Local news (Sinhala)

රනිල්ගේ වේදිකාවේ කෑ ගැසූ රාජිකා දිලිත් ලගට පනී.!

රනිල්ගේ වේදිකාවේ කෑ ගැසූ රාජිකා දිලිත් ලගට පනී.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාජිකා වික‍්‍රමසිංහ ව්‍යවසායක දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග එක්වී ඇත.

ඒ අනුව හිටපු මන්ත්‍රීනි රාජකා වික්‍රමසිංහ මව්බිම ජනතා පක්ෂයේ කෑගලු දිස්ත්‍රික්ක සහ දැදිගම සංවිධායකවරිය ලෙසට නායක දිලිත් ජයවීර විසින් පත්කර ඇත.

හිටපු මන්ත්‍රීනි රාජකා වික්‍රමසිංහ පසුගිය ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණ පක්ෂය අතහැර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබාදීමට එක්විය.

අයියෝ සිරිසේන… තාත්තා එපා කියා පුතා පනී.!

අයියෝ සිරිසේන… තාත්තා එපා කියා පුතා පනී.!

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන ව්‍යවසායක දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුතු “මව්බිම ජනතා පක්ෂය” සමග කොළඹ පක්ෂ මූලස්ථානයේදී අද (03) දින එක්විය.

ඒ අනුව දිලිත් ජයවීර විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පුත්‍ දහම් සිරිසේන පොළොන්නරු දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂ සංවිධායකවරයා ලෙස පත් කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව ආසනයේ තරුණ බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

කතානායකගේ සමුගැනීමට පාර්ලිමේන්තුවේ සාදයක්.!

කතානායකගේ සමුගැනීමට පාර්ලිමේන්තුවේ සාදයක්.!

පාර්ලිමේන්තු කතානායක මහින්ද යාපා අබේවර්ධන සිය ධුරයෙන් සමුගැනීම හේතුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සාදයක් පැවැත්වීමට මේ වනවිට සූදානම් කරමින් පවතින බව වාර්තා වේ.

එම සාදය පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී එළඹෙන (09) වැනිදා පැවැත්වීමට සංවිධානය කරමින් ඇති අතර පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලය සදහා රැස්වීමක් පවත්වා ඔවුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මීට පෙර වසරවලදී කිසිදු කතානායකවරයකු වෙනුවෙන් මෙවැනි උත්සවයක් පවත්වා නැති අතර පාර්ලිමේන්තුවේ ප්‍රධානීන්ගේ යෝජනාවක් ලෙස මෙය සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

මහින්ද යාපා සමුගැනීම සනිටුහන් කරයි.!

මහින්ද යාපා සමුගැනීම සනිටුහන් කරයි.!

හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (02) ප්‍රධාන පුවත් පතකට ප්‍රකාශයක් ලබාදෙමින් කියා සිටියේ මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග නොකරන බවත් දේශපාලනයෙන් සමුගන්නා බවත් ය.

මෙරට දේශපාලනය පිළිබඳව තමාට ඇති දැඩි කලකිරීම හේතුවෙන් එම තීරණය ගත් බවද ඔහු පවසයි.

තමා මේ වනවිට වසර 43ක් දේශපාලනයේ නිරතව සිටිනා බවත් දේශපාලනයෙන් විශ්‍රාම ලබා ඉදිරි ජීවිතය ගතකිරීමට බලාපොරොත්තු වන් බවත් හෙතෙම පවසයි.

ඔහු පවසන්නේ මේ වනතෙක් තමා කිසිම මැතිවරණයකින් පරාජයට පත්වීද නොමැති බවයි.

ලක්ෂ 144ක අයිස් තොගයක් අල්ලයි.!

ලක්ෂ 144ක අයිස් තොගයක් අල්ලයි.!

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් මත වැලිපැන්න පොලීසිය මගින් සිදු කළ වැටලීමකදී අහුංගල්ලේ සංජීවගේ ගෝලයෙකු විසින් ඇසුරුම් කරමින් සිටි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පවසන්නේ වැලිපැන්න ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ අදාළ සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්  900කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් එක්කෝටි 44 ලක්ෂයකට අධික බව පැවසේ.

වැලිපැන්න වළගෙදර ප්‍රදේශයේ පදිංචි ලංකා විදුලි බල මණ්ඩලයට අනුයුක්තව මනු කියවන්නෙකු ලෙස සේවය කළ 29 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් මෙලෙස අත් අත්අඩංගුවට පත්වී ඇත.

පුංචි ඡන්දය පැවැත්වීම ගැන කොමිසමෙන් නිවේදනයක්.!

පුංචි ඡන්දය පැවැත්වීම ගැන කොමිසමෙන් නිවේදනයක්.!

මැතිවරණ කොමිෂන් සභාව විසින් 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නිවේදනයක් නිකුත් කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, ආර්. එම්. ඒ. එල්. රත්නායකගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත.

“2023 පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමට අදාළව ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් අයදුම්පත් සම්බන්ධයෙන් 2024.08.22 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිසි ගෞරවයෙන් යුතුව සැලකිල්ලට ගන්නා ලදී.

එසේම 2024 ජුලි මස (26) වන දින ප්‍රකාශයට පත් කරන ලද අති විශෙෂ ගැසට් නිවේදනය අනුව 2024 සැප්තැම්බර් මස (21) වන දින ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු ඒ වන විටත් සිදු කෙරෙමින් පැවතීම හේතුවෙන් ජනාධිපතිවරණ ඡන්ද වීමසීම අවසන් වූ වහාම පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම පැවැත්වීමට කොමිෂන් සභාව අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදී.

මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024.08.28 දිනැතිව මාධ්‍ය නිවේදන අංක LAE/2023/57 නිකුත් කොට ඇත.

තවද, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු සංවිධානය කිරීම පිළිබඳව දිස්ත්‍රික් නියෝජ්‍ය/ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සමඟ හා රජයේ මුද්‍රණාලය ඇතුළු සෙසු රාජ්‍ය ආයතන සමඟ ද සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ සඳහා අවම වශයෙන් දින (30- 35) ක් අතර දක්වා වූ කාලයක් අවශ්‍ය වන බැව් නිරීක්ෂණය කරන ලදී.

2024.09.21 දින පැවති ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද වීමසීමෙන් තේරීපත් වූ ජනාධිපතිවරයා විසින් 2024.09.24 වන දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හා පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දින නියම කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරන ලදී.

එබැවින් රටේ ව්‍යවස්ථාදායකයට නියෝජිතයින් තෝරා පත්කර ගැනීමේ කාර්යය සඳහා ප්‍රමුඛත්වය දී ක්‍රියා කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදු වී ඇත. එසේම ජනාධිපතිවරණ ඡන්ද විමසීම් කාල සීමාව තුළදී තීරණය කළ පරිදි පාර්ලිමේන්තු මැතිවරණය අතරතුර එනම් 2024.10.26 දින ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීමට සිදු වී ඇත.

ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සිය කාර්යභාරය මැනවින් වටහාගෙන කටයුතු කරනු ලබන අතර 2024 අගෝස්තු (22) වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයට අනුකූල වෙමින් නීතියෙන් නියම කර ඇති මැතිවරණ පැවැත්වීමේ කාර්ය භාරය සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු අවසන් වූ වහාම කොමිෂන් සභාව විසින් හැකි ඉක්මනින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට දින නියම කිරීමට කටයුතු කරනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ.”

කෙහෙළියට අධිකරණයෙන් දුන් නියෝගය.!

කෙහෙළියට අධිකරණයෙන් දුන් නියෝගය.!

