Why is this happening (Sinhala)

පාසල් 100ක් වැසෙයි.!

පාසල් 100ක් වැසෙයි.!

කුඩා පාසල් සියයක් පමණ වසා දැමීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි.

ඒ එම පාසැල් වල සිසුන් සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වී තිබීම හේතුවෙනි.

රජයේ තොරතුරුවලට අනුව සිසුන් 1000 අඩු පාසල් සංඛ්‍යාව පන්සියය ඉක්මවා තිබේ. ඒ අතරින් පාසල් විශාල ප්‍රමාණයක් සිසුන් දෙතුන්දෙනකුට සීමා වී ඇත.

එමෙන්ම හුදකලා තත්ත්වයේ පවතින මෙම පාසල් වසා දමා ඒවායේ සිසුන් පහසුකම් සහිත පාසල්වලට අනුයුක්ත කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව වාර්තා වේ.

එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන්නේ එම පාසල්වල සිසුන්ට සිදු වන අසාධාරණය වළක්වාලීම සඳහා ය.

සිසුන් අඩු පාසල් සෙසු පාසල්වලට අනුයුක්ත කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අධ්‍යාපන කලාප කිහිපයක් උපයෝගී කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙන අතර කොළඹ දිස්ත්‍රික්කයේ පැවැති කුඩා පාසල් කිහිපයක් වසා දමා ඒවායේ සිසුන් දැනට වෙනත් පාසල්වලට අනුයුක්ත කර තිබේ. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන්නේ කිලෝ මීටර් තුනක් ඇතුළත එක් පාසලක් යන සංකල්පය ද පෙරදැරිව ය.

පසුගිය දා නැගෙනහිර පළාතේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ මෙවැනි පාසල් විශාල ප්‍රමාණයක් උතුරු නැගෙනහිර පවතින අතර කුඩා පාසල් වසා දමා ඒවායේ සිසුන් පහසුකම් සහිත පාසල්වලට අනුයුක්ත කරන බවයි.

පෙර වසරට සාපේක්ෂව පසුගිය වසරේ පාසල් සංඛ්‍යාව තිහකින් අඩු වී තිබෙන අතර පළමු ශ්‍රේණියට ඇතුළත් වීම් ද පන්දහසකට වැඩි සංඛ්‍යාවකින් අඩු වී තිබේ. වාර්ෂික උපත් සංඛ්‍යාව අඩු වෙමින් පවතින හෙයින් පාසල් පද්ධතිය දැඩි කළමනාකරණයකට ලක් කිරීමේ අවශ්‍යතාව ද අමාත්‍යාංශය හඳුනාගෙන ඇත.

ජනපති ප්‍රකාශය ගැන මව්බිම සිරස්තලය ආන්දෝලනයට තුඩු දෙයි.!

ජනපති ප්‍රකාශය ගැන මව්බිම සිරස්තලය ආන්දෝලනයට තුඩු දෙයි.!

මැතිවරණ නීති උල්ලංඝණයක් කිරීමක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමුකළ බවට කොමිසමේ මූලාශ්‍රයක් සහතික කර එය අද (අප්‍රේල් 17) ප්‍රධාන පුවත හැටියට වාර්තා කිරීමෙන් පසු එහි සභාපතිවරයා විසින් ම එම තොරතුර ප්‍රතික්ෂේප කරනු ලැබීම ගැන ‘මව්බිම’ සිය බලවත් විමතිය පළ කර සිටියි.

‘නොදිනන සභාවලට ප්‍රතිපාදන නොදෙන බවට ජනපති කළ ප්‍රකාශය ගැන පැමිණිලි – මැතිවරණ නීති කඩන කතා එපා : මැ.කො ජනපතිට ලියයි’ යන සිරස්තලය යටතේ පළ කළ පුවත මැතිවරණ කොමිසමේ මූලාශ්‍ර මගින් ලබා ගත් පුවතක් වන අතර මෙසේ කොමිසම පැය විසි හතරක් ඇතුළත ස්ථාවර දෙකක් ගැනීම ගැන ‘මව්බිම’ සිය අප්‍රසාදය පළ කරමින් අද දිනයේ ම මැතිවරණ කොමිසමට හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපි යොමු කළ බව එම පුවත්පත වාර්තා කර ඇත.

මැතිවරණ කොමිසම මෙසේ ස්ථාවර දෙකක් පෙන්වමින් සිටින්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුත්තල හා තිස්සමහාරාම මැතිවරණ රැස්වීම්වලදී කළ ප්‍රකාශ මගින් පළාත් පාලන ආයතන මැතිවරණ ආඥා පනතේ අයුතු බලපෑම් හා අල්ලස යන වැරැදි සිදුකර ඇති බවට සී.එම්.ඊ.වී සංවිධානය මීට සති දෙකකට පෙර කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් බව පුවත්පත පවසයි.

ජාතික ජන බලවේගයේ නොවන කණ්ඩායමක් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළහොත් ඒවාට මුදල් වෙන්කිරීම කළ නොහැකි බව ත් මුදල් වෙන්කළත් එය සැලකිල්ලෙන් කිරීමට සිදුවන බව ත් වශයෙන් මැතිවරණ වේදිකාවලදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශවලට එරෙහිව මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කළේ පසුගිය 2 වන දා ය.

‘2025 පළාත් පාලන ආයතන මැතිවරණ ව්‍යාපාරය අතරතුර විධායක ජනාධිපතිතුමා විසින් මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීම පිළිබඳ පැමිණිල්ල’ මැයෙන් වූ එම පැමිණිල්ලේ අදාළ ප්‍රකාශ දෙක ම පළාත් පාලන ආයතන මැතිවරණ ආඥා පනතේ 82 (ඇ) හා 82 (ඈ) (අයුතු බලපෑම් හා අල්ලස) යන වගන්ති බරපතළව හා පැහැදිලි ලෙස උල්ලංඝණය කිරීමක් බව සිය විශ්ලේෂණාත්මක මතය යැයි එම සංවිධානය දක්වා තිබිණි.

රටේ විධායක ජනාධිපතිවරයාට තිස්සමහාරාම හා බුත්තල ප්‍රාදේශීය සභාවට තම පක්ෂයේ නියෝජිතයින් තෝරා පත් කර නොගතහොත් ප්‍රදේශයේ මූල්‍ය අවශ්‍යතා ඉටු කිරීමට ප්‍රමාද වන බවට හෝ මෙම අවශ්‍යතා ඉටු කිරීමට ප්‍රමාද විය හැකි බවට ඡන්දදායකයින්ට කිසිසේත් තර්ජනය කළ නොහැකි යැයි සී.එම්.ඊ.වී ආයතනය තම පැමිණිල්ලේ දක්වා ඇත.

එසේ ම සිය නියෝජිතයාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ජන බලවේගයෙන් පැමිණෙන යෝජනා පිළිගෙන ප්‍රශ්න කිරීමකින් තොරව අරමුදල් සපයනු ලබන බවටත් වූ ප්‍රකාශය සමග සැසඳූ විට පැහැදිලි ලෙසම ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තර්ජනයක් සහ පොරොන්දුවක් යන දෙක ම ඒකාබද්ධ කරන්නක් යැයි ද සී.එම්.ඊ.වී ආයතනය පවසයි.

වඩා ගැටලුසහගත කරුණ වන්නේ ජනාධිපතිවරයා රට පුරා පණිවිඩයක් යවමින් මෙම කරුණු යළි යළිත් ප්‍රකාශ කරමින් සිටීම යැයි පවසන එම සංවිධානය පක්ෂ දේශපාලනය ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන වත්මන් ජනාධිපතිවරයා විසින්ම මෙවැනි ප්‍රකාශ කිරීම නිසා ජාතික ජනබලවේගයට ඡන්දය දීමට අකැමැති ඡන්දදායකයන්ට තර්ජනයක් හා අල්ලසක් ලෙසින් එය විශ්වාසදායක වනු ඇතැයි ද අවධාරණය කරයි.

ජනාධිපතිවරයාගේ මෙම මැදිහත්වීම සම බිමක ක්‍රීඩා කිරීමේ මැතිවරණ මූලධර්මයට හානි කර නිදහසේ සහ ස්වාධීනව ඡන්දය ප්‍රකාශ කිරීමේ පුරවැසි අයිතියට තර්ජනය කරමින් අවසාන මැතිවරණ ප්‍රතිඵලයට බලපෑ හැකි යැයි ද එම පැමිණිල්ලේ වැඩිදුරටත් දක්වා තිබිණි.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ගත් පියවර ගැන පසුගිය 10 වන දා එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගෙන් ‘මව්බිම’ විමසූ අතර ඒ ගැන සිය පැමිණිලි අංශයෙන් විමසන්නැයි ඔහු පැවසූ බව පුවත්පත වාර්තා කර ඇත.

