පුද්ගලයින් 10ක් සමග අතුරුදන් හෙලිකොප්ටරයක් මුහුදට කඩා වැටෙයි.!

ජපන් පුද්ගලයන් 10 දෙනෙකු සමඟ අතුරුදන් වූ ජපාන හමුදා හෙලිකොප්ටරයක් ​​ඔකිනාවා ප්‍රාන්තයේ මුහුදට කඩා වැටෙන්නට ඇතැයි ජපාන බලධාරීහු සදහන් කරයි.

සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමකදී එම ගුවන් යානයේ කොටස් පාවෙන සුන්බුන් සේ දක්නට ලැබුණු බවද ජපාන බලධාරීහු සදහන් කරයි.

බ්ලැක් හෝක් ලෙස හැඳින්වෙන UH60 එම හෙලිකොප්ටරය ඊයේ දින මියාකෝ දූපත අසල රේඩාර් තිරයෙන් අතුරුදහන් වු බවද සදහන් කරයි.

මෙම අනතුර සම්බන්ධයෙන් ජපාන ජෙනරාල් යසුනෝරි මොරිෂිටා වාර්තාකරුවන්ට සදහන් කළේ, ‘ගුවන් අනතුරක් සිදුවී ඇති බව අපි විශ්වාස කරනවා.’ යනුවෙන්ය.

ඒ ජපානයේ භූමි ස්වයං ආරක්ෂක බලකාය (GSDF) විසින් භාවිතා කරන ලද තල හතරකින් යුත්, ද්විත්ව එන්ජින් සහිත ප්‍රවාහන හෙලිකොප්ටරය මෙලෙස අතුරුදහන් වූ බව ජපාන හමුදාව සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close