Foreign news (Sinhala)

ගුවන් යානා දෙකක් එකට ගැටෙයි.!

Safe Air ගුවන් සමාගමට අයත් Safe Air Boeing 727-200F යානය සිය ගමන නිමවා දකුණු සුඩානයේ මලකල් ගුවන් තොටුපළේදී ගොඩබැස්වීමට යාමේදී එහි ටයරයක් පුපුරා ගොස් නියමුවාගේ පාලනයෙන් ගිලිහී අසල තිබු MD-82 යානාව ගැටී ඇත.

සිදුවු මෙම ගැටීමෙන් පසු Boeing 727 යානයේ කොටස් දෙකකට කැඩී ගිය අතර එහි සිටි සියලු දෙනාම සුළු තුවාල සහිතව යානයෙන් බැස ඇති බවත් යානයේ යට මැදිරිය කඩා වැටී කොටස් දෙකකට කැඩී ගිය බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අප්‍රිකානු එක්ස්ප්‍රස් එයාර්වේස් MD-82 යානය පසුගිය පෙබරවාරි මාසයේදී එම ගුවන් තොටුපලේදීම ධාවන පථයේ ගොඩබෑමෙන් පසුව යානයට හානි සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජීවිත 32,000ක් බිලිගත් ඊශ්‍රායල් ම්ලේච්ඡත්වය උග්‍ර වෙයි.. අල්-ෂිෆා රෝහල් ප්‍රහාරයෙන් පලස්තීනුවන් 400කට දිවි අහිමී.!

විදේශීය මාධ්‍ය වාර්තා වලට අනුව, අල්-ෂිෆා රෝහලට ඊශ්‍රායලය විසින් දින 13ක් පුරාවට එල්ල කරනා ප්‍රහාර හමුවේ, අවතැන් වූවන් සහ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය 400කට වැඩි පිරිසක් මේ වන විට මියගොස් ඇත.


අල්-ෂිෆා රෝහල ආක්‍රමණය කිරීම අතරතුර පලස්තීන සටන්කාමීන් ඊශ්‍රායල හමුදාවන්ට සහ සන්නද්ධ වාහනවලට මෝටාර් සහ රොකට් ප්‍රහාර රැසක් එල්ල කළ බව සදහන්.

කෙසේවෙතත් ඔක්තෝබර් 7 සිට ගාසා තීරයට එල්ලවන ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 32,705 ක් මිය ගොස් 75,190 ක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

මෙම ඊශ්‍රායල් ප්‍රහාර සදහා හේතුව වන්නේ හමාස් සංවිධානය විසින් පසුගිය ඔක්තෝබර් 7 ඊශ්‍රායලය තුළ සිදුකල ප්‍රහාරයේදී 1139ක පිරිසක් ඝාතනය වීමයි.

අප්‍රේල් මස සිට ගංජා නීතිගත කිරීමේ තීරණයක්.!

ජර්මනියේ චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ සභාග රජය ලබාදුන් මැතිවරණ පොරොන්දුවක් ක්‍රියාත්මක කරමින් එරට අප්‍රේල් මස 01දා සිට කංසා අර්ධ වශයෙන් නීතිගත කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

මෙසේ එරට වැඩිහිටියන් සදහා පමණක් “කැනබීස්” නීතිගත කිරීමට ජර්මානු රජය තීරණය කර තිබෙන අතර එම නීතිගත කිරීමත් සමග ඒ සම්බන්ධව නව රෙගුලාසි රැසක් ගෙන ඒමටද එරට රජය ක්‍රියාකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එම රෙගුලාසි වලට අනුව එක් අයෙකුට පුද්ගලික පාවිච්චිය සඳහා වියළි ගංජා ග්‍රෑම් 25ක් රැගෙන යා හැකි අතර වැඩිහිටියෙකුට පැල තුනක් වගා කිරීමටද වියලන ලද ගංජා ග්‍රෑම් 50ක් දක්වා ගෘහස්ථව තබා ගැනීමට අවසර ලැබෙනු ඇති.

එමෙන්ම පාසල්, ක්‍රීඩා පිටි සහ පොදු ස්ථානවලට මීටර් 100 ක් ඇතුලත අදාළ මත්ද්‍රව්‍ය භාවිතය ද තහනම් වන බව සදහන්.

මේ සම්බන්ධව අදහස් පලකරමින් එරට විපක්ෂ නායක ෆ්‍රෙඩ්රික් මර්ස්කෙ පවසා පවසා තිබුනේ ඉදිරි වසරේ පැවැත්වීමට නියමිත මැතිවරනයෙන් පසු තම පක්ෂය නැවත බලයට පත් වුවහොත් වහාම මෙම නීතිය අවලංගු කරදමනා බවටයි.

ලෝකයෙන්ම අප්‍රසාදයට ලක්වෙන සොල්දාදුවන්ගේ යට ඇඳුම් සෙල්ලම.!

මෙම සිද්ධිය වාර්තා වන්නේ ගාසා තීරයේ පවතින යුධ ගැටුම් අතරතුර ඊශ්‍රායල සොල්දාදුවන් කාන්තා යට ඇඳුම් සමඟ විනෝද වෙමින් ගනු ලැබූ ඡායාරූප සහ වීඩියෝ පෙළක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වීම ආරම්භ වීමත් සමගිනුයි.

ඊශ්‍රායලය කෙරෙහි ලෝක ප්‍රජාවේ අප්‍රසාදය වැඩි කිරීමට මෙම දර්ශන හේතුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

එම සෙබලුන් මෙලෙස විනෝද වන්නේ පලස්තීන නිවාසවලින් ලබාගත් කාන්තා යට ඇඳුම් සමග බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ .

ෙමෙන්ම, මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ ප්‍රකාශිකා රවීනා ෂම්දාසානි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ එම හරහා පලස්තීන කාන්තාවන්ට සහ සියලුම කාන්තාවන්ට අවමන් කිරීමක් සිදුකරන බවයි.

රුසියානු ප්‍රහාරයේ අලුත්ම තත්ත්වය.!

රුසියාවට එල්ල වූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ලෙස මොස්කව් නුවර ක්‍රෝකස් නගර ශාලා රඟහලට එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 09 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට තජිකිස්තානය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අත්අඩංගුවට ගත් එම පුද්ගලයින් ISIS සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන අතර ඔවුන් තජිකිස්තාන වක්දාත් නම් නගරයේදී අත්අඩංගුවට ගෙන එරට අගනුවර වෙත රැගෙනවිත් ඇති බව එරට ජාතික ආරක්ෂක කමිටුව සදහන් කරයි.

එම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 143 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 180 දෙනෙකු තුවාල ලබා ඇති බවත් තවත් පිරිසක් තවමත් අතුරුදන්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මතු පරම්පරාවට අහිමි වීමට නියමිත චොක්ලට්.!

පසුගිය වසර 3ක කාලය පුරා දිගින් දිගටම ලොව කොකෝවා නිෂ්පාදනය පහළ බසිමින් පවතී. විශේෂඥයින්ගේ පුරෝකථනය වන්නේ 4වන වසරටත් කොකෝවා නිෂ්පාදනය වාර්තාගත අන්දමින් පහළ යාමේ අවධානමක් නිරීක්ෂණය වන බවයි.

මෙම වසරේ දී ලොව කොකෝවා අවස්වැන්නේ මෙට්‍රික් ටොන් මිලියන 4.45ක් දක්වා එනම් 11% කින් පමණ පහත වැටෙනු ඇති බව ජාත්‍යන්තර කොකෝවා සංවිධානය පුරෝකතනය කරයි.

ගෙවුණු වසරේ දී ගෝලීය චොකලට් මිල දෙගුණයකින් ඉහළ ගොස් තිබේ ඒ මෙතෙක් ඉතිහාසයේ ඉහළම චොකලට් මිල සටහන් කරමිනි.