ඉන්පසුව මේ සම්බන්ධයෙන් පෙරේදා(අප්‍රේල් 16) කළ විමසීමේදී ජනාධිපතිවරයාට එවැනි ප්‍රකාශ නොකරන ලෙසට ජනාධිපති ලේකම්වරයා ආමන්ත්‍රණය කරමින් ලිපියක් යොමුකළ බව එම අංශයේ නිලධාරියෙකු පැවසූ බව පුවත්පත වැඩිදුරටත් පෙන්වා දෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වගන්තියෙන් සිවිල් හා අපරාධ නඩු පැවරීමේදී ජනාධිපතිවරයාට හිමි වන මුක්තිය නිසා මෙවැනි සිදුවීම්වලදී ජනාධිපති ලේකම්වරයා ආමන්ත්‍රණය කරමින් ලිපි යොමුකිරීමේ පිළිවෙත ගැන එම නිලධාරියා එහිදී සවිස්තර පැහැදිලි කිරීමක් කළ බවද එහි සඳහන් වේ.

එම නිලධාරියා සිදුකළ දීර්ඝ පැහැදිලි කිරීමේදී මෙසේ ද සඳහන් වූ බව පුවත්පත වැඩිදුරටත් දක්වා ඇත.

“පැමිණිලි ආපු නිසා ඒවා කෝට් කරලා ජනාධිපතිතුමා දැනුවත් කරන්න කියලා අපි ජනාධිපති ලේකම්ට ලියලා තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වගන්තිය තියෙනවානේ එයාට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න බැහැනේ. එනිසා තමයි අපි ජනාධිපති ලේකම්ට ලිව්වේ මේ විදිහට කරන්න දෙන්න එපා කියලා.”

එම නිලධාරියාගේ පැහැදිලි කිරීම අනුව ‘මැතිවරණ නීති කඩන කතා එපා: මැකො ජනපතිට ලියයි’ යන හිසින් ප්‍රධාන සිරස්තලය ලෙසින් ‘මව්බිම’ අද එම පුවත වාර්තා කළේ ඒ අනුව බව පුවත්පත වැඩිදුරටත් කරුණු දක්වමින් පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, පුවත්පත මුද්‍රණය වී පළවීමෙන් පසු මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා ‘මව්බිම’ට දුරකතන ඇමතුමක් ගෙන මෙම පුවත සදොස් බව ත් එවැනි ලිපියකට තමා අස්සන් නොකළ බව ත් පැවසූ බව ඔවුන් පවසති.

ජනාධිපති ලේකම්වරයා අමතා යැවූ බව කියන ලිපියක් ගැන ‘මව්බිම’ට පෙර දිනයේ ප්‍රකාශයක් කළේ ද මැතිවරණ කොමිසමේ නීති අංශයේ නිලධාරියෙකු වන පසුබිමක හා එම අංශයෙන් අදාළ තොරතුරු ලබාගන්නැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ම මාර්ගෝපදේශ සැපයූ පසුබිමක පුවත පළකිරීමෙන් පසු මෙවැනි ප්‍රතිචාරයක් දැක්වීම ගැන පුවත්පතක් හැටියට විමතිය පළ කරනා බව එහි සඳහන්ව ඇත.

එසේ ම, ස්වාධීන කොමිසමක් හැටියට මෙහි ගැටලුවක් වේ නම් මැතිවරණ කොමිසමේ ලිපි ශීර්ෂ යටතේ ප්‍රතිචාර නොදක්වා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලවා පය බුරුලෙන් තබන නිවේදනයක් නිකුත් කිරීම වඩා ප්‍රශ්නකාරී බව ද අවධාරණය කරන බවද එහි සඳහන්.

මේ අතර, 2025 CMEV/SLG2025/Complaint/01 අංකය දරන පැමිණිල්ල ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමට 2025 අප්‍රේල් මස 2 දින යොමුකර දින 15ක් ගතවී ඇති නමුත් මැතිවරණ කොමිසමෙන් කිසිදු ප්‍රතිචාරයක් තමන්ට නොලැබීම අවදානයට ලක් විය යුතු කරුණක් බව කියමින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය අද නිවේදනයක් නිකුත් කර ඇත.

සිය පැමිණිල්ලේ අන්තර්ගතය ඡන්දයට තීරණාත්මක බලපෑමක් ඇතිකරන නිසා එයට ඉක්මන් හා ප්‍රමාණවත් පිළිතුරක් මැතිවරණ කොමිසමෙන් ජනතාව වෙනුවෙන් තම සංවිධානය බලාපොරොත්තු වෙන බව එහි වැඩිදුරට ත් සඳහන් වේ.

පිල්ලෙයාන්ගේ ආධුනික නීතීඥයා ගැන නලින්ද කතා කරයි.!

පිල්ලෙයාන්ගේ ආධුනික නීතීඥයා ගැන නලින්ද කතා කරයි.!

අද (16) පැවති මාධ්‍ය හමුවක අදහස් දක්වමින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ පිල්ලයාන්ගේ නීතිඥයා බවට ගම්මන්පිල පත්වීමත් සමග අතීතයේ සිදුවූ වංචා දූෂණ ඝාතන කොතරම් බරපතල දැයි එයින් පෙනී යන බවයි.

අමාත්‍යවරයා කියා සිටියේ, උදය ගම්මන්පිල මහතා මීට පෙර මේ රටේ නඩු කතා කර ඇති බවට ජනතාව දැක නැති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා :

“ගම්මන්පිල මහතා මේ රටේ නඩු කතා කරනවා මීට පෙර ජනතාව දැක නැහැ. නමුත් පිල්ලයන් තම නීතිඥයා හැටියට තෝරාගෙන තිබෙන්නේ ගම්මන්පිලව.

ගම්මන්පිල බාරගෙන තිබෙන්නෙත් පිල්යන්ගේ නඩුව. මේවා නිකම්ම නිකම් දේශපාලන ඝාතන නොවේ. මේවා මහා ජාලයක් ඇතුලේ ක්‍රියාත්මක වී තිබෙන දේවල්. එම නූල් බෝලය දැන් ටිකෙන් ටික ලිහෙමින් පවතිනවා.

මේ වන විට අල්ලස් කොමිසම සක්‍රීය වී පසුගිය කාලයේ යටගොස් තිබූ ෆයිල් උඩට ගනිමින් තිබෙනවා. වැරදිකරුවන්ට නඩු පවරමින් තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ඔවුන්ගේ කටයුතු ආරම්භ කරමින් නඩු පවරමින් අධිචෝදනා ගොනු කරමින් සිටිනවා.

නීතිය පැත්තෙන් කළ යුතු සියලු දේවල් ඊට සම්බන්ධ ආයතන මගින් සිදුකරමින් පවතිනවා. රජය මඟින් සිදු කරනු ලබන්නේ ඊට අවශ්‍ය පහසුකම් සැපයීම පමණයි”

බලහත්කාරයෙන් රැගෙන ගොස් උඩු මහලේ රැඳවූ 12 හැවිරිදි දරුවාට අසාධ්‍යයි.!

බලහත්කාරයෙන් රැගෙන ගොස් උඩු මහලේ රැඳවූ 12 හැවිරිදි දරුවාට අසාධ්‍යයි.!

කෙසෙල්වත්ත, පීර් සයිබු වීදීයේ නිවසක දෙවන මහලෙන් පහළට පැන දරුවෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයන් ආරම්භ කර තිබේ.

අදාළ සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ 12 හැවිරිදි දරුවා මේ වනවිට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

අදාළ දරුවා පසුගිය 13වන දින සිය නිවස ආසන්නයේ පදිංචි තවත් ළමුන් දෙදෙනෙකු සමග වෙළෙඳසැලකට ගොස් ඇති අතර එම වෙළෙඳසැල අසල පිහිටි තෙමහල් නිවසක ගේට්ටුවට තට්ටු කර ඇති බව සඳහන් ය.

එහිදී එම නිවසේ පදිංචි පුද්ගලයෙකු දරුවා බලහත්කාරයෙන් නිවස තුළට ඔසවාගෙන ගොස් දෙවන මහලේ කාමරයකට දමා සිරකර ඇති අතර එහිදී බියට පත්වූ දරුවා එම කාමරයේ ජනේලයක් විවෘත කර බිමට පැන ඇති බව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඊට ආධාර අනුබල දුන් 59 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කෙසෙල්වත්ත පොලීසිය පැවසීය.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත.

අල්ලස් කොමිසමෙන් කළ කැඳවීමට රනිල් බෑ කියයි.!

