තීරණය කනගාටුවට කරුණක් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සදහන් කර ඇති අතර අමෙරිකානු ජනාපධිතිවරයාගේ අනතුරු ඇඟවීම් කිසිදු ගණනකට නොගෙන ඊශ්‍රායල ගුවන් හමුදාව රෆා නගරයට ප්‍රහාර එල්ල කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අනතුරු ඇඟවීම සිදුකර හමාස්වරුන්ගේ පැත්ත ගෙන ඊශ්‍රායලය අමාරුවේ දැමූ බව ඇමෙරිකාවේ හිටපු ජනාපධිති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකාවට පිළිතුරු දෙමින් රුසියාව ඉන්දියාව වෙනුවෙන් පෙනී සිටී.!

ඉන්දියාවේ නවදිල්ලියේ ආගමික නිදහස උල්ලංඝනය වන බවට ආගමික නිදහස සම්බන්ධ ඇමෙරිකන් කොමිසම වාර්තාවක් නිකුත් කරමින් ඉන්දීය රජය විවේචනය කර ඇති පසුබිමක රුසියානු රජය එම ඇමරිකානු වාර්තාව සම්බන්ධයෙන් තම ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබේ.

රුසියන් රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මරීයා සකරෝවා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ, ඉන්දීය මහ මැතිවරණය අතරතුරේ, ඉන්දියාව අස්ථාවර කිරීමට ඇමෙරිකාව විසින් මෙවැනි වාර්තාවක් නිකුත් කර ඇති බවයි.

රුසියාව චෝදනා කරන්නේ ඉන්දියාවේ හින්දු වැසියන්ගේ ජාතිකවාදී මානසිනත්වය සහ ඉන්දියාවේ ඉතිහාසය සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් නැති ඇමෙරිකාව ආගමික නිදහස සම්බන්ධව පදනම් විරහිතව චෝදනා එල්ල කරන බවය.

අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය හින්දු ජාතිකවාදී පක්ෂයක් වන අතර, ඔවුන් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාර කටයුතු සිදු කරන්නේ හන්දු වැසියන්ගේ ජාතිකවාදී හැඟීම් ඉස්මතු කරමින් යැයි විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානය ද චෝදනා නගා ඇති පසුබිමක  ජාත්‍යන්තර ආගමික නිදහස සම්බන්ධ ඇමෙරිකන් කොමිසම අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂ රජය විවේචනය කිරීම, ඉන්දියාව අස්ථාවර කිරීමට සැලසුමක් බව රුසියාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඇස්ට්‍රාසෙනකා ඖෂධය මාරාන්තික බව තහවුරු වීමත් සමඟ ලොව පුරා බෙදාහැර තිබූ එන්නත් තොග ආපසු ගෙන්වීමට එම සමාගම පියවර ගනී.!

වර්තමානය වනවිට දැඩි කතාබහට ලක්ව ඇති ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා ගත් බොහෝ පිරිස් මාරාන්තික අතුරු ආබාධවලට ලක්වීම සහ රුධිර කැටි ගැසීමට ලක් වී ජීවිතක්ෂයට පත්වීම් ආදී සිද්ධීන් ගනනාවක් මේ වනවිට අධිකරණය හමුවේ තහවුරු වී ඇත.

එම මාරාන්තික අතුරු ආබාධ සම්බන්ධයෙන් විද්‍යාත්මක කරුණු තහවුරු වීමත් සමඟ ගෝලීය වශයෙන් බෙදා හරිනු ලැබූ එම එන්නත් තොග ආපසු ගෙන්වා ගැනීමට ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම පියවර ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇස්ට්‍රා සෙනකා සමාගම පවසා ඇත්තේ මුල් නිෂ්පාදනයේ සිදුවී ඇති ගැටළු නිවැරදි කරමින් එන්නත යවත්කාලීන කර , නව කොවිඩ් 19 වයිරස ප්‍රභේද අඩපණ කළ හැකි ආකාරයට යළි නිපදවීට පියවර ගන්නා බවය.

එමෙන්ම ඉන්දියාවේ සීරම්’ ඖෂධ නිෂ්පාදන සමාගම හවුල්ව නිෂ්පාදනය කළ ඇස්ට්‍රාසෙනකා එන්නත නිකුත් කෙරුණේ ‘කොවිෂීල්ඩ්’ යන නාමයෙන් වන අතර ‘කොවිඩ් 19’ වසංගත සමයේ ආසියානු රටවල් බොහොමයකට ඉන්දියාවෙන් පරිත්‍යාග කෙරුණේ ද ‘කොවිෂීල්ඩ්’ එන්නත්ය.

රුසියාව හීන් නූලෙන් යුක්‍රේන ජනපති ඝාතනය කිරීමට සැරසෙයි.!