කොකෝවා බීජ සපයා ගැනීමට ඇති අපහසුතා හේතුවෙන් ඝනාවේ කොකෝවා බීජ නිෂ්පාදනාගාර 8ක් පමණ මේ වනවිට වසා දමා ඇති අතර ගෝලීය චොක්ලට් කර්මාන්තය මේ වනවිට පසුවන්නේ ඉතාමත් අභියෝගාත්මක තත්ත්වක බව වාර්ථා වේ.

ගෝලීය කාලගුණ විපර්යාසවල බලපෑමෙන් පරිසර උෂ්ණත්වය ඉහළ යෑම කොකෝවා අස්වැන්නට අඩුවීමට බලපා ඇති ප්‍රධානම හේතුව බවත් ඒ සමගම කොකෝවා මිල දෙගුණයටත් වැඩි ප්‍රමාණ්කින් ඉහළ ගොස් ඇති බව වාර්ථා වේ.

ලෝකයේ කොකෝවා බීජ වගාවේ 90% ක් පමණ සිදුවන්නේ හෙක්ටයාර 2කටත් අඩු භූමි ප්‍රමාණ තුළය. ලොව ප්‍රධානතම කොකෝවා සැපයුම්කරු අප්‍රිකාව වන අතර ලොව සමස්ත කොකෝවා නිෂ්පාදනයෙන් 75%ක් පමණ සපයන්නේ අයිවරි කෝස්ට්, ඝානා, කැමරූන්, සහ  යන රටවල්ය.

කොකෝවා බීජ මිල අධික වීම හේතුවෙනි බොහෝ චොක්ලට් සැපයුම් කරුවන් මේ වනවිට කොකෝවා බීජ මිලට ගැනීම සම්පූර්ණයෙන් නවතා ඇති බව වාර්ථා වේ.

වර්තමානය වනවිට ගෝලීය චොකලට් මිල ඉහළ යමින් පවතින්නේ මෙම සම්ස්ථ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස බවත් ඒ සදහා තිරසාර විසදුමක් ලබා නොදුනහොත් නුදුරේදීම ලොව චොක්ලට් කර්මාන්තය නතරවනු ඇති බව විශේෂඥයන් මත පලකර ඇත.

තලෙයිබාන් නායකයා දැඩි තීරණයක් ගනී.. කාන්තාවන් ගල් ගසා මරා දමයි.!

ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් නායක මුල්ලා හිබතුල්ලා අකුන්සාදා විසින් එරට කාන්තාවන් සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගනිස්තානයේ අනාචාරයේ හැසිරෙන කාන්තාවන් ප්‍රසිද්ධියේ ගල් ගසා මරණයට පත්කිරීමේ දඬුවම යළිත් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව එම නිවේදනයෙන් සදහන් කර ඇත.

තවද රටේ පාලනය ලබාගැනීමෙන් පමණක් තලෙයිබාන් සංවිධානයේ කටයුතු අවසන් නොවන බවද සිය තීරණය නිවේදනය කරමින් තලෙයිබාන් නායකයා ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කළේ, ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් හා දැරියන් සම්බන්ධයෙන් පවතින කොන්දේසි, ගෝලීය වශයෙන් ඉතාම දරුණු තත්ත්වයක පවතින බවයි.

වටිනා සම්පත් වෙනුවෙන් ඉන්දියාව මුහුද යට තරගයක.!

ඉන්දියන් සාගරයේ මුහුදු පතුල ගවේෂණය කිරීම සඳහා බලපත්‍ර දෙකක් ඇති ඉන්දියාව සාගර පතුලේ සැඟවී ඇති වටිනා ඛනිජ සොයා යාමේ ගවේෂණයක් සඳහා තවත් පියවරක් තබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගෝලීය බලවතුන් අතර පවතින තරගය මධ්‍යයේ තවත් බලපත්‍ර දෙකක් ලබා ගැනීම සඳහා ඉන්දියාව ඉල්ලුම් කර ඇති අතර සාගර පෘෂ්ඨයේ සිට මීටර් දහස් ගණනක් පහළින් හමුවන කොබෝල්ට්, නිකල්, තඹ, මැංගනීස් වැනි විශාල ඛනිජ සම්පත් නිධි වෙත ළඟා වීමට චීනය, රුසියාව සහ ඉන්දියාව තරග කරමින් සිටියි.

