Local news (Sinhala)

මිලියන 37ක කට සෝදන දියර බ්ලැක් ලිස්ට්.. වහාම පරීක්ෂණ අරඹයි.!

මිලියන 37ක කට සෝදන දියර බ්ලැක් ලිස්ට්.. වහාම පරීක්ෂණ අරඹයි.!

ක්ලොර්හෙක්සීඩින් (chlorhexidine) නමැති මුඛ පිරිසිදු කිරීමට යොදා ගන්නා විසබීජ නාශක දියර බෝතල් 270,000ක් අසාදු ලේඛන ගත කළ සමාගමකින් මිලදී ගැනීමට අනුමැතිය ලබාදී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

රුපියල් මිලියන 37ක් වටිනා මෙම ටෙන්ඩරය අදාළ අසාදු ලේඛනගත සමාගමට ලබාදී ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව කළ හෙළිදරව්වට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ උපදෙස් මත මෙම පරීක්ෂණය කරන බව අමාත්‍යාංශය සදහන් කරයි.

මෙකී සමාගම ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වී නැතැයි ද රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ටෙන්ඩර් කමිටුව ඒ කොන්ත්‍රාත්තුව ලබාදීමට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ද පැමිණිලි කිරීමට විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ඇතුළු සිවිල් සංවිධාන කටයුතු කර ඇත.

අඩුවෙන් ගෙවා වැඩි මිලට විකුණන හාල් ජාවාරමක් හෙළිවෙයි.!

අඩුවෙන් ගෙවා වැඩි මිලට විකුණන හාල් ජාවාරමක් හෙළිවෙයි.!

රජය විසින් පෞද්ගලික අංශයට ලබාදුන් හාල් ආනයන අවසරයට මුවා වී අඩු තීරු ගාස්තු යටතේ හාල් ගෙන්වා වැඩි මිලට අලෙවි කිරීම පිළිබඳ පරීක්ෂණයන් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න සදහන් කරයි.

හාල් ආනයන ජාවාරමක් පිළිබඳව රේගුව මගින් හෙළි කර ගැනීමත් සමග මෙම පරීක්ෂණය කිරීමට පියවර ගත් බවද කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න සදහන් කරයි.

බාස්මතී හාල්වලට සමාන ආනයනය කරන ලද දිගටි හාල් වර්ගයක් බාස්මතී බව හඟවමින් පාරිභෝගිකයා නොමඟ යවමින් වැඩි මිලකට වෙළෙඳපොළේ අලෙවි කෙරෙන ජාවාරමක් පිළිබඳව රේගුව මගින් හෙළිදරව් කරගෙන ඇතැයි ද ඇමැතිවරයා සදහන් කරයි.

මෙම ජාවාරම දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක වන බවට රේගුවට තොරතුරු ලැබීමත් සමඟ පසුගියදා රජයෙන් ලබාදුන් හාල් ආනයන අවසරය යටතේ අඩු තීරු බදු යටතේ මෙම ව්‍යාජ බාස්මතී හාල් ගෙන්වා ඇතැයි ද රේගුවෙන් අනාවරණය කරගෙන ඇත.

බාස්මතී හාල්වලට සමාන දිගටි හාල් වර්ගයක් ගෙන්වා බාස්මතී නමින් අලෙවි කරන බවට ලද තොරතුරු මත පාරිභෝගික අධිකාරිය ද විමර්ශනයක් කිරීමට සැරසෙන අතර මෙම පරීක්ෂණය සදහා හාල් සාම්පල් බතලගොඩ හාල් සහ වී පර්යේෂණාගාරය වෙත යවා ඇතැයි ද අනාවරණය වේ.

ජනපති අනුර චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සමඟින් පිළිගනී!

ජනපති අනුර චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සමඟින් පිළිගනී!

ජනපතිවරයාගේ දෙවන නිළ සංචාරය ලෙස චීන රාජ්‍ය සංචාරයට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25 පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය.

ජනාතිවරයා චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව එරට සචාරයක් සඳහා එක්වීය.

එහිදී චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් මහතා විසින් චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව ජනාධිපතිවරයා පිළිගන්නා ලදී.

සියල්ල ඩිජිටල් කරයි.. නව හැඳුනුම්පත අද හෙටම.!

සියල්ල ඩිජිටල් කරයි.. නව හැඳුනුම්පත අද හෙටම.!

අලුත්ම ඩිජිටල් හැඳුනුම්පත මෙම ජනවාරි මාසයේ සිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සදහන් කරයි.

අලුතින් ලබාදෙන සියලුම හැඳුනුම්පත් ඩිජිටල් කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වනවිටත් හැඳුනුම්පත් ලබාගැනීමේ විශාල පරක්කුවක් පවතින බැවින් එය අවම කිරීමට මේ තුළින් කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

මෙම ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිය සකස් කිරීමට රුපියල් බිලියන 20ක් වැනි පිරිවැයක් දැරීමට සිදුවන බැවින් ඉන් අඩක් හෝ ඉන්දීය ආධාර යටතේ ලබාගැනීමට තීරණය කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

අද (14) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මේ බව සදහන් කරයි.

සුපර් ස්ටාර් සුපිරි තරුව අජිත්ට ප්‍රහාරයක්.. රෝහල්ගත කරයි.!

සුපර් ස්ටාර් සුපිරි තරුව අජිත්ට ප්‍රහාරයක්.. රෝහල්ගත කරයි.!

සිරස සුපර් ස්ටාර් සුපිරි ගායන තරුවක් වන අජිත් බණ්ඩාර 20 හැවිරිදි තරුණයකුගේ පිහි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ කිරිවවුල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවෙසේදී මෙම පිහි ප්‍රහාරයට ගොදුරුව ඇති අතර ඔහුගේ නිවස අසල පදිංචි තරුණයෙකු එම ප්‍රහාරය එල්ල කර ඇත.

මෙම ප්‍රහාරයෙන් අජිත් බණ්ඩාරගේ අතකට තුවාල සිදුව ඇති අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ඔහුට සැත්කමක් කර ප්‍රතිකාර ලබාදී තිබෙන අතර තුවාලය එතරම් බරපතළ නොවන බව වාර්තා වේ.

කුරුණෑගල විදේශ රැකියා ඒජන්සියක හිමිකරුවකුගේ පුතකු වන සැකකාර තරුණයා අජිත්ට පිහියකින් පහරදී ඔහුගේ නිවසේ ජනෙල් වීදුරු රැසකට ද පහරදී අලාභ හානි කර ඇති බව පොලීසිය සදහන් කරයි.

එම සැකකාර තරුණයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවකු බව අනාවරණය වී තිබෙන අතර සැකපිට අත්අඩංගුවට ගත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

ගම්මන්පිලගේ අමුතු කැක්කුම.. පැත්ත මාරු කරයි.!

ගම්මන්පිලගේ අමුතු කැක්කුම.. පැත්ත මාරු කරයි.!

ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයේ නිල සංචාරයේදී අත්සන් කිරීමට බලාපොරොත්තු වන ගිවිසුම් ශ්‍රී ලංකාවටම පලදායී ඒවා බව පිවිතුරු හෙළ උරුමය නායක, නීතිඥ උදය ගම්මන්පිල සදහන් කරයි.

තාක්ෂණය, යටිතල පහසුකම්, විදුලි බලාගාර ආදිය පිළිබඳව ඇති එම ගිවිසුම්වලින් රටට කිසිදු හානියක් නොවන බව පැහැදිලි යැයිද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සදහන් කරයි.

ඉන්දියාව හා ගිවිසුම් ගතවීම්වල ඉන්දියානු රුපියල් ශ්‍රී ලංකාවේ භාවිතය, විදුලි රැහැන් එළීමට ඇති ව්‍යාපෘති ගැනද තමන්ගේ කිසිදු විරෝධයක් නොමැති බවද උදය ගම්මන්පිල සදහන් කරයි.

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නළයක් එළීමේ වරදක් නොවන නමුත් එය ඉන්දියාවෙන් තෙල් එන නළයක් නොවිය යුතු බවත් ඩුබායි සිට ඉන්දියාවට තෙල් එන නළයේ දිගුවක් වන්නේ නම් පමණක් එය සාර්ථක ව්‍යාපෘතියක් වනු ඇති බවද සදහන් කරයි.

ජනාධිපතිවරයාගේ චීනයේ සිදු කරන ප්‍රථම නිල චාරිකාව පිළිබඳ පිවිතුරු හෙළ උරුමයේ අදහස විමසූ අවස්ථාවේදී හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව සදහන් කරයි.

පොලීසියට මිලියන 90ක ඇමරිකන් බඩු බෙදයි.!

පොලීසියට මිලියන 90ක ඇමරිකන් බඩු බෙදයි.!

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පොලිස් මූලස්ථානයේ පැවති උත්සවයකදී රුපියල් මිලියන 91 කට වැඩි වටිනාකමකින් යුත් තත්ත්වයෙන් උසස් වේග මාපක උපකරණ තොගයක් පොලිස් ස්ථාන වෙත බෙදාදීම සිදුවිය.

අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද ලේසර් තාක්ෂණය භාවිත වන එම වේග මාපක උපකරණ පළමු අදියර ලෙස මීගමුව, කැලණිය, සහ ගම්පහ යන ප්‍රදේශවල මෙන්ම බස්නාහිර පළාතේ දකුණු රථවාහන අංශයේ ප්‍රාදේශීය නිළධාරීන් වෙත බෙදා දී තිබේ.

2024 වසරේදී මෙරට තුළ රථවාහන අනතුරු 24,589ක් අතරින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 2,253ක් වේ.

පොලීසිය පවසන්නේ අධික වේගයෙන් රිය පැදවීමේ සිද්ධීන් 31,182 ක් එම කාලය තුළදී පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර, ඉකුත් වසරේ සිදුවූ රිය අනතුරුවලින් අනතුරු 731 ක්ම සිදුව ඇත්තේ අධික වේගය නිසා බවයි.

සජබ ඇතුළු සියලුම පක්ෂ “අලියා” ලකුණින් එකම ගමනක.. රනිල් හෙළි කරයි.!

සජබ ඇතුළු සියලුම පක්ෂ “අලියා” ලකුණින් එකම ගමනක.. රනිල් හෙළි කරයි.!

සමගි ජන බලවේගය ඇතුළුව කැමැත්ත දක්වන විපක්ෂයේ සියලු පක්ෂ සමඟ එක්ව ඉදිරියේදී තරගයට පැමිණේනේ එක්සත් ජාතික පෙරමුණ යටතේ “අලියා” ලකුණින් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

ඕනෑම පක්ෂයකට එතැනට පැමිණිය හැකි බවත් ඒ ඒ නායකත්වයන් යටතේ ඔවුනට එක්සත් ජාතික පෙරමුණ සමඟ එක්විය හැකි බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසට විරුද්ධව දෝෂාභියෝගය ගෙනා 1991 වසරේදී එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීමට ගිය අවස්ථාවේ ප්‍රේමදාස ආරක්ෂා කිරීමට තමන් ඉදිරිපත් වූ බව හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

එහිදී තමන් සමඟ හිටියේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළගේ සොහොයුරා වන ගාමිණී අතුකෝරාළ පමණක් බවත් එම වගකීම තලතා අතුකෝරල අද භාරගෙන ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

අද එතුමිය සමඟ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, හිටපු ඇමැති රාජිත සේනාරත්න සහ සාගල රත්නායක අලි ඇල්ලීමේ වත්මන් මෙහෙයුම දියත් කර ඇතැයිද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

කඩුවෙල ආසනයේ සමඟි ජන බලවේගයේ පළාත් පාලන නියෝජිතයන් සමඟ කොළඹ මල්පාරේ පිහිටි එජාප කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කරයි.

අතින් ගෙවා උඩින් ගිය ගුවන් මේනියා ගැන තවත් අනාවරණයක්.!

අතින් ගෙවා උඩින් ගිය ගුවන් මේනියා ගැන තවත් අනාවරණයක්.!

තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත (RTI) යටතේ කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ගුවන් හමුදාව විසින් ලබාදී ඇති තොරතුරු වල දැක්වෙනේ 2024 වසරේ පැවති මැතිවරණ ව්‍යාපාරයේදී ජනාධිපති අපේක්ෂකයන්ට ගුවන් ප්‍රවාහන සේවා සැපයීමෙන් රුපියල් මිලියන 56කට වඩා ආදායමක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව උපයාගෙන ඇති බවයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ගුවන් ගමන් 23ක් සඳහා රුපියල් මිලියන 29.09ක්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ගුවන් ගමන් 11ක් සඳහා රුපියල් මිලියන 20.75ක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ගුවන් ගමන් දෙකක් සඳහා රුපියල් මිලියන 1.44ක් වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුදල් අයකරගෙන ඇති අතර ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක වත්මන් ජනපති මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර කිසිදු ගුවන් යානයක් භාවිත කර නොමැත.

ඊට අමතරව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ගුවන් ගමන් දෙකක් සඳහා රුපියල් මිලියන 2.68ක්, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ එක් ගුවන් ගමනක් සඳහා රුපියල් මිලියන 1.24ක් සහ හිටපු ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතාගේ ගුවන් ගමනක් සඳහා රුපියල් මිලියන 1.6ක් ගුවන් හමුදාව මගින් අය කරගෙන ඇත.

එම පිරිස් පසුගිය සැප්තැම්බර් 21 වැනිදා පැවති ජනාධිපතිවරණයට අදාළව 2024 අගෝස්තු 15 වැනි දින නාමයෝජනා භාරදීමේ සිට 2024 සැප්තැම්බර් 18 වැනි දින මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වන තෙක් දින 34ක් පුරා විටින් විට මෙම සේවාව ලබගෙන ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ, මැතිවරණ කාලය තුළ ගුවන් ප්‍රවාහනයට ඉන්ධන ලීටර් 42,000ක් සඳහා රුපියල් මිලියන 9ක් වියදම් කළ බවයි.

විදෙස් ගමන් බලපත්‍ර වැඩි කරයි.!

විදෙස් ගමන් බලපත්‍ර වැඩි කරයි.!

විදෙස් ගමන් බලපත්‍ර 2,500 බැගින් දිනකට නිකුත් කිරිමට පියවර ගෙන ඇති බවත් මීට පෙර දිනකට ගමන් බලපත්‍ර 1,200 නිකුත් කළ බවද මහජන ආරක්ෂක ආමාත්‍යාංශය සදහන් කරයි.

කිසියම් කෙනෙකුට හදිසියේ විදේශගත වීමට අවශ්‍යනම් ඒ සදහා ගමන් බලපත්‍ර ලබා ගැනීමට වෙනම කවුළුවක් විවෘත කර ඇති බව අමාත්‍ය ආන්නද විජේපාල සදහන් කරයි.

අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ, එම කවුළුවට ඉදිරිපත් කරන අයැදුම්පත් කමිටුවක් මගින් සලකා බලා හැකි ඉක්මණින් ගමන් බලපත්‍ර ලබාදීමට පියවර ගන්නා බවයි.