දරුවන් අතර වෛරස ව්‍යාප්තියක්.!

දිවයින පුරා මේ දිනවල දරුවන් අතර වෛරසය ව්‍යාප්තියක් පවතින බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බවත් එම රෝගය ඉතා පහසුවෙන් අන් අයට බෝ විය හැකි බැවින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවද සෞඛ්‍ය අංශ සදහන් කරයි.

මෙම වෛරසය මගින් ස්වසන මාර්ගය ආසාදනයට ලක් කරනු ලබන අතර මේ හේතුවෙන් උණ, නාසයෙන් සොටු ගැලීම, උගුර වේදනාව, ඇඟපත වේදනාව, හිසරදය, කැස්ස, කිවිසුම් යෑම, තෙහෙට්ටුව ආදී රෝග ලක්ෂණ ඇතිවිය හැකිය.

එම රෝග ලක්ෂණ සහිත දරුවන් ඇත්නම් වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යොමුවිය යුතු බවද සෞඛ්‍ය අංශ සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close