Foreign news (Sinhala)

ඉදිරි පැය 36 තුළ ඉන්දියාවෙන් ප්‍රහාරයක්.. පාකිස්තානය හෙළිකරයි.!

ඉදිරි පැය 36 තුළ ඉන්දියාවෙන් ප්‍රහාරයක්.. පාකිස්තානය හෙළිකරයි.!

ඉන්දියාව විසින් ඉදිරි පැය 24 සිට 36 දක්වා කාලය තුළ හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට අදහස් කරන බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු ලැබී ඇති බවට පාකිස්තානයේ තොරතුරු අමාත්‍ය අතාවුල්ලාගේ X ගිණුමේ සටහනක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවෙන් සිදුවන එවැනි ඕනෑම මිලිටරි වික්‍රමාන්විතයකට නිසැකවම සහ තීරණාත්මකව ප්‍රතිචාර දක්වන බවත් ඕනෑම වියදමක් දරා පාකිස්තානයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට ජාතිය සිය අධිෂ්ඨානය නැවත අවධාරණය කරන බව අමාත්‍යවරයා පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික මතභේද අවි ගැටුමක් දක්වා තීව්‍ර වී ඇත.

ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක්.!

ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක්.!

ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රදේශ රැසක විදුලිය බිදවැටීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර විදුලිබල පද්ධතියේ ගැටළුවක් විදුලිය ඇනහිටීමට හේතුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදුලිය විසන්ධි වීම හේතුවෙන්, දෙරටේම දුම්රිය අවලංගු කිරීම්, ගුවන් තොටුපොළවල ප්‍රමාදයන් සහ මාර්ග සංඥා ක්‍රියා විරහිත වීම් සිදුව ඇති අතර විදුලි සැපයුම යථාවත් කිරීමට තවත් පැය කිහිපයක් ගත විය හැකි බව ස්පාඤ්ඤය සඳහන් කරයි.

කෙසේ වෙතත් පෘතුගාලයේ විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා සතියක් පමණ කාලයක් ගතවනු ඇති බව එරට ප්‍රමුඛ බලශක්ති සමාගමක් වන රෙන් සඳහන් කරයි.

Youtube නාලිකා 16ක් හදිසියේම තහනම් කරයි.!

Youtube නාලිකා 16ක් හදිසියේම තහනම් කරයි.!

අද (28) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිලියන 63කට අධික පරිශීලකයින්ගෙන් යුත් පාකිස්තාන යූ ටියුබ් නාලිකා 16ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් පියවර ගෙන ඇත.

කාශ්මීරයේ ප්‍රහාරයෙන් පසුව ප්‍රකෝපකාරී හා වාර්ගික අර්බුද උත්සන්න වන ආකාරයේ ප්‍රකාශ සිදුකරන බවට චෝදනා කරමින් අදාළ නාලිකා තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තහනමට ලක්වූ පාකිස්තාන යූ ටියුබ් නාලිකා අතර ප්‍රවෘත්ති නාලිකා මෙන්ම පාකිස්තාන මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුගේ නාලිකා ඇතුලත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය මිහිදන් කරයි.!

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය මිහිදන් කරයි.!

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) දින මිහිදන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පැය දෙකකට ආසන්න කාලයක් පැවැති අවමංගල දේව මෙහෙය සිදුකෙරුණේ කාර්දිනල්වරුන්ගේ සංසදයේ ප්‍රධානී 91 හැවිරිදි ජියෝවානි බැටිස්ටා රේ කාදිනල් හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ කළ අවසන් ඉල්ලීමට අනුව සිය වසරක සම්ප්‍රදාය වෙනස් කරමින් උන් වහන්සේගේ දේහය මෙලෙස රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාව මිහිදන් කෙරුණි.

සමාජයේ සැලකිල්ලට භාජනය නොවූ මිනිසුන් කෙරෙහි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තුළ වූ අනුකම්පාව පිළිබිඹු කරමින් කම්කරු පන්තියේ ජනතාව වෙසෙන කලාපයක පිහිටි ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාව සිය අවසන් ගිමන් ස්ථානය ලෙස තෝරාගත්තේය.