අල්ලස් කොමිසමෙන් කළ කැඳවීමට රනිල් බෑ කියයි.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අල්ලස් කොමිසම හමුවේ කැඳවීමට පියවර ගැනීම සම්බන්ධව ඔහු විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ මගින් ඔහු පවසන්නේ තමා කැඳවීමට දින ලබා දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුළ බවත් මෙම කාලසීමාවේදී ඔහුත් ඔහුගේ නීතීඥයින් කොළඹ රැඳි නොසිටින බැවින් වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතාට එරෙහිව සිදුකරනු ලබන විමර්ශණයට අදාලව සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රශ්නකිරීම සඳහා අප්‍රේල් මස 17 වනදා උදෑසන 9.30ට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පෙනී සිටින ලෙසට රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දීමක් කර තිබුණි.

ඇප හිමි වූ සැනින් අධිකරණයට අපහාස කරමින් දේශබන්දු ඉගිල යයි.!

ඇප හිමි වූ සැනින් අධිකරණයට අපහාස කරමින් දේශබන්දු ඉගිල යයි.!

අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප හිමිවූ පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහතාගේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ දේශබන්දු එන්නකෝන් මහතාගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඔහුගේ මෝටර් රථය උසාවිය භූමි තුළට ගෙනවිත් ඔහු රැගෙන යෑම සඳහා අවසර ලබා දෙන ලෙසත් අධිකරණ භූමියෙන් ඉවත්ව යන තෙක් පොලිස් ආරක්ෂාවක් ලබාදෙන ලෙසත් ය.

කෙසේවෙතත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එම ඉල්ලීම සඳහා සිය දැඩි විරුද්ධතාවය ප්‍රකාශ කළ අතර ඔහු පවසා සිටියේ අධිකරණය මගහරිමින් දින 20ක් සැඟවී සිටි දේශබන්දු තෙන්නකෝන් මහතාට එම අවධියේදී ආරක්ෂාව සලසාගත් ආකාරයට සිය ආරක්ෂාව සලසා ගත හැකි බැවින් ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබාදිය යුතු නොවන බවයි.

එමෙන්ම පොලිස් ආරක්ෂාව සමඟ ගාම්භීරව එළියට යමින් වෙනත් චිත්‍රයක් මවාපෑම සඳහා ඔහු උත්සාහ කරන බැවින් ඒ සඳහා අවස්ථාව ලබා නොදිය යුතු බවත් අපරාධකරුවන්ට එසේ සිදුකළ නොහැකි බවත් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් පැවසීය.

කරුණු සලකාබැලී මහේස්ත්‍රාත්වරයා විත්තියේ ඉල්ලීම ප්‍රතිෂේප කළ නමුත් එම නියෝගය ක්ෂණයකින් කඩකරමින් දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සුපිරි මෝටර් රථය උසාවි භූමිය තුළින්ම ඔහු රැගෙන ඉගිල ගියේය.

රනිල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.. චාමර නිදොස්කොට නිදහස්.?

රනිල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.. චාමර නිදොස්කොට නිදහස්.?

හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාමර සම්පත් දසනායක මහතාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබේ.

චාමර සම්පත් මන්ත්‍රීතුමාගේ පවුලේ සාමාජිකයන් මා මුණගැසුණා. අගමැති ලෙස සිටි සමයේ මෛත්‍රිපාල සිරිසේන ජනපති සමග මගේ අනුදැනුම ඇතිව භාණ්ඩාගාර ලේකම්තුමා එදා චක්‍රලේඛනයක් නිකුත් කළා.

පළාත් සභා මුදල් තැන්පත් ගිණුම් වල තැබීමට නොහැකි බවට ඒ චක්‍රලේඛයෙන් කියැවුනා. රජයේ මුදල් මෙන්ම අනෙක් මුදල් ඒ වර්ෂය ඇතුළත වියදම් කරන්නට තිබෙනවා. නැතිනම් මුදල් අමාත්‍යංශයට හෝ පළාත් සභාවේ මුදල් අමාත්‍යංශයට ඒ මුදල් නැවත දෙන්නට තිබෙනවා.

ඒ මුදල් ඉතිරි කරගෙන තැන්පත් ගිණුම් වල තබාගෙන එය පසුව වෙනත් ව්‍යාපෘති වල යෙදවීම නීති විරෝධී නිසා අප ඒ පියවර ගත්තා. ඒ අවස්ථාවේ චාමර සම්පත් මහ ඇමැතිවරයා මෙන්ම තවත් මහ ඇමතිවරුන් කිහිප දෙනෙක් මට කතා කළා. එය කරන්නට නොහැකි ඇයි දැයි දැනුම් දුන්නා. ඒ අනුව ඔවුන් එම මුදල් තැන්පත් ගිණුම් වලින් ඉවත් කර තිබෙනවා.

