By unusuma.lk on
(LK time)මාවනැල්ල පොලීසිය තුලදී සැමියෙකු විසින් තම බිරියට තියුනු ආයුධයකින් සිදුකල ප්‍රහාරයක් හේතුවෙන් ඇය තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මෙම සිදුවීම සිදුව ඇත්තේ දෙදෙනා අතර පැවති ආරවුලක් සම්බන්ධයෙන් පොලීසියට ලැබුනු පැමිණිල්ලක් විමර්ශණය කිරීම සඳහා පොලීසියට කැඳවා තිබූ අවස්ථාවකදී ය.
පොලීසිය පවසන පරිදි, මෙම සිදුවීම සිදුවී ඇත්තේ පසුගිය 26 දින මාවනැල්ල පොලීසියේදී පැවති විමර්ශනයක් අතරතුරදීය. සැමියා විසින් සඟවාගෙන ආ තියුණු ආයුධයක් භාවිතා කරමින් බිරියගේ ගෙල සහ මුහුණ කපා තුවාල කර ඇත.
තුවාල ලැබූ බිරිය වහාම මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය වැඩිදුරටත් පවසන පරිදි, මෙම යුවළ අතර පවුල් ආරවුල් රාශියක් පැවතී ඇති අතර, බිරිය බොහෝ අවස්ථාවලදී සැමියාගේ ප්‍රචණ්ඩත්වයට ලක්ව ඇත. ඊට අමතරව, සැමියා බිරියගේ නිරුවත් ඡායාරූප ජංගම දුරකථනයේ තබාගෙන ඇය ඇතැම් පුද්ගලයන් වෙත අලෙවි කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින අතර, සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇත.