Why is this happening (Sinhala)

“රතු නිවේදන එපා” කුඩු සලිඳු නීතිය හමුවට.!

“රතු නිවේදන එපා” කුඩු සලිඳු නීතිය හමුවට.!

මේ වන විට රටින් පලා ගොස් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පැවසෙන සලිඳු මල්ශිත හෙවත් කුඩු සලිදු නැමැත්තා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඒ තමන්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි.  

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවූ ලැබීය.

කෙසේවෙතත්, එම පෙත්සම සලකා බැලීම සඳහා ලබන ජුලි 03 වනදා කැඳවන ලෙසයි අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

ලක්ෂ 5ක පගාවක් ගද්දී පොලිස් OIC අත්අඩංගුවට.!

ලක්ෂ 5ක පගාවක් ගද්දී පොලිස් OIC අත්අඩංගුවට.!

වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉඩම් ආරවුලක් එක් පාර්ශවයකට සාධාරණ වන ලෙසට තීන්දු ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබාගැනීමේදී අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ස්ථානාධිපතිවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (22) වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

රත්තරං අවියේ සුල මුල හෙළිවෙයි.!

රත්තරං අවියේ සුල මුල හෙළිවෙයි.!

හැව්ලොක් නිවාස සංකීර්ණයේදී පොලිස් භාරයට ගන්නා ලද රන් ආලේපිත T-56 ගිනිඅවිය සන්තකයේ තබාගෙන සිටි සැකකාරිය හා තවත් කාන්තාවක් වැල්ලවත්ත පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (20) දහවල් කාලයේදී මෙම සැකකාරින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 

සැකකාරියන් අවුරුදු 40 හා 68 යන වයස්වල පසුවන බත්තරමුල්ල හා කොළඹ 06 ප්‍රදේශවල පදිංචිකාරියන්ය

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පළමු සැකකාරිය විසින් මෙම ගිනිඅවිය සෙල්ලම් ගිනිඅවියක් ලෙස සලකා රැගෙන ආ බවට සැක කරන බවයි.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අද (21) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මාළු අල්ලමින් සිටි පුද්ගලයකු කිඹුලෙකු අල්ලලා.!

මාළු අල්ලමින් සිටි පුද්ගලයකු කිඹුලෙකු අල්ලලා.!

මන්මුනේ පාලම අසල කළපුවෙහි ධීවර රැකියාවේ නිරත වෙමින් සිටි පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බවට සිදුකළ විමර්ශනයකදී අනාවරණය වී ඇත. 

කාත්තන්කුඩි පොලිසිය පවසන්නේ, කාත්තන්කුඩි පොලිස් වසමේ මන්මුනේ පාලම අසල කළපුවෙහි පුද්ගලයෙකු තවත් පුද්ගලයින් තිදෙනෙකු සමග ඊයේ (20) මසුන් අල්ලමින් සිටියදී එක්වරම කළපු දියෙන් මතු වූ කිඹුලෙකු විසින් පුද්ගලයෙකු මෙලෙස පුද්ගලයෙකු ඩැහැගෙන ගොස් ඇති බවයි.

කිඹුලා විසින් ඩැහැගෙන ගිය පුද්ගලයා සොයා කාත්තන්කුඩි පොලිසිය විසින් තවදුරටත් සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා මූලස්ථානය හා කජුවත්ත නාවික හමුදා කඳවුර දැනුවත් කර ඇති බවට සඳහන්.

සජිත් ඉලක්ක කර ස්නයිපර් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්මක්.!

සජිත් ඉලක්ක කර ස්නයිපර් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්මක්.!

මහජන ආරක්ෂක අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී සජිත් ප්‍රේමදාසගේ ජීවිතයට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන්ද තොරතුරු හෙළි කලේය..

අමාත්‍යවරයා පවසා සිටියේ, කළේ 2024 අගෝස්තු මාසයේදී අමාත්‍යාංශයේ හදිසි දුරකථන අංකය හරහා පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

පාතාල නායකයෙකු වන ‘ලොකු පැට්ටි’ ගේ සහචරයෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉලක්ක කර ගනිමින් ස්නයිපර් ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටින බවට පැමිණිල්ලේ සඳහන් වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවට හෙළි කළේය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද විජේපාල මහතා :

“අපි පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. තොරතුරු සපයන්නා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අසත්‍ය බව සොයාගෙන තිබෙනවා. පැමිණිල්ල කළ ජංගම දුරකථන අංකය පිළිබඳව ද පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. පැමිණිල්ලට අදාළ කරුණු අසත්‍ය බව ඔප්පු වී තිබෙනවා,”

කැඳහැලිය කැලඹෙයි.. ආණ්ඩුව කොළඹ බලය අල්ලයි.!

කැඳහැලිය කැලඹෙයි.. ආණ්ඩුව කොළඹ බලය අල්ලයි.!

ඊයේ (19) රාත්‍රී කොළඹ නගර සභාවේ පාලන බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ කොළඹ නගර සභාවට තේරී පත්ව සිටින ස්වාධීන සභිකයන් පිරිසක් අතර පැවති සාකච්ඡා සාර්ථක වී තිබේ.

ජනාධිපති අනුර දිසානායක මහතා සහ ස්වාධීන මන්ත්‍රීවරු පිරිසක් අතර පැලවත්ව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවති එම සාකච්ඡාව සාර්ථක වූ බවත් කොන්දේසි විරහිතව ආණ්ඩුවට සහය දෙන බවත් එම කණ්ඩායම නියෝජනය කරමින් සාකච්ඡා සඳහා සහභාගී වූ පිරිස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූහ.

මෙම තත්ත්වයත් සමඟ ජාතික ජන බලවේගය කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ආසන්නතාවයක සිටින නමුත් එම ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පමණක් ඒ සඳහා ප්‍රමාණවත් නොවන බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.

කෙසේවෙතත් කොළඹ නගර සභාවට ස්වාධීන මන්ත්‍රීවරුන් 9 දෙනෙකු තේරී පත්වී සිටින අතර ජාතික ජන බලවේගය දිනා සිටින ආසන සංඛ්‍යාව 48කි.

කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ආසන අවශ්‍ය මන්ත්‍රී ධූර සංක්‍යාව 59කි.

සිහිනය වරදට කටුමුළුවේ හිමියන්ගේ තනතුරු පදවි අහෝසි කරයි.!

සිහිනය වරදට කටුමුළුවේ හිමියන්ගේ තනතුරු පදවි අහෝසි කරයි.!

ඊයේ (18) දින රැස්වූ සානුනායක කාරක මහාසංඝ සභාව විසින් තීරණය කර ඇති පරිදි පාදෙණිය රාජමහා විහාරාධිපති කටුමුළුවේ සුමනරත්න හිමියන්ගේ දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවා ඇත.

මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් විසින් මේ බව උන්වහන්සේ වෙත මේ බව ලිපියකින් දැනුම්දී තිබේ.

සානුනායක කාරක මහාසංඝ සභාවේ නියමය නොතකමින් ඉකුත් 17 වනදා ‘සිහිනය’ නම් වැඩසටහනක් එම විහාරස්ථානයේ දී පැවැත්වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

එම ලිපිය පහතින්,

දරු ප්‍රසූතියට සූදානමින් සිටි ගැබිණිය මරා බාල්කයේ එල්ලලා.!

දරු ප්‍රසූතියට සූදානමින් සිටි ගැබිණිය මරා බාල්කයේ එල්ලලා.!

නව මස් වියැති ගැබිණියක් වූ සිය බිරිදගේ ගෙල සිරකර ඝාතනයකර සිය දිවි හානිකර ගැනීමක් ලෙස පෙන්වීම සදහා ඇගේ සිරුර නිවසේ බාල්කයක එල්ලූ සැමියෙක් දෙනියාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මුදල් ආරවුලක් මුල්කරගෙන මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මෙම කාන්තාව දරු ප්‍රසූතියට රෝහල්ගතවීමට නියමිතව සිට ඇත්තේ ඊයේ දිනයේදීය. ඇය පෙරේදා දින සායනයටද සහභාගිවීමට රෝහලට ගොස් ඇති බවද අනාවරණය වි තිබේ.

ඉෂාන්ති නැමැති 24 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් මෙසේ ඝාතනය කර ඇති අතර ඝාතනය සඳහා සැකපිට ඇගේ සැමියා වන ජේ.ඒ. කුමාර් නැමැති 28 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේවෙතත් මෙම යුවල නීතියෙන් විවාහ නොවි එකම නිවසක ජීවත්ව ඇති බව වාර්තා වෙයි.

පොලිසිය සදහන් කළේ දෙදෙනාම පෙර විවහායන් කරගෙන සිටින්නන් බවත් සැමියාගේ පෙර විවහායේ 07 හැවිරිදි දරුවා සිට ඇත්තේද මෙම නිවසේ බවත් ය.

පෙරේදා (17) සවස් කාලයේදී මෙම අපරාධය සිදුව ඇත්තේ ඔවුන් දෙදෙනා ජීවත්වූ දෙනියාය විහාරහේන එනසල් වත්තේ නිවස තුළදී බව පොලිසිය සඳහන් කරයි.

