හිරුණිකාට අධිකරණයෙන් දුන් නියෝගය.!

2022 වසරේ කුරුඳුවත්ත, නිදහස් චතුරස්‍රයේ අසලදී නීතී විරෝධී ලෙස වීදි නාට්‍යයක් රඟ දැක්වීම චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 15 දෙනෙකුට එරෙහිව ඇති නඩුව මාර්තු (16) වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඒ මෙම නඩුකරය අද (08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාන් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

2022 නොවැම්බර් (14) වන දින, පොලිස් ආඥා පනත සහ මංසන්ධි ආඥා පනත උල්ලංඝනය කරමින් සැකකරුවන් නිදහස් චතුරශ්‍රය අසල නීති විරෝධී වීදි නාට්‍යයක් වේදිකා ගත කළ බවට චෝදනා කරමින් කුරුඳුවත්ත පොලිසිය මෙම නඩුව ගොනු කර ඇත.

6 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments