මුහුදේ පාවෙමින් තිබූ බෝතල් මත්පැන් යැයි සිතා සප්පායම් වෙලා.. දෙදෙනෙක් ජීවිතක්ෂයට.!

තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසක් මත්පැන් බව සිතා විෂ සහිත ද්‍රාවණයක් පානය කිරීම හේතුවෙන් දෙදෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.

ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ එම කණ්ඩායමේ තවත් ධීවරයින් සිව් දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි.

දින කිහිපයකට පෙර තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය “ඩෙවෝන්” නම් බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 06 දෙනෙකු මෙම සිද්ධියට මුහුණ පා ඇති බව වාර්තා වේ.

මසුන් අල්ලමින් සිටි ධීවරයින් පිරිසට ඊයේ (28) රාත්‍රියේ මුහුදේ පාවෙමින් තිබු බෝතල් කිහිපයක් හමුවී ඇති අතර මත්පැන් බව සිතා ඔවුන් ඒවා පානය කර ඇති බව පැවසේ.

පසුව ධීවරයින් 06 දෙනාම රෝගී තත්ත්වයට පත්වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පණිවිඩ හුවමාරු යන්ත්‍ර ඔස්සේ ඔවුන් ගොඩබිමට දැනුම් දී ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close