Local news (Sinhala)

පොහොට්ටුව අලුත්ම සෙල්ලමක.. ලකුණේ වෙනසක්.?

පොහොට්ටුව අලුත්ම සෙල්ලමක.. ලකුණේ වෙනසක්.?

එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමට පමණක් නව සන්ධාන බිහිකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සදහන් කරයි.

එළඹෙන මහ මැතිවරණයට පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවත් අවශ්‍ය වුවහොත් ජයග්‍රහණය වෙනුවෙන් ලකුණේ වෙනසක් කළ හැකි බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් සදහන් කරයි.

පරණ කණ්ඩායම සහ අලුත් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සිටින බවත් මහ මැතිවරණ අපේක්ෂකයින් කැපවී වැඩ කළහොත් ඉදිරියේදී කිසිදු ප්‍රශ්නයක් නොවන බවත් ඔවුන් මහන්සි විය යුතු බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරයි.

මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයින් සඳහා වන සම්මුඛ පරීක්ෂණ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී ඊයේ (05) දින පැවැත් වුණි.

මහ මැතිවරණයේදී රනිල් පෙරමුණ ගනී.!

මහ මැතිවරණයේදී රනිල් පෙරමුණ ගනී.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සදහන් කරයි.

විපක්ෂයේ සිටින දේශපාලන පක්ෂ එක්වී නව සන්ධානයක් බිහිකර ගැනීමේ අරමුණින් විවිධ සාකච්ඡා පවත්වමින් ඇති අතර මහ මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය මේ වනවිට ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට තීරණය කර ඇත.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ කොන්දේසි හේතුවෙන් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්වී තරග කිරීමට සිදුකළ සාකච්ඡා සියල්ල මේ වනවිට බිඳවැටී ඇත.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්.!

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්.!

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 03ට අමතරව වෙනත් ප්‍රශ්න පිටවී ඇති බවට සාක්ෂි පවතින්නේ නම් ඒ පිළිබඳ තොරතුරු ළඟම පොලිස් ස්ථානය වෙත ලබාදෙන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.

එළඹෙන (07) වන දිනට පෙර අදාළ තොරතුරු ළඟම පොලිස් ස්ථානය වෙත භාරදෙන ලෙස හෝ ඊට පෙර දිවයිනේ පිහිටි පොලිස් කොට්ඨාස වල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයන් වෙත ගොස් පැමිණිලි ඉදිරිපත් කල හැකි බව පොලීසිය සදහන් කරයි.

කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් එම පැමිණිලි සටහන් කොට අදාල විර්මශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කරන බවද පොලීසිය සදහන් කරයි.

සාක්ෂි ලෙස ඕනෑම උපකරණයක් හෝ ලේඛණයක් ඉදිරිපත් කල හැකි අතර තමා ඒ පිළිබඳ දන්නා ඕනෑම තොරතුරක් ලබාදීමට හැකි බවත් කොට්ඨාස භාර නිලධාරී කාර්යාලය වෙත යාමට යම් අපහසුතාවයක් ඇති පුද්ගලයෙකු සිටී නම් ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිලි හෝ තොරතුරු ඉදිරිපත් කරන ලෙසද පොලිසිය මහජනතාව වෙත දන්වා සිටියි.

මෙරට දුම්රිය සේවයට ඉන්දියාවෙන් ඩීසල් දුම්රිය එන්ජින් 22ක් තෑගි කරයි.!

මෙරට දුම්රිය සේවයට ඉන්දියාවෙන් ඩීසල් දුම්රිය එන්ජින් 22ක් තෑගි කරයි.!

දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතාගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකා දුම්රිය සේවයට ඩීසල් දුම්රිය එන්ජින් 22ක් තෑගි කිරීමට ඉන්දියාව තීරණය කර ඇති බවයි.

එමෙන්ම අමෙරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානයක් මගින් මෙරට කන්කසන්තුරේ වරාය නවීකරණය කිරීම සඳහාද ඉන්දියානු රජය ඉදිරිපත් වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ආගමේ නමින් තමාට නැඟූ අවලාද සිනහවකින් බැහැර කළ ජනපති සංඝරත්නය ඉදිරියේ කියූ කතාව.! [Video]

ආගමේ නමින් තමාට නැඟූ අවලාද සිනහවකින් බැහැර කළ ජනපති සංඝරත්නය ඉදිරියේ කියූ කතාව.! [Video]

අද (05) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතිපූජ්‍ය මකුලෑවේ විමලනායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

එහිදී සංඝයා වහන්සේ සමඟ කෙටි පිළිසඳරක යෙදුනු ජනපතිවරයා ඉදිරි මහ මැතිවරණයෙන් පසු රටේ ජනතාවාදී ව්‍යවස්ථාවක් සකස්කිරීමේ අවශ්‍යතාවයද සිහිපත් කළේය.

මෙහිදී මහා සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ තානාපතිවරුන් සහ ආණ්ඩුකාරවරුන් පත් කිරීමේදී උගත්, බුද්ධිමත් ගැළපෙන පිරිසක් පත් කිරීමට කටයුතු කරනා ලෙසත් දේශපාලනය පිළිබඳ නොසිතා වගකීම් සහිතව කටයුතු කරනා පුද්ගලයන් පත් කරනා ලෙසත්ය.

එමෙන්ම පසුගිය ජනාධිපතිවරණ සමයේ වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව ආගම මුල් කරගනිමින් අවලාද නැඟීමට ඇතැම් කණ්ඩායම් සංවිධානාත්මකව ක්‍රියා කළ ආකාරය සිහිපත් කළ මහා සංඝරත්නය එම ප්‍රකාශ සාවද්‍ය බව මේ වන විටත් තහවුරු වී ඇති බවද පැවසීය.

එම වීඩියෝව,

මහින්දගේ කාල්ටන් නිවසේ විදුලිය කපයි.!

මහින්දගේ කාල්ටන් නිවසේ විදුලිය කපයි.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද (05) දින දහවල් විදුලි බල මණ්ඩලයේ සේවකයින් විසින් ඉවත් කර ඇත.

මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ ලබාදී තිබූ පහසුකම් ඉවත් කිරීමට නව ආණ්ඩුව ගත් තීරණය යටතේ වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ විදුලි රැහැන් දෙකක් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ කාල්ටන් වත්තට තෙකලා විදුලි රැහැන් 03ක් ඇද තිබූ අතර ඉන් දෙකක් ඉවත් කිරීමට විදුලි බල මණ්ඩලයේ සේවකයින් කටයුතු කර ඇත.

RMV නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු 03ක් අත්අඩංගුවට.!

RMV නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු 03ක් අත්අඩංගුවට.!

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර කිරීමට අද (05) කටයුතු කළේය.

ඒ බස් රථ 03ක පරම අයිතිය හිමිකරු වෙත පවරාදීම සඳහා රුපියල් ලක්ෂ 02ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනාවක් මතයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ බස්රථ පැවරුම් අංශයේ නියෝජ්‍ය කොමසාරිස්, එහි විෂය ලිපිකරුවෙකු සහ තැරැව්කරුවෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

අදාල පිරිස විසින් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදල අවස්ථා දෙකකදී ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවෙන් සඳහන් වෙයි.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ සැකකරුවන් ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

නිශ්ශංක සේනාධිපති ගිනි අවි 09ක් පරිහරනය කරලා.!

නිශ්ශංක සේනාධිපති ගිනි අවි 09ක් පරිහරනය කරලා.!

ඇවන්ගාඩ් ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට පසුගිය රජය විසින් පුද්ගලික පරිහරනය සඳහා බලපත්‍ර සහිතව ගිනි අවි 07ක් ලබාදී ඇති බව වාර්තා වෙයි.

සේනාධිපති මහතා සතුව තිබූ ගිනි අවි මාදිලි පහත දැක්වේ.

1. AHBT 229 9mm Glock 19
2. 07698 9mm Ruger AZ USA 322
3. AHBT 225 9mm Glock 19
4. G 388417 9mm CZ P 10-c
5. AGRU 058 9mm Glock 19
6. F269104 9mm CZ P10-c
7. A 6879979mm CZ 85
8. 24SLG2-0164 12 Bore Repeater
9. 24 SLG2-0165 12 Bore Repeater

සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂවරුන්ට වහාම ඉවත් වෙන්න කියයි.!

සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂවරුන්ට වහාම ඉවත් වෙන්න කියයි.!

රජයේ සංස්ථා මණ්ඩල රැසක සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් පිරිසක් ඉවත්ව ‌ගොස් ඇතත් තවත් සමහර ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් රැඳී සිටින බව වාර්තා වේ.

ඒ අනුව සංස්ථා මණ්ඩලවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් වහාම ඉවත් වන ‌ලෙසට රජය දැනුම්දී ඇති බව වාර්තා වේ.

තවද අමාත්‍යංශ යටතේ පවතින ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් තාවකාලිකව අත්හිටුවන ‌ලෙසට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි විසින් එම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

පියුමි හංසමාලිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි.!

පියුමි හංසමාලිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි.!

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි විසින් උපයාගත් යැයි පැවසෙන නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනය සඳහා නැවත වරක් ඇය නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ඊයේ (04) කැඳවා තිබුනි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතුව තිතී අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිට අයත් BMW වර්ගයේ මෝටර් රථය මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය හා ඇය විසින් අලෙවි කරනු ලබන සම පැහැපත් කරන ආලේපනවලින් ප්‍රශ්න සහගත ලෙස අධික මුදලක් උපයාගැනීම සම්බන්ධයෙන් නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මීට මාස කිහිපයකට පෙර විමර්ශනයක් ආරම්භ කළේය.

කෙසේවෙතත් ඊයේ (04) කැඳවීමෙන් අනතුරුව ඇයගෙන් පැය 9කට ආසන්න කාලයක් ප්‍රශ්න කළ බව වාර්තා වෙයි.