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිට එරෙහිව ගොනුකළ නඩුව විභාගය සඳහා නොවැම්බර් මස (29) වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (03) නියෝග කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සිය පෞද්ගලික ජංගම දුරකථන සඳහා ගෙවිය යුතු රුපියල් 240,000/- කට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීමට කටයුතු කළේය.

එම මුදල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්දට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර ඇත.

රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් සහතිකයක්.!

රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් සහතිකයක්.!

අද (03) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේදී කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටිනා බවයි.

එමෙන්ම ජනතාව වෙනුවෙන් කටයුතු කළ රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල් හිමි වූ සාම්ප්‍රදායික දේශපාලන පලිගැනීම් වලට මින් ඉදිරියේදී මුහුණු දීමට සිදු නොවන බවද ජනාධිපතිවරයා සහතික විය.

එහිදී කෘෂිකර්ම අමාත්‍යංශයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාශයට පැවරී තිබෙන කාර්යභාරය අතිමහත් බවත් රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය අනුව දිළිඳු බව තුරන් වන්නේද නැතිද යන වග තීරණය වන බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඉන්දික අනුරුද්ධගේ සොහොයුරා අත්අඩංගුවට.!

ඉන්දික අනුරුද්ධගේ සොහොයුරා අත්අඩංගුවට.!

හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතාගේ බාල සොහොයුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (01) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

ඒ කටාන ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් පවත්වාගෙන ගිය ඕමාන ජාතික ව්‍යාපාරිකයකුට අමානුෂික ලෙස පහරදී දේපොළ විනාශ කළ සිද්ධිය සම්බන්ධ සිද්ධියේ විමර්ශන කටයුතු සඳහා බව වාර්තා වේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතාට ද චෝදනා එල්ල වී ඇත.

ඉකුත් 2022 වර්ෂයේදී කටාන ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් පවත්වාගෙන ගිය ඕමාන් ජාතික ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසට කඩාවැදී ඔහුට අමානුෂික ලෙස පහරදී දේපොළ විනාශ කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතාගේ බාල සොහොයුරුට චෝදනා එල්ලවිය.

ප්‍රහාරයට හේතු වී තිබුණේ මෙම ව්‍යාපාරිකයාට අයත් ඇඟලුම් කම්හලේ ප්‍රවාහන කටයුතු සඳහා ලොරි රථ යෙදවීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් බව පැවසේ.

පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන බාරවූ අතර කඳාන පොලිසිය මගින් මීට ඉහතදී සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී.

කෙසේවෙතත් සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු වන හිටපු රාජ්‍ය ඇමැතිවරයාගේ සොහොයුරා අත්අඩංගුවට ගනු ලැබුවේ වසරකට පමණ පසුවයි.

පිරිමිකම කපා මේසය මත තබා 27 හැවිරිදි තරුණයා ගෙල වැළලාගෙන.!

පිරිමිකම කපා මේසය මත තබා 27 හැවිරිදි තරුණයා ගෙල වැළලාගෙන.!

හබරණ දුම්රිය පොළ අසළ ත්‍රිකුණාමලය පාර ප්‍රදේශයේ පදිංචි පදිංචි අවුරුදු 27ක තරුණයෙක් සියදිවි හානි කරගත් පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

මෙම සියදිවි නසා ගැනීම තමන් සිතාමතාම සිදු කරන බවත් එයට කාගේ හෝ මැදිහත් වීමක් නොමැති බවත් සඳහන් කරමින් ඔහු ලිපියක් ද ලියා පසුව තම රහසඟ පිහියකින් කපා වෙන් කොට මේසයක් මත තබා අනතුරුව ගෙල වැළලාගෙන ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

මියගිය තරුණයා යම් මානසික ආබාධයකින් පෙළුණු තරුණයෙකු බවට වාර්තා වන අතර ඔහුගේ මෘත ශරීරය මරණ පරීක්ෂාව සඳහා පොළොන්නරුව මූලික රෝහලට යවා ඇති අතර සිදුවීම පිළිබඳව හබරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.