Out of the box (Sinhala)

රට පැන්න බැසිල් ආයෙත් ලංකාවට එන්නේ නෑලු.!

රට පැන්න බැසිල් ආයෙත් ලංකාවට එන්නේ නෑලු.!

පසුගිය සැප්තැම්බර් (20) වනදා හදිසියේම රටින් පිටව ගිය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ලංකාවට පැමිණීමේ අදහසක් නොමැති බවත් පවුලේ අය සමග කාලය ගත කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

බැසිල් රාජපක්ෂ හදිසියේම විදේශගත වීම සම්බන්ධයෙන් දේශපාලන පිරිස් අතර දැඩි කතා බහට ලක් වුවත් පොදුජන පෙරමුණ පක්ෂය ලබාගත් පරාජය මෙම විදේශගත වීමට හේතුව බව බොහෝ දෙනාගේ මතය වී ඇත.

මෙවර මහ මැතිවරණයේ බිම් මට්ටමේ කටයුතු මෙන්ම ප්‍රචාරක කටයුතු සඳහා බැසිල් රාජපක්ෂ මැදිහත් වීමක් සිදු නොවන බවත් යම් ආකාරයෙන් උපදෙස් අවශ්‍ය විටකදී දුරකථන මාර්ගයෙන් උපදෙස් ලබාදෙන බව ඔහුගේ සමීපතයින් සදහන් කරයි.

පසුගිය කාලයේ සිටි ප්‍රබල දේශපාලඥයින් පවා මෙවර මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් නොවී සිටිම හේතුවෙන් බැසිල් රාජපක්ෂ මෙරටට පැමිණ මැතිවරණය මෙහෙයවීමක් සිදු නොකරන බවද ඔහුගේ සමීපතයින් සදහන් කරයි.

ජාතික ජන බලවේග පක්ෂය පාලන බලයට පැමිණිමත් සමග අනෙකුත් දේශපාලන පක්ෂ මේ වනවිට පසුබෑමට ලක්ව ඇති බැවින් හා ජනතාව වෙනස් වීමට කටයුතු කිරීම හේතුවෙන් බැසිල් රාජපක්ෂට නැවත පැමිණ දේශපාලනය කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද සදහන් කරයි.

මහින්දගේ ආරක්ෂාව හා රාජපක්ෂලාගේ දේශපාලනය ගැන තීරණයක්.!

මහින්දගේ ආරක්ෂාව හා රාජපක්ෂලාගේ දේශපාලනය ගැන තීරණයක්.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් මේ වනවිට කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි.

පසුගිය යහපාලන රජය සමයේ මෙන්ම මෙම රජයෙනුත් මෙලෙස ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බවත් ආරක්ෂක අංශ සමග සාකච්ඡා කර ඒ පිළිබඳව තීන්දුවක් ගන්නා බවද නාමල් රාජපක්ෂ සදහන් කරයි.

රාජපක්ෂවරුන්ගේ ඉදිරි දේශපාලනය ජනතාව විසින් තීන්දු කරනු ඇති බවත් රාජපක්ෂවරුන් දේශපාලනයේ රැඳී සිටියත් නැතත් ප්‍රතිපත්ති විනාශ කළ නොහැකි බව නාමල් රාජපක්ෂ සදහන් කරයි.

නාමල්ගේ කුරුණෑගල පැනිල්ල නතර වෙයි.!

නාමල්ගේ කුරුණෑගල පැනිල්ල නතර වෙයි.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එළඹෙන මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වනු ඇති බවට පළවන ප්‍රචාර සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරන බවට පළවන වාර්තා අසත්‍ය බව නාමල් රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

තමන්ව වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව කෘතගුණ පුර්වකව සිහිපත් කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව සමග ඉදිරියට දේශපාලනයේ නිරතවන බව එම නිවේදනයේ සදහන් වේ.

මහ මැතිවරණයේදී එක් එක් අපේක්ෂකයන් තරග කරන දිස්ත්‍රික්ක හා ඊට අදාළ අවසන් එකඟතාවන් මේ දක්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තීරණය කර නොමැති බවද සදහන් කරයි.

ෆොන්සේකාට පුටුව අහිමිවෙයි.!

සමගි ජන බලවේග පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා එම ධුරයෙන් ඉවත් කිරීම සදහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.

සරත් ෆොන්සේකා ඉවත් කිරීමෙන් අනතුරුව සමගි ජන බලවේග පක්ෂයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බකීර් මාකිර් පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

කාගෙත් උපන්දිනේ මතක් කරනා ලොකු අයියගේ උපන්දිනේ අදයි.!

Meta Platforms Inc. (Facebook Inc.) හි සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg, ජීවිතයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අද 40 වැනි වියට පා තැබීය.

ඩිජිටල් යුගයේ වඩාත්ම බලගතු චරිතයක් ලෙස සැලකෙන සකර්බර්ග්ගේ සන්නිවේදනය සහ තොරතුරු තාක්ෂණය කෙරෙහි බලපෑම ඉතාමත් ප්‍රභල වේ.

1984 මැයි 14 වන දින නිව් යෝර්ක් හි වයිට් ප්ලේන්ස් හි උපත ලද සකර්බර්ග් පරිගණක වැඩසටහන් සකස්කිරීම සම්බන්ධ ඔහුගේ ආශාව අවසානයේ ඔහුව හාවඩ් විශ්ව විද්‍යාලයට වෙත ගෙන ගියේය, එහි නේවාසිකාගාරයේ සිට 2004 වසරේ “TheFacebook” නිර්මාණය කළේය.

හාවඩ් සිසුන් සඳහා සමාජ ජාල වේදිකාවක් ලෙස ආරම්භ වූ එය ඉක්මනින් අනෙකුත් විශ්ව විද්‍යාල දක්වා ව්‍යාප්ත වූ අතර අවසානයේ ලෝකයට, මිනිසුන්ට නැතිව බැරි සන්නිවේදනය වේදිකාවක් ආකාරයට ගොඩනැඟිනි.

වසර ගණනාවක් පුරා, සකර්බර් විසින් ගොඩනැගූ ඩිජිටල් ලෝකය තුළ ඔහුගේ භූමිකාව සඳහා ප්‍රශංසා මෙන්ම විවේචනද එක ලෙස එල්ල විය.

Facebook හි ශීඝ්‍ර වර්ධනය සහ ගෝලීය ප්‍රවේශය ඔහු ලොව ධනවත්ම පුද්ගලයින්ගෙන් කෙනෙකු බවට පත් කර ඇත.

වර්තමානය වනවිට, සකර්බර්ග් ඔහුගේ අවධානය යොමු කර ඇත්තේ මෙටාවර්ස්, පරිශීලකයින්ට ඩිජිටල් පරිසරයන් තුළ කටයුතු කළ හැකි ඩිජිටල් අවකාශයක් ගොඩනැගීම කෙරෙහි ය.

මාර්ක් සකර්බර්ග් අද ඔහුගේ 40 වන උපන්දිනය සමරන ඇත. ඔහු ගොඩ නැගූ තාක්‍ෂණික විප්ලවය තුල ඔහුට ආදරය කරනා සියල්ලන්ට ඔහුගේ තාක්ෂණික බලපෑම තව පරම්පරා ගණනාවක් දැනෙනු නොඅනුමානය.

සුභ උපන්දිනයක්, මාර්ක්!