ඉතාම සරල වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල දිව්‍ය පූජා යාගය සියැසින් දැකගැනීමට ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් ශාන්ත පීතර චතුරස්‍රය වෙත රැස්ව සිටියේය.

දකුණු ඉරානයේ දැවැන්ත පිපිරීමක්.!

දකුණු ඉරානයේ දැවැන්ත පිපිරීමක්.!

දකුණු ඉරානයේ බන්ඩාර් අබ්බාස් හී ෂාහීන් රාජී වරායේ බහාලුම් කිහිපයක දැවැන්ත පිපිරීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම වරාය ප්‍රධාන වශයෙන් තෙල් ටැංකි සහ අනෙකුත් ඛනිජ රසායනික පහසුකම් සපයන වරායක් ලෙසද හැදින්වේ.

සිද්ධියෙන් පුද්ගලයින් 500කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර පිපිරීමේන් වරායට දැඩි ලෙස හානි සිදුව ඇත.

පිපිරීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඉරාන රේගු අධිකාරිය පවසා ඇත්තේ පිපිරීමට හේතුව අනතුරුදායක භාණ්ඩ සහ රසායනකික ද්‍රව්‍ය විය හැකි බවය. 

තවද සිද්ධියෙන් වරයායේ තොටුපොළක කොටසක් දැඩි ලෙස හානි සිදු වී ඇතැයිද පිපිරීමෙන් හටගත් ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

පාකිස්තානයේ ගුවන්තොටුපොළක් හදිසියේම ගිනිගනී.!

පාකිස්තානයේ ගුවන්තොටුපොළක් හදිසියේම ගිනිගනී.!

පාකිස්තානයේ අල්ලාමා ඉක්බාල් ගුවන්තොටුපොළේ හදිසි ගින්නක් හටගෙන ඇති අතර එම ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම හදිසි ගින්න හේතුවෙන් ලාහෝර් හී පිහිටි එම ගුවන් තොටුපොළෙන් ආරම්භ කෙරෙන සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ගුවන් තොටුපොළ බළධාරීන් පියවර ගෙන ඇත.

මෙම ගින්න සම්බන්ධයෙන් ගුවන් තොටුපොළ බළධාරීන් සැක පළ කරන්නේ, පාකිස්තාන හමුදාවට අයත් ගුවන් යානයක් ගොඩබෑමේදි එහි ටයරයක් ගිනි ගෙන ඇති අතර ඒ හේතුවෙන් මෙම ගින්න හට ගෙන ඇති බවයි.

ඉන්දියා – පාකිස්තාන යුද්ධය ඇරඹෙයි.. වෙඩි වරුසාවක්.!

ඉන්දියා – පාකිස්තාන යුද්ධය ඇරඹෙයි.. වෙඩි වරුසාවක්.!

පාකිස්තානය ජම්මු කාශ්මීර් පාලන රේඛාව අසලදී සිදුකළ වෙඩි තැබීම් වලට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව වෙඩි තැබීමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පකිස්තාන හමුදාව විසින් ඉන්දියානු මුරපොලවල් කිහිපයකට එල්ල කරන ලද වෙඩි තැබීම් වලට ප්‍රතිප්‍රහාර එල්ල කළ බව ඉන්දීය හමුදාව සඳහන් කරයි.

ජම්මු කාශ්මීර් පාලන රේඛාව අසලදී සිදුකළ මෙම වෙඩි තැබීම් හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පුද්ගලයින් 26 දෙනෙකුට දිවි අහිමිකරමින් දකුණු කාශ්මීරයේදී සංචාරකයින් පිරිසක් ඉලක්ක කරගනිමින් සිදුකළ වෙඩි තැබීමෙන් පසු මේ වනවිට දෙරට අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇත.

පාකිස්ථානය දැඩි ස්ථාවරයක.. ඉන්දියාවට පූර්ණ යුද බලයෙන් ප්‍රතිචාර දැක්වීමේ තීරණයක් ගනී.!

පාකිස්ථානය දැඩි ස්ථාවරයක.. ඉන්දියාවට පූර්ණ යුද බලයෙන් ප්‍රතිචාර දැක්වීමේ තීරණයක් ගනී.!

අද පාකිස්ථානයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් ඉස්ලාමබාද් හිදී රැස් වූ අවස්ථාවේදි පාකිස්ථානය විසින් ඉන්දියාවට දැඩි ප්‍රතිචාර දැක්වීමට තීරණය කර තිබෙනවා.

මෙම කවුන්සලය අද රැස්වූයේ ඊයේ දකුණු කාශ්මීරයේ පහල් ගම් හිදී සංචාරකයින් පිරිසක් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

එහිදී තීරණය වී ඇත්තේ ඉන්දු ජල ගිවිසුමට අනුව පාකිස්තානයට අයත් ජලය ඉන්දියාව විසින් ගලායාම නැවැත්වීමට හෝ හරවා යැවීමට සහ පහළ ගංගා තීරයේ අයිතිවාසිකම් අත්පත් කර ගැනීමට ගන්නා ඕනෑම උත්සාහයක් “යුද ක්‍රියාවක්” ලෙස සලකනු ලබන අතර ජාතික බලයේ සම්පූර්ණ වර්ණාවලිය හරහා පූර්ණ බලයෙන් ප්‍රතිචාර දක්වන බවයි.

එමෙන්ම සික් ආගමික වන්දනාකරුවන් හැර, සාර්ක් වීසා නිදහස් කිරීමේ යෝජනා ක්‍රමය යටතේ පාකිස්තානයේ සිටින ඉන්දියානු ජාතිකයින්ට රටින් පිටවීමට පැය 48 ක කාලයක් දී තිබෙනවා.

ඉන්දියාවට අයත් හෝ ඉන්දියාවෙන් ක්‍රියාත්මක වන සියලුම ගුවන් සමාගම් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පාකිස්තානයේ ගුවන් සීමාව වසා දම-ඇති බවයි වාර්තා වන්නේ.

පාකිස්තානය හරහා ඕනෑම තෙවන රටකට සහ ඉන් පිටතට ඉන්දියාව සමඟ සියලු වෙළඳාම වහාම අත්හිටුවා තිබෙනවා.

මෙම ත්‍රස්ත්‍ර ප්‍රහාරයේ වගකීම, පාකිස්ථානය පදනම් කරගත් ලෂ්කර් ඊනායිබා සංවිධානයට සහය දක්වන ප්‍රතිරෝධක පෙරමුණ හෙවත් ටී.ආර්.එෆ් සංවිධානය භාරගෙන නිබුණා.

මෙවන් පසුබිමක ඉන්දියාවේ රැඳී සිටින සියළු පාකිස්තාන ජාතිකයන්ට පැය 48 ක් ඇතුළත සිය රටින් පිටව යන ලෙසයි ඉන්දීය රජය මීට පෙර නියෝගකර තිබුනි.

දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම් සංචාරක ප්‍රදේශය ඉලක්ක කර එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකුට දිවි අහිමි වුණා

ප්‍රහාරයෙන් මියගිය පිරිස් අතර ඉන්දියානුවන් 25 දෙනෙකු සහ එක් නේපාල පුරවැසියෙකු අයත් බවද සඳහන්.

ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිදු කණ්ඩයාමක් භාරගෙන නොමැති අතර ඉස්ලාමීය බෙදුම්වාදීන් විසින් මෙම ප්‍රහාරය දියත්කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම 2008 වසරේ මුම්බායි නගරයට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව එරට තුළ සිවිල් වැසියන් ඉලක්ක කර දියත් වූ දරුණුතම ප්‍රහාරයද මෙය වන බවයි පැවසෙන්නේ.

