ජනතා පරමාධිපත්‍යය වෙනුවෙන් පොහොට්ටුව කොන්දේසි විරහිත සටනක.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසන්නේ තම පක්ෂය කොළඹ මහ නගර සහාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගයට එරෙහි පාර්ශවයන්ගේ එකුතවෙන් සැදුම්ලත් පාලනයක් සඳහා අවශ්‍ය සහාය ලබාදීමට තීරණය කළ බවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ කොළඹ මහ නගර සභා බල සීමාව තුළ පදිංචි වී සිටින ජනතාවගෙන් අති බහුතරයක් ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇති බැවින් ජනමතයට ගරු කරමින් එම තීරණය ගත් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා කියා සිටියේ,

“කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් පක්ෂය හැටියට පෙනී යන්නේ පවතින ආණ්ඩුවට කොළඹ මහ නගර සභා බල සීමාව තුළ පදිංචි වී සිටින ජනතාවගෙන් අති බහුතරයක් කැමැත්ත ප්‍රකාශ කරලා නැහැ. කොළඹ මහ නගර සභාවේ ජනතාව මාලිමාව ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් තුළ මාලිමාවට විරුද්ධ පාර්ශවයන්ගේ එකතුවෙන් සැදුම්ලත් පාලනයක් බිහිකිරීමට අවශ්‍ය සහායෝගය පක්ෂයක් හැටියට අපි ලබාදෙන්න කැමැතියි.” 

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments