රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායකගේ රථය හදිසි ගිනිගැනීමකට ලක්ව ඇති බව වාර්තා වේ.
අද අලුයම 12.45ට පමණ බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍යවරයා ගමන්කරමින් සිටි රථය මෙලෙස එක්වරම ගිනි ගැනීමකට ලක්ව ඇති බව පැවසේ.
චාමර සම්පත් අමාත්‍යවරයා මහියංගනය සිට ඇල්ල ප්‍රදේශය දක්වා පැමිණෙමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ දී ඇති අතර ගින්න හේතුවෙන් අමාත්‍යවරයාට හෝ කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව සඳහන්.
බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ඇල්ල පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කර තිබේ.