No use

සම්පන්දන් මිය ගියත් නිල නිවස රජයට බාර නොදෙයි.!

සම්පන්දන් මිය ගියත් නිල නිවස රජයට බාර නොදෙයි.!

කොළඹ 07, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්පන්දන් මිය ගොස් මාස තුනකට ආසන්න කාලයක් ගත වී ඇතත් නිල නිවස තවමත් රජයට බාරදී නැති බව වාර්තා වේ.

මෙම නිල නිවස නැවත රජයට ලබා ගැනීමට නම් කැබිනට් අනුමැතියෙන් ලබාදුන් තීන්දුව වෙනස් කරමින් නව කැබිනට් තීන්දුවක් ගත යුතු බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන, කම්කරු අමාත්‍යාංශ ආරංචි මාර්ග වාර්තා කරයි.

නිල නිවස නැවත රජයට ලබා ගැනීම සදහා අමාත්‍යාංශය එවකට හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට කැබිනට් පත්‍රිකාව බාර දුන්න ද ආණ්ඩුව වෙනස් වීමත් සමග කැබිනට් අනුමැතිය ලබා ගැනීම නතර වූ බවද වාර්තා වේ.

මහ මැතිවරණයට අලියා එපා.. රනිල් පරණ සටන යළිත් අරඹයි.!

මහ මැතිවරණයට අලියා එපා.. රනිල් පරණ සටන යළිත් අරඹයි.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වූ විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ ඉදිරි මහ මැතිවරණයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට එකඟවී ඇත.

එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගතව තරග කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කණ්ඩායම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ඇතුළු සෙසු පක්ෂ මහ මැතිවරණය සදහා තරග වදින සලකුණ හා සන්ධානය පිළිබඳ අවසන් එකඟතාවකට එළැඹීමට තීරණය කළේය.

මහ මැතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ තවත් විශේෂ රැස්වීම් කිහිපයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) සවස කොළඹ මල් පාරේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පැවැත්විණ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර තිබුණේය.

අමාත්‍යංශයේ ලොක්කා රජයේ වාහන 5ක් මුණුපුරන්ට බෙදා දෙයි.!

අමාත්‍යංශයේ ලොක්කා රජයේ වාහන 5ක් මුණුපුරන්ට බෙදා දෙයි.!

මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශය සතු සුපිරි ජීප් රථ දෙකක් ඇතුළු වාහන 5ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු පවුලේ දරු මුනුපුරන්ගේ කටයුතු වලට යොදවා ඇති බව වාර්තා වේ.

රජයේ වාහන විශාල ප්‍රමාණයක් අයථා ලෙස පරිහරණය කරන බවත් ඉන් වැඩිම වාහන ප්‍රමාණයක් අතුරුදන්ව ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බව විගණකාධිපතිවරයා සිය විමර්ශන කරුණු මත පවසා තිබුණේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සංස්ථාවක ඉහළ නිලධානීයකට ලබාදී ඇති එක් වාහනයක් මේ වනවිට රාජ්‍ය බැංකුවක රැකියාව කරන සිය පුතු විසින් පරිහරණය කරන බවටද තොරතුරු වාර්තා වේ.

“දැන් වේලාව හරි” නාමල්ගෙන් ජනපති අනුරට අභියෝගයක්.!

“දැන් වේලාව හරි” නාමල්ගෙන් ජනපති අනුරට අභියෝගයක්.!

වසර ගණනාවක් තිස්සේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම් විසින් රාජපක්ෂ පවුල මහජන මුදල් සොරකම් කළ බවට ප්‍රකාශ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි.

උගන්ඩාව ඇතුළු රටවල රාජපක්ෂ පාලනය විසින් ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි කරන චෝදනා ඔප්පු කරන ලෙස නාමල් රාජපක්ෂ ජනාධිපතිවරයාට අභියෝග කරයි.

ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් ඔප්පු කිරීමට දැන් ජනාධිපතිවරයාට කාලය පැමිණ ඇති බවද නාමල් රාජපක්ෂ සදහන් කරයි.

පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශයක් තම “X” සමාජ ජාල ගිණුමේ පළ කරමින් නාමල් රාජපක්ෂ මේ බව සදහන් කරයි.

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්.!

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්.!

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළව දැනට ස්වාධීන කණ්ඩායම් 37ක් ඇප මුදල් තැන්පත් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

පසසුගිය මස (25) වනදා සිට ඊයේ (01) දින දක්වා මෙම සංඛ්‍යාව වාර්තා වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

එළඹෙන (26) වනදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම එළඹෙන (14) වනදා සිදු කිරීමට නියමිතව ඇත.

විශේෂ සලකුණු කිරීමේ දිනයක් ලෙස එළඹෙන (18) වනදා වෙන් කිරීමට කටයුතු කර ඇති අතර ඊට අදාළ නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස එළඹෙන (17) වන දින වෙන් කර ඇත.

සුපිරි ක්‍රීඩකයාට ක්‍රිකට් තහනම් කරයි.!

සුපිරි ක්‍රීඩකයාට ක්‍රිකට් තහනම් කරයි.!

දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බවට පිළිගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

ප්‍රවීන් ජයවික්‍රම ICC දූෂණ විරෝධී සංග‍්‍රහයේ කඩ කර ඇති විධාන අතරට 2.4.7 වගන්තිය ඇතුලත් අතර එම වගන්තිය ප්‍රකාරව විමර්ශනයන්ට අදාළ විය හැකි සහ/හෝ සාක්ෂි විය හැකි හෝ හේතු විය හැකි ලේඛන හෝ වෙනත් තොරතුරු වසන් කිරීම, විකෘති කිරීම හෝ විනාශ කිරීම ඇතුළුව ACU මගින් සිදු කළ හැකි ඕනෑම පරීක්ෂණයකට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම යන චෝදනාවන්ට ලක්ව ඇත.

ගැහැනු පිරිමි පාසල් සිසුන් 05ක් අපයෝජනය කළ මනෝ විකෘතිකයෙක් අත්අඩංගුවට.!

ගැහැනු පිරිමි පාසල් සිසුන් 05ක් අපයෝජනය කළ මනෝ විකෘතිකයෙක් අත්අඩංගුවට.!

මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මගින් පේරාදෙණිය ඉහළ මුරුතලාව ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

සැකකරු විසින් මේ වන විට 15 හැවිරිදි පාසල් සිසුවියක් හා පාසල් සිසුන් 05 දෙනෙකු බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කර ඇතැයි වාර්තා වෙයි.

මෙම පුද්ගලයා ප්‍රදේශවාසීන්ව ද බිය ගන්වමින් දරුවන් බලහත්කාරයෙන් අපයෝජනය කරනා බව පැවසෙනා අතර මොහුට එරෙහිව 15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මීට පෙර ද පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙන බව වාර්තා වෙයි.

මෙලෙස අපයෝජනයට ලක්ව ඇති දරුවන් 05 දෙනා අවුරුදු 12ත් 15ත් අතර වයසේ පාසල් සිසුන් බවත් ඔවුන් අතර එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ද සිටිනා අතර මෙම පාසල් සිසුවිය හා සිසුන් පස් දෙනා සැකකරු විසින් අවස්ථා ගණනාවකදී අපයෝජනයට ලක්කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් වැඩිදුරටත් අනාවරණය වී ඇත.

සැකකරු විවාහක දෙදරු පියෙක් වන අතර තවත් පිරිමි දරුවෙකු බලහත්කාරයෙන් ප්‍රදේශයේ ලදු කැලයකට රැගෙන ගොස් අතවර කිරීමට සූදානම් වූ අවස්ථාවේ එම දරුවා සැකකරුගේ අත සපා ඔහුගෙන් මිදී ඇති බවද පැවසේ. 

පොලිස් කණ්ඩායමක් සිවිල් ඇඳුමින් සිට කිරිබත්කුඹුර ප්‍රදේශයේදී සැඟව සිටි සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

අපයෝජනයට ලක්වූ බව සඳහන් දරුවන් 5 දෙනා මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට පොලීසිය කටයුතු කර ඇති අතර අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ සැකකරු මහනුවර අතිරේක මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය හමුවට අද (02) ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

ආණ්ඩුව අඩියක් පස්සට ගනී.. අවසන් අවස්ථාවද ලබාදෙයි.!

ආණ්ඩුව අඩියක් පස්සට ගනී.. අවසන් අවස්ථාවද ලබාදෙයි.!

සුරා බුදු කොමසාරිස් ජනරාල් එජ්ජේ ගුණසිරි මහතා පැවසූවේ මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැර ඇති හිඟ බදු ගෙවීමට ලබාදී තිබූ කාලය ලබන 30 වැනිදා දක්වා දීර්ඝ කළ බවත් එම කාලයෙන් පසුව බදු නොගෙවනා මත්පැන් නිෂ්පාදකයන්ට නඩු පැවරීමට කටයුතු කරනා අතර එම නිෂ්පාදකයන්ගේ මත්පැන් බලපත්‍ර අවලංගු කිරීමටද කටයුතු කරනා බවයි.

මේ වනවිට මහා භාණ්ඩාගාරයට හිමිවිය යුතු නමුත් ගෙවා නොමැති හිඟ බදු ප්‍රමාණය කෝටි 180කි.

බදු ගෙවීම් පැහැර හැර ඇති හෝ ගෙවීමට අපොහොසත් වූ මත්පැන් නිෂ්පාදකයන් සුරා බදු දෙපාර්තමේන්තුවට ඊයේ (2) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී ඔවුනට මෙම උපදෙස් ලබාදී ඇත.

කෙසේවෙතත් මේ වසරේදී උපයා ගැනීමට බලාපොරොත්තු වන සුරා බදු ආදායම රුපියල් කෝටි 23200ක් බවත් මේ වන විට ඉන් රුපියල් කෝටි 16200ක් උපයාගෙන ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව එය රුපියල් 5300 ක වැඩිවීමක් බවත් ඔහු සඳහන් කළේය.

We are happy to invite you.