ඉන්දියාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල කමිටුව ඊයේ හදිසියේම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අවධානය යොමු

කරමින් ජාතික ආරක්ෂාව පිළිබඳ කැබිනට් කමිටු තීරණ අනුව ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින රාජ්‍ය සබඳතා පහළ දැමීමට ද පියවර ගෙන තිබෙනවා

ඒ අනුව සාර්ක් නිදහස් වීසා බලපත්‍ර ක්‍රමවේදය හරහා පාකිස්ථාන ජාතිකයින්ට ඉන්දියාවට වීසා පහසුකම් ලබාදීම අත්හිටුවා තිබෙනවා.

එමෙන්ම මෙම වීසා බලපත්‍ර යටතේ ඉන්දියාවේ සිටින සෑම පාකිස්තාන පුරවැසියෙක්ම පැය 48ක් ඇතුළත ඉන්දියාවෙන් පිටව යා යුතු බවයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ.

එමෙන්ම ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින වගා දේශසීමාව සම්පූර්ණයෙන් වසා දැමීමටද නියමිතයි

එමෙන්ම නවදිල්ලියේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක, හමුදා, නාවික සහ ගුවන් උපදේශකයින් නීත්‍යානුකූල නොවන පුද්ගලයින් ලෙසද ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් සියලු දෙනා ඉන්දියාවෙන් පිටත්විය යුතු අතර පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සිටින ආරක්ෂක, හමුදා, නාවික සහ ගුවන් උපදේශකයින් ද ඉන්දියාව වෙත ගෙන්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

මෙටා සහ ඇපල් නීති කඩයි.. උපරිම දඬුවම්.!

මෙටා සහ ඇපල් නීති කඩයි.. උපරිම දඬුවම්.!

ඩිජිටල් වෙළෙඳපොළ පනතේ නීති කඩකළ බවට චෝදනා කරමින් ඇපල් සමාගමට සහ ෆේස්බුක් මව් සමාගම වන මෙටා සමාගමට යුරෝපා සංගමය විසින් දඩයක් පනවා ඇත.

ඒ අනුව වසරක පමණ කාලයක් සිදුකළ විමර්ශනයකින් පසුව ඇපල් සමාගමට ඩොලර් මිලියන 570ක් සහ මෙටා සමාගමට ඩොලර් මිලියන 228ක් වශයෙන් දඩය පනවා ඇත.

සියලුම පාකිස්තානුවන් වහාම රටින් පිටවෙන්න.. ඉන්දියාව පැය 48ක් කල් දෙයි.!

සියලුම පාකිස්තානුවන් වහාම රටින් පිටවෙන්න.. ඉන්දියාව පැය 48ක් කල් දෙයි.!

දකුණු කාශ්මීරයේ පහල්ගම්හිදී සංචාරකයින් පිරිසක් ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමට ප්‍රතිචාර දක්වමින්, ඉන්දියාවේ රැඳී සිටින සියළුම පාකිස්තාන ජාතිකයන්ට පැය 48ක් ඇතුළත සිය රටින් පිටව යන ලෙස ඉන්දීය රජය නියෝග කර ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් (23) දින රැස්වූ ජාතික ආරක්ෂාව පිළිබඳ කැබිනට් කමිටු සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.

ඉන්දියාව දැනටමත් පාකිස්තානය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පහත හෙළා ඇති අතර දිල්ලියේ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ආරක්ෂක හමුදා නිලධාරීන්ට ඉන්දියාවෙන් ඉවත්වීමට සතියක කාලයක් ලබාදී ඇත.

ඒ අනුව සාර්ක් නිදහස් වීසා බලපත්‍ර යටතේ පාකිස්තාන ජාතිකයින්ට ඉන්දියාවට පැමිණීම තහනම් කර ඇති අතර එම වීසා බලපත්‍ර යටතේ සිටින සෑම පාකිස්තාන ජාතිකයෙකුම පැය 48ක් ඇතුළත ඉන්දියාවෙන් පිටව යන ලෙස උපදෙස් ලබාදී ඇත.