දරුවන්ගේ ජීවිත අනතුරේ.. සෞඛ්‍ය අංශත් අසරණයි.!

ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයත් සමඟ දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල14ක් ඩෙංගු අවධානම් කලාප බවට නම් කර තිබේ.

එම රෝගීන් අතරින් 18.7%ක් රෝගීන් ප්‍රමාණය පාසල් ආශ්‍රිතව වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ පසුගිය මදුරු මර්දන සතිය තුළ පරිශ්‍ර 981 කට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි.

එම පාසැල් ආශ්‍රිත ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විශේෂ මදුරු මර්දන වැඩසටහන්ද ආරම්භ කර ඇති බව පැවසේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ඩෙංගු මර්දනය සඳහා ජනතාවගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය කරුණක් බවයි. එම ක්‍රියාවලිය තුල සෞඛ්‍ය අංශ සඳහා ඇති අවස්ථාව ඉතා කුඩා බවත් වැඩි වගකීමක් ජනතාව වෙත පැවරෙන බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ජේෂ්ඨ නිලධාරියෙකු අප කළ විමසීමකදී කියා සිටියේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close