ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග වන ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ පිළිවෙල 2023 වසර අවසානය දක්වා කල් යනු ඇති බව ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බැංකුව සඳහන් කරයි.
“IMF වැඩසටහනේ ප්‍රමාදයන් හේතුවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම 2023 අවසානය දක්වා කල් යනු ඇතැයි අපි සිතනවා. ද්විපාර්ශ්වික ණය දෙන්නන් සමඟ සාකච්ඡා බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් ගත වන බැවින් ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහන ප්‍රමාද විය හැකියි.
ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීමේ ප්‍රමාදයන් හේතුවෙන් ජාත්‍යන්රත මූල්‍ය අරමුදලේ මණ්ඩල අනුමැතිය 2023 දෙවන කාර්තුවේ දී සිදුවනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු. මෙය වානිජ ණය හිමියන් සමඟ සාකච්ඡා තවදුරටත් ප්‍රමාද කරනු ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලකට එළඹිමට හැකිවන්නේ 2023 අවසානය වන විට පමණි.“