මිනිස්සුන්ට හු## තමයි.. චාමරගෙන් පැරණි පාර්ලිමේන්තු භාෂාව මතු වෙයි.!

මිනිස්සුන්ට හු## තමයි.. චාමරගෙන් පැරණි පාර්ලිමේන්තු භාෂාව මතු වෙයි.!

අද (10) පාර්ලිමේන්තුවේදී බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ විවාදය සඳහා සහභාගී වූ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුව අමතමින් අදහස් දැක්වීය.

එහිදී මන්ත්‍රීවරයා ඉතා ආවේගශීලී ලෙස අදහස් ප්‍රකාශකරමින් වර්තමාන පාර්ලිමේන්තුවේ මෙතෙක් නෑසූ නමුත් ඉතිහාසය පුරා පාර්ලිමේන්තු තුළදී අසන්නට ලැබුන වචන භාවිතයක්ද සිදු කළේය.

ශ්‍රී ලාංකිකයන් ලක්ෂයක් රැකියාවෙන් දොට්ට.!

ශ්‍රී ලාංකිකයන් ලක්ෂයක් රැකියාවෙන් දොට්ට.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් , ලොවටම බලපාන පරිදි අපනයන භාණ්ඩ සදහා පැනවූ තීරු බදු නිසා ශ්‍රී ලංකාවේ ලක්ෂයකට රැකියා අහිමි වන බවයි.

රජයට තීරු බදු සහ සුරා බදුවලින් ඇස්තමේන්තුගත ආදායම ලබාගැනීමට නොහැකිවී යන බවත්, ලංකාවේ පමණක් නොව අසල්වැසි රටවලද පිරිහෙන ආර්ථිකය නිසා දේශපාලන කැළඹීම් ඇතිවිය හැකි බවත් ,හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා තිබේ.

ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ශාලා ප්‍රධානීන් නිවාස අඩස්සියට පත්වෙයි.!

ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ශාලා ප්‍රධානීන් නිවාස අඩස්සියට පත්වෙයි.!

එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පැනවූ නව තීරු බදු හේතුවෙන් පැන නැගී ඇති ආර්ථික අර්බුදය සමඟ අවුරුදු බෝනස් දීමනාව කපාහැරීමට මාතර, වැලිගම, උඩුකාව ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක කළමනාකාරීත්වය ගත් තීරණයත් සමඟ ඊයේ (08) රාත්‍රියේ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණි.

එම තීරණය දැනුම්දීමත් සමඟ අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ප්‍රධානියාව නිවාස අඩස්සියේ තබා ගැනීමට එහි සේවකයන් විසින් කටයුතු කර තිබුනි.

මෙහිදී විරෝධතාකරුවන් ආයතන පිවිසුම් දොරටුව අඟුලු දමා එය සම්පූර්ණයෙන්ම අවහිර කරමින් විරෝධයේ නියැලුනු බව වාර්තා වේ.

ආයතන පාලන අධිකාරිය විසින් ඊයේ උදෑසන බෝනස් ලබා නොදීමට තීරණය කර ඇති බව දැනුම්දී ඇති අතර, එහිදී ද ආයතන ප්‍රධානීන් සහ සේවකයින් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා.

විරෝධතාවයට එක්වූ සේවකයින් පවසා ඇත්තේ, අවුරුදු බෝනස් ලබාදෙන තෙක් එම ස්ථානයෙන් ඉවත් නොවන බවයි.

පසුව ඇඟලුම් කර්මාන්තශාලාවේ ප්‍රධානීන් විසින් වැලිගම පොලීසියට දැනුම්වත් කිරීම සමඟ විශේෂ පොලිස් ආරක්ෂාවක් ද අදාළ කර්මාන්තශාලාවට යොදවා තිබේ.

එහෙත් අද (09) උදෑසන වනතෙක්ම සේවකයින් ආයතන පිවිසුම් දොරටුව අවහිර කරමින් විරෝධතාවයේ නියැලුණු බවට වාර්තා වේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට පසුගිය දා තීරණය කළේය.

අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් අප්‍රේල් 02 වන දින ප්‍රකාශයට පත්කර ඇති අතර එය අප්‍රේල් මස 5 වන දින සිට එම බදු පැනවීම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.