මරණ 4ක් සහිතව ඩෙවෝන් 5 යාත්‍රාව දිවයින කරා එමින්.!

මත්පැන් බෝතලයක් යැයි සිතා ගැඹුරු මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබූ රසායනික ද්‍රාවණයක් පානය කළ ඩෙවෝන් 5 බහුදින යාත්‍රාවේ ධීවරයින් අතරින් මේ වනවිට සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඊයේ (29) දිනය වනවිට යාත්‍රාවේ සිටි ධීවරයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිටි අතර අද අළුයම සිදුවූ තවත් මරණයක් සමඟ මරණ සංඛ්‍යාව 4ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

එමෙන්ම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කළේ තවත් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසු වන බවට තොරතුරු වාර්තාවන බවයි.

එම කණ්ඩායම මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍ය කණ්ඩායමක් සමඟ විජයබාහු නෞකාව ඊයේ (29) පස්වරුවේ එම යාත්‍රාව කරා පිටත්ව ගිය බව නාවික හමුදාව පවසයි.

එම බහුදින යාත්‍රාවේ වයස අවුරුදු 42ක් 56ත් අතර අම්බලන්තොට, පල්ලිකකුඩාව, බෙලිඅත්ත, මාතර ප්‍රදේශවල පදිංචි ධීවරයින් 6 දෙනෙකු සිටිනා බව වාර්තා වේ.

අනතුරටපත් යාත්‍රාව සහ එහි පිරිස කඩිනමින් ගොඩබිමට රැගෙන එන ලෙස ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් ඇතුලු පිරිසක් ඊයේ පස්වරුවේ විරෝධතාවක ද නිරත විය.

එම යාත්‍රාව යළි දිවයිනට රැගෙන ඒමේදී එය කාර්මික දෝෂයකටද ලක්ව ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත වැඩිදුරටත් පැවසීය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close