කොබෝල්ට්, නිකල්, තඹ, මැංගනීස් වැනි විශාල ඛනිජ සම්පත් දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය සූර්ය හා සුළං බලය, විද්‍යුත් වාහන, බැටරි තාක්ෂණය වැනි පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කිරීමට යොදාගනී.

මේ වන විට ගවේෂණ බලපත්‍ර 31ක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ජාත්‍යන්තර මුහුදු පත්ල පිළිබඳ අධිකාරිය (International Seabed Authority – ISA) විසින් නිකුත් කරනු ලැබ ඇති අතර ඉන් 30ක් සක්‍රීයව පවතියි.

භූ දේශපාලනික, සැපයුම් දාම පිළිබඳ බුද්ධි තොරතුරු සපයන Horizon Advisoryහි සම-නිර්මාතෘ නේතන් පිකාර්සික් සදහන් කළේ,

” ඉන්දියන් සාගරය කියලා කියන්නේ වටිනා සම්පත් තියෙන්න පුළුවන් තැනක්. ඒවා පුළුල් වපසරියක විහිදිලා තියෙන නිසා තමයි සාගර පතුල පිළිබඳව සිදු කරන විද්‍යාත්මක ගවේෂණ වැඩි කරන්න ඉන්දියානු රජය පෙළඹුණේ.”

ලක්ෂ 09ක් පඩි ගෙවන පුරවැසි භාවයත් හිමිවෙන රැකියාවට පෝලිමේ යන ශ්‍රී ලාංකිකයෝ.!

මෙරට ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් මේ වනවිට රුසියානු හමුදාවට එක්වී ඇති බවත් රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයකු මසකට ඇමෙරිකානු ඩොලර් 3000 ක පමණ වැටුපක් ලබාගන්නා බවත් අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

මෙරට පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය හේතුවෙන් සහ එරට පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙසේ ශ්‍රී ලාංකිකයන් විශාල ලෙස රුසියානු හමුදාව වෙත එක්වීමට උත්සහකරන බව එම සේවය සදහන් කරයි.

විශේෂයෙන්ම ඒ සදහා උත්සහ දරන්නේ ශ්‍රී ලංකා හමුදාවෙන් විශ්‍රාම ගෙන සිටින සොල්දාදුවන් බවත් ඔවුන් තම පවුලට යහපත් අනාගතයක් උදා කර දීම සඳහා යුක්රේන හමුදාව අතින් ඝාතනයට ලක් වීමට පවා සූදානමින් සිටින බවත් අල් ජසීරා පුවත් සේවය තවදුරටත් ප්‍රකාශ කළේය.

මෙරට විශ්‍රාමික හමුදා සොල්දාදුවෙක් වූ 27 හැවිරිදි නිපුණ සිල්වා මෙම මස මුලදී යුක්රේන රුසියා යුද්ධය අතරතුර මියගිය බව ඔහු සමඟ රුසියානු හමුදාවේ සේවය කළ 36 හැවිරිදි සේනක බණ්ඩාර අල් ජසීරා පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

යුක්රේන හමුදාවේ ඩ්‍රෝන ප්‍රහාරයකින් නිපුණ මියගිය බවත් ප්‍රහාරයෙන් නිපුණගේ පපුවට, අත් වලට සහ පාද වලට තුවාල වී අධික ලෙස රුධිරය වහනය වූ බවත් තමන් නිපුණව කර තබාගෙන පැමිණෙද්දී තවදුරටත් එල්ලවූ ප්‍රහාර හමුවේ ඔහුව දමා ඒමට සිදු වූ බවත් සේනක බණ්ඩාර ප්‍රකාශ කර ඇත.