රජය අත දිගහැර ණය ගනී.. නැවතත් ණය උගුලකට හසුවෙන ලකුණු.!

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ශ්‍රී ලංකාව නැවතත් ණය උගුලට හසු වීමේ අවදානමක් මතුවෙමින් පවතින බවයි.

දේශීය භාණ්ඩාගාර බිල්පත්වලින් හා බැඳුම්කර වෙළඳපොළෙන් ශ්‍රී ලංකා රජය මේ වසරේ මුල් දින විසි දෙකේදී පමණක් රුපියල් කෝටි එක් ලක්ෂ එකොළොස් දහස් හත්සිය දාහතරක ණය ලබාගෙන ඇති බවත් මේ මාසයේ මුල් දින විසි දෙකේදී භාණ්ඩාගාර බිල්පත් වලින් කෝටි අසූ හයදහස් එකසිය හතළිහක්ද භාණ්ඩාගාර බැඳුම්කරවලින් කෝටි තිස්නවදහස් හැත්තෑ පහක්ද වශයෙන් ණය ලබාගෙන ඇති බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එමෙන්ම වත්මන් රජය මේ වසරේ ජනවාරි මාසයේදී දේශීය වෙළඳපොළෙන් රුපියල් කෝටි අසූ දහස් අටසිය හැට පහක්ද පෙබරවාරි මාසයේදී කෝටි හැට හතර දහස් එකසිය හතළිස් නවයක්ද මාර්තු මාසයේදී කෝටි අසූ හතර දහස් තුන් සිය විස්සක්ද අප්‍රේල් මාසයේදී කෝටි  හැත්තෑ දෙදහස් තුනක්ද මැයි මාසයේදී රුපියල් කෝටි හැත්තෑ නව දහස් හත්සිය විසි පහක්ද ණය ලබාගෙන ඇතැයි පැවසූ මහාචාර්යවරයා  මේ වසරේ මුල් මාස පහේදී දේශීය වෙළඳපොළෙන් ලබාගෙන ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් කෝටි තුන් ලක්ෂ අසූ අට දහස් හැට දෙකක් වන බවද සඳහන් කළේය.

මෙම තත්වය යටතේ ණය අර්බුදයක් කරා යන තත්වයක් පෙනෙන්නට ඇති හෙයින් දේශීය ණය ධරණීතාව රැකගැනීමට රජය කටයුතු කළ යුතු බව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close