දෙදෙනා අතර ඇතිවූ මුදල් ආරවුල දිග්ගැස්සී ගැබිණි බිරිඳගේ ගෙල රෙද්දකින් සිරකර ඝාතනයකර ඇති සැමියා පසුව ඇයගේ සිරුර නිවසේ බාල්කයක එල්ලා ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුරුව සැමියා නිවසින් පිටව ගොස් නිවසට පැමිණ සිය බිරිඳ බාල්කයේ එල්ලී සියදිවි හානිකරගෙන ඇතැයි අසල්වාසීන්ට පවසා කිසිවක් නොදත් අයෙක් ලෙස හඩා වැලපී ඇති බව පොලිසිය සඳහන් කළේය.

හල්ලොලුවගේ කන ලඟින් වෙඩි තබා ලිපි ගොනු පැහැර ගනී.!

හල්ලොලුවගේ කන ලඟින් වෙඩි තබා ලිපි ගොනු පැහැර ගනී.!

පසුගිය දිනක ජනපතිට එරෙහිව දූෂණ චෝදනා එල්ල කිරීම සම්බන්ධව ප්‍රසිද්ධියට පත් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට තර්ජනාත්මක වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තාවේ.

කොළඹ, නාරාහේන්පිට දාබරේ මාවතේදී හිටපු අධ්‍යක්ෂවරයා ගමන් කළ රථය ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදුකර තිබේ.

රථයේ ඉදිරිපස වීදුරුවට වෙඩි වැදී තිබුණත් එහි ගමන් කළ තුසිත හල්ලොලුව මහතාට හෝ ඔහුගේ නීතිඥවරයාට කිසිඳු හානියක් සිදුව නොමැත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වෙඩි තැබූ පුද්ගලයන් පහරදීමක්ද සිදුකර ඇති අතර පහරකෑමට ලක්වූ තුසිත හල්ලොලුව මහතා රෝහල්ගත කර ඇති බවය.

මෙම වෙඩි තැබීමෙන් පසු තුසිත හල්ලොලුව මහතා සතුව තිබූ ලිපිගොනුවක් කිසියම් අයෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

බොහෝදුරට ජනාධිපතිවරයා වෙත එල්ල කළ බරපතළ චෝදනාවට අදාළ එකම ලිපිගොනුව මෙලෙඩ පැහැර ගෙන ගොස් ඇති බව ඉදිරියේදී අනාවරණය වනු ඇත.

වෙඩි තැබූ පුද්ගලයන් පලාගොස් ඇති අතර වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ.

වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග මත අදාළ සිද්ධියේ පරීක්ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී  ඇති බව පොලීසිය පවසයි.

වඩාගෙන යෑම අවසන්.. නි.ඇමති දුම්රිය ලොක්කෝ පොලොවේ ගසයි.!

වඩාගෙන යෑම අවසන්.. නි.ඇමති දුම්රිය ලොක්කෝ පොලොවේ ගසයි.!

අද (17) දිනයේ ක්‍රියාත්මක වන දුම්රිය වැඩ වර්ජනයට හේතුව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වසර 6ක් පුරා නොවිසඳුනු වෘතීය ගැටළුවක් බවත් රජයක් ලෙස වරින්වර මැදිහත්ව ඊට අදාල උපදෙස් ලබාදීම් සිදුකළද දුම්රිය පරිපාලනයේ ඇති බරපතල අකාර්‍යක්ෂමතාව හේතුවෙන් මේ වනතෙක් ඊට නිසි විසඳුම් ලැබී නොමැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

කෙසේවෙතත් එම ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් අතර මූලික ගැටළුවක්ව පවතින නව පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන විශේෂ කැබිනට් මණ්ඩල සංදේශයක් හරහා පසුගිය ජනවාරියේම ලබාදීමට රජය කටයුතු කර ඇතත් මෙතෙක් එම බඳවා ගැනීම් සිදුකිරීමට දුම්රිය පරිපාලනය අසමත්වී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

සියළුම රාජ්‍ය සේවකයන්ගේ වෘතීය අයිතිවාසිකම් වෙනුවෙන් රජය පෙනී සිටිනා නමුත් මහජනතාව ඇපයට තබා ගනිමින් සිදුකරන මෙවන් අත්තනෝමතික වර්ජනයන්ට එරෙහිව රජයක් ලෙස ඒ සමඟ ගැටෙනා බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමන්ම ජනාධිපතිවරයාද දැනුම්දී ඇති පරිදි මෙතෙක් වඩාගෙන ගිය නිලධාරීන් බිමින් තැබීමට වහාම කටයුතු කරනා බවත් නි.අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රාජ්‍ය සේවය තුළ සිටිනා අකාර්‍යක්ෂම නිළධාරීන්ට ලබාදුන් සහන කාලය අවසන්ව ඇති බැවින් ඊට අදාල ක්‍රියාමාර්ග රැසක් ඉදිරියේදී ගැනීමට නියමිත බවත් නි.අමාත්‍යවරයා පැවසීය.