ආණ්ඩුව රුපියල් කෝටි ලක්ෂයක් ගිලියි.!

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන පාඩු ලැබීම ජනතාවට හුරු පුරුදු දෙයකි.නමුත් 2023 ජනවාරි දක්වා රාජ්‍ය ආයතන වල සමස්ත පාඩුව රුපියල් “කෝටි ලක්ෂයක්” බව මහබැංකුව නිවේදනය කරයි.

ඒ අතර 2022 වසරට පමණක් විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 800 ක් බව මහබැංකුව නිවේදනය කරයි.ජනතාවගේ බදු මුදල් මෙලෙස විනාශවීමට රාජ්‍ය අංශයේ දූෂිත නිලධාරීන්,වංචා දූෂණ හා වැරදි කළමනාකරණය බලපා ඇති බව මහබැංකු වාර්තාව හෙළිකරයි.

විවිධ ආණ්ඩුවල ජනප්‍රිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් දැඩි ලෙස අවභාවිතා කිරීම මෙම දරුණු ආර්ථික අවපාතයට හේතු වූ බව මහබැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close