අද (09) දින කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙකු අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවක් හේතුවෙන් එක් මන්ත්‍රීවරයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී රම්සි ටෝනි තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එම මන්ත්‍රීවරයාට පහරදී ඇත්තේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු වන උපාලි වැලිවත්ත බව වාර්තා වේ.
දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් ගැටුමක් දක්වා වර්ධනය වී ඇති අතර එම ගැටුමේදී රම්සි ටෝනි මන්ත්‍රීවරයාගේ නාසයට බරපතළ හානි සිදුව ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර එම පහරදීමට සම්බන්ධ මන්ත්‍රීවරයා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව වාර්තා වේ.

