ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර ඇත.
National Development Bank PLC තුළ, අභ්‍යන්තර වංචාවක් සිදු වී ඇති බව අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
එම වංචාව මගින් සැලකිය යුතු මට්ටමේ අලාභයක් සිදුවිය හැකි බව එම බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දී ඇති බව එම නිවේදනයේ දැක්වෙයි.
මෙම වංචාව නිසා, කිසිදු ගනුදෙනු කරුවෙකුගේ ගිණුමකට හෝ තැන්පතු වලට, බලපෑම් සිදුවී නොමැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඔවුන් දැනුම් දී ඇති බවද අදාළ නිවේදනය සඳහන් වේ.
National Development Bank PLC විසින්, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දී ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විය හැකි මුල්‍ය බලපෑම පිළිබඳව පූර්ව ඇගැයීමක් සිදු කර ඇති අතර ඒ අනුව වාර්තා කළ අලාභය සලකා බැලීමෙන් පසුවද, National Development Bank PLC හට එහි ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා සහ ද්‍රවශීලතාවය සම්බන්ධ අනුපාත, අවම නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළින් පවත්වා ගෙන යා හැකි බවට ප්‍රකාශ කර ඇත.
තවදුරටත් මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කරමින් සිටින අතර අවශ්‍ය පරිදි සුදුසු පියවර ගන්නා බවත් අවශ්‍ය වුවහොත්, පවතින නීති සහ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ බැංකු වලට ලබාගත හැකි දැනටමත් ක්‍රියාත්මක ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රම යටතේ, National Development Bank PLC හට, තාවකාලිකව ද්‍රවශීලතා ලබා ගැනීමේ හැකියාව පවතින බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

