රාජ්‍ය අනුග්‍රහයෙන් හතර මහා නිධානය ගොඩ ගැනීමේ මෙහෙයුමක්.!

අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් අධිකරණ නියෝගයකට අනුව ඊයේ (21) වේයන්ගොඩ වදුරව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පොළොව යට ඇති නිධානයක් සොයා කැණීම් කටයුතු ආරම්භ කර ඇත.

මෙම ස්ථානයේ මහා නිධානයක් ඇති බව පවසමින් වසර ගණනාවක සිට අවස්ථා කිහිපයකදීම මෙම ස්ථායේ අනවසර කැනීම් සිදුකර ඇති අතර ආරක්ෂක අංශය විසින් අවස්ථා කිහිපයකදී නිධන් හැරීම සඳහා භාවිතකළ උපකරණ සමග පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවටද ගෙන ඇත.
 
මෙම ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකළ පරීක්ෂණ කටයුතුවලදී මෙහි නිධානයක් නොමැති බවට තොරතුරු හෙළි වී ඇති
නමුත් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ කිසියම් දෙයක් පොළොව අභ්‍යන්තරයේ ඇති බවයි.

පසුව අදාල අංශ විසින් අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, පතල් හා භූ විද්‍යා කාර්යාංශය, වේයන්ගොඩ පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතනවල නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් සහ මහජනතාවගේ සහභාගිත්වයෙන් මෙහි කැණීම් කටයුතු ාරම්භ කර තිබේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.