රුසියාව විසින් වත්මන් යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඝාතනය කිරීමට උත්සාහ කර ඇතැයි යුක්‍රේන ආරක්ෂක සේවාව සදහන් කරයි.

මේ සම්බන්ධව සැකපිට යුක්‍රේන රජය ආරක්ෂාකිරීමේ ඒකකයේ අණදෙන නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් රුසියාවේ චර පුරුෂයින් ලෙස කටයුතු කර ඇත.

එම පුද්ගලයින් යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කිගේ ආරක්ෂකයින් අතරින් ඔහු ඝාතනය කිරීමට කැමති අයෙක් සොයා රහසිගත මෙහෙයුමක් කර ඇතැයි ද අනාවරණ කර ඇත.

ඊශ්‍රායලයට මිසයිල 100ක දැවැන්ත ප්‍රහාරයක්.!

ඉරානය විසින් ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා කෘෘස් මිසයිල 100ක් පමණ සූදානම් කරගෙන සිටින බවට අමෙරිකාව අනතුරු අඟවා ඇත.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉරානයට අනතුරු අඟවමින් පවසා ඇත්තේ එවැනි ප්‍රහාර එල්ල නොකරන ලෙසටත් තම රට ඊශ්‍රායලයේ ආරක්ෂාවට සහාය දක්වන බවයි.

ඉරානය සිය හමුදා සහ අවි, කලාපය පුරා ස්ථානගත කරමින් පවතින බවට හඳුනාගෙන ඇති බවත් එම කලාප වෙත අතිරේක බලඇණි යොමුකිරීමට අමෙරිකාව දැනටමත් කටයුතු කරමින් සිටින බවද අමෙරිකාව සදහන් කරයි.

දැවැන්ත ප්‍රහාරයක් ගැන බයිඩන් අනතුරු අඟවයි.!

ඊශ්‍රායලය විසින් සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කළ බවට පිළිගෙන නොමැති නමුත් එම ප්‍රහාරය පිටුපස ඊශ්‍රායලය සිටින බවට ඉරානය සදහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහෙත් ඕනෑම ප්‍රහාරයකින් ආරක්ෂා වීමට සූදානම් බව ඊශ්‍රායලය පවසා ඇති අතර ඉරානයේ අනතුරු ඇඟවීම් හමුවේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය යුද කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් හමුවී ඇති බව වාර්තා වේ.

මේ අතර අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සදහන් කර ඇත්තේ, අණ දෙන නිලධාරීන් ඝානතනය කළ ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානය ඊශ්‍රායලයට පහර දෙනු ඇති බවත් තමා ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා කැපවී සිටින බවයි.

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුධමය තත්ත්වය වර්ධනය වෙතැයි වාර්තා වීම හේතුවෙන් ඉරානයේ සිටින ජර්මානු ජාතිකයින්ට එරටින් ඉවත් වන ලෙසට ජර්මනිය අනතුර අඟවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මුළු ලෝකයම බියගැන්වු බිලියනපතිනියට මරණ දඬුවම.!

වියට්නාමයේ විශාලතම බැංකුව වන සයිගොන් කොමර්ෂල් බැංකුවෙන් මුදල් වංචා කිරීමේ චෝදනාවට වරදකාරිය වූ 67 හැවිරිදි Truong My Lan හට මරණ දඬුවම නියම කර ඇත.

මෙම නඩු විභාගය වියට්නාමයේ වැඩිම අවධානයක් දිනාගත් නඩුව වන අතර ලොව සිදුකළ විශාලතම බැංකු වංචාව හා සම්බන්ධ නඩු විභාගයත් මෙය වන අතර වසර 11ක් පුරා ඇය විසින් ඩොලර් බිලියන 44ක් වංචාකර ඇත.

Van Thinh Phat Holdings සමූහයේ සභාපතිනිය වන Lan, Ho Chi Minh City හි ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයේ පැවති නඩු විභාගයක් අවසානයේදී වංචා කිරීම, අල්ලස් ගැනීම සහ බැංකු නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වරදකරු විය.

වංචා කිරීමේ චෝදනාව සඳහා ඇයට මරණ දණ්ඩනය සහ අල්ලස් සහ බැංකු රෙගුලාසි උල්ලංඝනය කිරීම යන අනෙක් චෝදනා දෙක සඳහා වසර 20 බැගින් වූ සිරදඬුවම් නියම කර ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම නඩුවේ විත්තිකරුවන් 84 දෙනෙකුට වසර තුනක පරිවාසයේ සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ අතර ව්‍යාපාරිකයෙකු වන ලාන්ගේ සැමියා වන එරික් චූ සහ අවුරුදු 17ක් ලැබූ ඇගේ ලේලියට වසර නවයක සිර දඬුවම් නියම විය.