වර්තමාන ලෝක යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ක්ෂේත්‍ර ගණනාවක් පීඩාවට පත්ව ඇති අතර රජයක් ලෙස ඒ පිළිබඳ අවධානය යොමු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
විදුලි ඒකක 90ට වඩා අඩුවෙන් පරිභෝජනය කරන පාරිභෝගිකයන් සඳහා ඉදිරියේදී සිදුවන විදුලි බිල වැඩිවීමකදී සහන සැලසීමට රජය තීරණය කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කරයි.
ඒ වෙනුවෙන් මසකට රුපියල් කෝටි 500 බැගින් මාස තුනක් සඳහා රුපියල් කෝටි 1500ක මුදලක් වෙන් කරන බව ජනාධිපතිවරයා අද (07) පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.
ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු ලබාදීම නිසා සිදුවන අතිරේක පිරිවැය කිසිසේත්ම සාමාන්‍ය පාරිභෝගිකයාගේ විදුලි බිලට එකතු නොකරන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කරයි.
“ඒකක 90ට අඩු අයට සහන දෙන්න රුපියල් බිලියන 15ක් වෙන් කෙරේ.
ඉන්ධන මිල ඉහළ යාමක්, පවතින වියළි කාලගුණික තත්ත්වයත් හේතුවෙන් විදුලිය ජනනය කිරීම සඳහා තාප බලාගාර යෙදවීම වෙනුවෙන් දැරීමට සිදුවන අමතර පිරිවැය විදුලි පාරිභෝගිකයන් වෙත විතැන් කිරීම වෙනුවට, ඒකක 90ට අඩු විදුලි පාරිභෝගිකයින්හට සහනයක් ලබා දීමට හැකි වන පරිදි අදාළ අමතර පිරිවැය මාස 03ක කාලයක් සඳහා රජය විසින් දැරීම.”

