No use

හිටපු ජනපති ඇතුළු ප්‍රබල අමාත්‍යවරුන් රැසක් දේශපාලනයෙන් සමුගනී.!

හිටපු ජනපති ඇතුළු ප්‍රබල අමාත්‍යවරුන් රැසක් දේශපාලනයෙන් සමුගනී.!

පාර්ලිමේන්තුවේ සිටි ප්‍රබල මන්ත්‍රීවරුන් රැසක් පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරඟ නොකර දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ, හිටපු අමාත්‍ය අලි සබ්රි, හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන, හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ, තිස්ස විතාරණ, ජෝන් සෙනෙවිරත්න මහ මැතිවරණයට තරඟ නොකර සිටීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

අපරාධ ගැන හොයන්නත් කලින් ලොක්කෝ කලබල වෙයි.. ලේඛන විනාශ කර රටින් පනින්න සැරසෙයි.!

අපරාධ ගැන හොයන්නත් කලින් ලොක්කෝ කලබල වෙයි.. ලේඛන විනාශ කර රටින් පනින්න සැරසෙයි.!

කොළඹ අපරාධ කොට්ටාසයේ සේවය කළ නිලධාරින් පිරිසක් මේ වනවිට රට හැරයෑමට සූදානම්‍ වන බව වාර්තා වේ.

සංවිධානාත්මකව කර ඇති විවිධ අපරාධ සහ විවිධ පාර්ශවල කොන්ත්‍රාත් පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට වැඩ පොලිස්පතිවරයා කටයුතු සැලසුම් කිරීමත් සමග එම නිලධාරින් රට හැරයෑමට සූදානම්‍ වන බව වාර්තා වේ.

අපරාධ කොට්ඨාසය නව අධ්‍යක්ෂවරයෙක් යටතට පත්කර එළඹෙන සතිය තුළම විවිධ අපරාධ සහ විවිධ පාර්ශවල කොන්ත්‍රාත් පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා සැලසුම් කර ඇත.

එළඹෙන සතියේ විමර්ශන ආරම්භ කිරීමට සූදානම් හෙයින් එම නිලධාරීන් මේ වනවිට දැඩි ලෙස නොසන්සුන් වී ඇති බවත් ඇතැම් විමර්ශන පිළිබඳ ඉතාම සංවේදී ලේඛන විනාශ කිරීමට උත්සාහ කරන බවද වාර්තා වේ.

මගේ පාර්ලිමේන්තු ගමන වලක්වන්න කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි.!

මගේ පාර්ලිමේන්තු ගමන වලක්වන්න කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි.!

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී තමාව පාර්ලිමේන්තුවට යෑම වැළැක්වීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේග හිටපු මන්ත්‍රී හර්ෂද සිල්වා සදහන් කරයි.

තමන්ව කොළඹ දිස්ත්‍රික්කයෙන් පරාජයට පත් කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවත් මේ වනවිට තමාට හතර වටෙන්ම පහර දෙමින් සිටින බවද හිටපු මන්ත්‍රී හර්ෂද සිල්වා සදහන් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අවසානයේදී හිටපු මන්ත්‍රී හර්ෂද සිල්වා මේ බව සදහන් කරයි.

ජොන්ස්ටන්ගේ සෙල්ලම අවසන්.. ගිනි අවි රැසක් මාට්ටු.!

ජොන්ස්ටන්ගේ සෙල්ලම අවසන්.. ගිනි අවි රැසක් මාට්ටු.!

තනතුර අතහැර පළාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පසුගිය රජය සමයේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට ගිනි අවි 8ක් ලබාදී ඇත.

ඒ අනුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල තුනක් සහ බෝර රිපීටර් පහක් ඇතුළුව ගිනි අවි 8ක් පසුගිය රජයෙන් ලබාගෙන ඇත.

පසුගිය රජය රට පුරා පුද්ගලයින් 1,500කට ගිනි අවි 1,690ක් නිකුත් කළ අතර එම සියලුම පුද්ගලයින්ට නොවැම්බර් (07) වනදා වනවිට සියලු ආයුධ ආපසු ලබාදෙන ලෙස දන්වා ඇත.

එම ගිනි අවි නැවතත් ලබානොදීමට කටයුතු කරන සියලුම පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ආරක්ෂක අමාත්‍යාංශය අනතුරු අඟවා ඇත.

වතුර බෝතලයටත් පාලන මිලක්.?

වතුර බෝතලයටත් පාලන මිලක්.?

මේ වනවිට වෙළඳපොලේ රුපියල් 100කට අලෙවි කරන 500ml ජල බෝතලයක් රුපියල් 70කට ලබාදිය හැකි බව මධ්‍යම පළාත් ස්වභාවික ඛනිජ ජලය නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කරයි.

රට පුරා සිටින ජාවාරම්කරුවන් හේතුවෙන් ජල බෝතල් විවිධ මිල ගණන් වලට අලෙවි වන බවද මධ්‍යම පළාත් ස්වභාවික ඛනිජ ජලය නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කරයි.

එනිසා වහාම පානීය ජල බෝතල් සදහා පාලන මිලක් පැනවිය යුතු බව මධ්‍යම පළාත් ස්වභාවික ඛනිජ ජලය නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු සපුමල් කුමාර සදහන් කරයි.

මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ කැඳවුම්කරු සපුමල් කුමාර මේ බව සදහන් කරයි.

පොහොට්ටුව අලුත්ම සෙල්ලමක.. ලකුණේ වෙනසක්.?

පොහොට්ටුව අලුත්ම සෙල්ලමක.. ලකුණේ වෙනසක්.?

එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමට පමණක් නව සන්ධාන බිහිකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සදහන් කරයි.

එළඹෙන මහ මැතිවරණයට පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවත් අවශ්‍ය වුවහොත් ජයග්‍රහණය වෙනුවෙන් ලකුණේ වෙනසක් කළ හැකි බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් සදහන් කරයි.

පරණ කණ්ඩායම සහ අලුත් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සිටින බවත් මහ මැතිවරණ අපේක්ෂකයින් කැපවී වැඩ කළහොත් ඉදිරියේදී කිසිදු ප්‍රශ්නයක් නොවන බවත් ඔවුන් මහන්සි විය යුතු බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරයි.

මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයින් සඳහා වන සම්මුඛ පරීක්ෂණ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී ඊයේ (05) දින පැවැත් වුණි.

මහ මැතිවරණයේදී රනිල් පෙරමුණ ගනී.!

මහ මැතිවරණයේදී රනිල් පෙරමුණ ගනී.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සදහන් කරයි.

විපක්ෂයේ සිටින දේශපාලන පක්ෂ එක්වී නව සන්ධානයක් බිහිකර ගැනීමේ අරමුණින් විවිධ සාකච්ඡා පවත්වමින් ඇති අතර මහ මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය මේ වනවිට ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට තීරණය කර ඇත.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ කොන්දේසි හේතුවෙන් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්වී තරග කිරීමට සිදුකළ සාකච්ඡා සියල්ල මේ වනවිට බිඳවැටී ඇත.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්.!

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්.!

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 03ට අමතරව වෙනත් ප්‍රශ්න පිටවී ඇති බවට සාක්ෂි පවතින්නේ නම් ඒ පිළිබඳ තොරතුරු ළඟම පොලිස් ස්ථානය වෙත ලබාදෙන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.

එළඹෙන (07) වන දිනට පෙර අදාළ තොරතුරු ළඟම පොලිස් ස්ථානය වෙත භාරදෙන ලෙස හෝ ඊට පෙර දිවයිනේ පිහිටි පොලිස් කොට්ඨාස වල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයන් වෙත ගොස් පැමිණිලි ඉදිරිපත් කල හැකි බව පොලීසිය සදහන් කරයි.

කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් එම පැමිණිලි සටහන් කොට අදාල විර්මශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කරන බවද පොලීසිය සදහන් කරයි.

සාක්ෂි ලෙස ඕනෑම උපකරණයක් හෝ ලේඛණයක් ඉදිරිපත් කල හැකි අතර තමා ඒ පිළිබඳ දන්නා ඕනෑම තොරතුරක් ලබාදීමට හැකි බවත් කොට්ඨාස භාර නිලධාරී කාර්යාලය වෙත යාමට යම් අපහසුතාවයක් ඇති පුද්ගලයෙකු සිටී නම් ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිලි හෝ තොරතුරු ඉදිරිපත් කරන ලෙසද පොලිසිය මහජනතාව වෙත දන්වා සිටියි.

මෙරට දුම්රිය සේවයට ඉන්දියාවෙන් ඩීසල් දුම්රිය එන්ජින් 22ක් තෑගි කරයි.!

මෙරට දුම්රිය සේවයට ඉන්දියාවෙන් ඩීසල් දුම්රිය එන්ජින් 22ක් තෑගි කරයි.!

දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතාගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකා දුම්රිය සේවයට ඩීසල් දුම්රිය එන්ජින් 22ක් තෑගි කිරීමට ඉන්දියාව තීරණය කර ඇති බවයි.

එමෙන්ම අමෙරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානයක් මගින් මෙරට කන්කසන්තුරේ වරාය නවීකරණය කිරීම සඳහාද ඉන්දියානු රජය ඉදිරිපත් වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ආගමේ නමින් තමාට නැඟූ අවලාද සිනහවකින් බැහැර කළ ජනපති සංඝරත්නය ඉදිරියේ කියූ කතාව.! [Video]

ආගමේ නමින් තමාට නැඟූ අවලාද සිනහවකින් බැහැර කළ ජනපති සංඝරත්නය ඉදිරියේ කියූ කතාව.! [Video]

අද (05) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතිපූජ්‍ය මකුලෑවේ විමලනායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

එහිදී සංඝයා වහන්සේ සමඟ කෙටි පිළිසඳරක යෙදුනු ජනපතිවරයා ඉදිරි මහ මැතිවරණයෙන් පසු රටේ ජනතාවාදී ව්‍යවස්ථාවක් සකස්කිරීමේ අවශ්‍යතාවයද සිහිපත් කළේය.

මෙහිදී මහා සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ තානාපතිවරුන් සහ ආණ්ඩුකාරවරුන් පත් කිරීමේදී උගත්, බුද්ධිමත් ගැළපෙන පිරිසක් පත් කිරීමට කටයුතු කරනා ලෙසත් දේශපාලනය පිළිබඳ නොසිතා වගකීම් සහිතව කටයුතු කරනා පුද්ගලයන් පත් කරනා ලෙසත්ය.

එමෙන්ම පසුගිය ජනාධිපතිවරණ සමයේ වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව ආගම මුල් කරගනිමින් අවලාද නැඟීමට ඇතැම් කණ්ඩායම් සංවිධානාත්මකව ක්‍රියා කළ ආකාරය සිහිපත් කළ මහා සංඝරත්නය එම ප්‍රකාශ සාවද්‍ය බව මේ වන විටත් තහවුරු වී ඇති බවද පැවසීය.

එම වීඩියෝව,

We are happy to invite you.