රජය ජනතාවට දැනුම්දීමක් කරයි.!

අද (20) දිනයේ සිට පළාත් පාලන ආයතන වලින් රටේ මහජනතාවට අවශ්‍ය සේවය එලෙසම ලබාදීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සදහන් කරයි.

ඒ සඳහා අවශ්‍ය සියලු පියවරයන් මේ වන විට ආණ්ඩුව ගෙන ඇති බවත් එම ආයතනවල සියලු පරිපාලන කටයුතු අද සිට කොමසාරිස්වරුන් හා ලේකම්වරුන් යටතට පත් කෙරෙනු ඇති බවද සදහන් කරයි.

පසුගිය 2018 වසරේ පෙබරවාරි 10 වනදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් අනතුරුව සභිකයින් තෝරාගැනීමෙන් පසු මාර්තු 20 වනදා සිට එම ආයතන 340ක සභිකයින්ගේ නිල කාලය ආරම්භ විය.

පළාත් පාලන ආයතන 340ක නිල කාලය ඊයේ (19) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close