By unusuma.lk on
(LK time)අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට එට්කා ගිවිසුම පිළිබඳ කථා කිරීමට සදාචාරාත්මක අයිතියක් නැතැයි දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ සභාපති ගුණදාස අමරසේකර සදහන් කරයි.
එට්කා ගිවිසුම අත්සන් කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කාලයේ උත්සාහ කළද එයට විරුද්ධව උද්ඝෝෂණය කළ පිරිස අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පෙරමුණ ගත් නිසා ඒ ගැන කතා කිරීමට ඔහුට සදාචාරාත්මක අයිතියක් නැතැයි ද සභාපති ගුණදාස අමරසේකර සදහන් කරයි.
සභාපති ගුණදාස අමරසේකර සදහන් කළේ,
“රනිල් වික්‍රමසිංහ මහතා කරුණු 5ක් උඩ තමන්ගේ අදහස් දක්වා තිබුණා. ඒක පිටු දෙකකට සීමා වුණා. අනුර කුමාර දිසානායක මහතා ඉන් ඔබ්බට ගිහින් කරුණු 34ක් මුල් කරගෙන පිටු පහකින් යුත් ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම රටට හානිකරයි.
රනිල් වික්‍රමසිංහගෙන් ඉදිරියට ගොස් මේ ගිවිසුම අත්සන් කරන්න ඕනෑ තැනට කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා මෙවැනි ප්‍රකාශයක් කිරීමට ඔහුට සදාචාරාත්මක අයිතියක් නැහැ.
මෙම ගිවිසුමට එරෙහිව හඬ නැගූ අනුර කුමාර දිසානායකට ඒ ගැන කථා කිරීමටවත් අයිතියක් නැහැ. එටිකා ගිවිසුම ගැන දැඩි ලෙස විවේචනය කළ අනුර කුමාර දිසානායක මේ ගැන කතා කිරීම ගැන අපි කනගාටු වෙනවා.”
කොළඹ එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී සභාපති ගුණදාස අමරසේකර මේ බව සදහන් කරයි.