සියළුම වාහන ආනයනයට අවස්ථාව.!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරන ලද වාර්තාව මඟින් පෙන්වා දෙන්නේ වාහන ආනයනය පිළිබඳව රජයේ සැලසුම් මෙම සතිය තුළ රජය විසින් ඉදිරිපත් කරනු ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකාවට මෝටර් රථ ගෙන්වීමේ අවසරය 2025 ආරම්භයේදී ලබා දෙනු ඇති බවත්ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය විස්තීරණ මූල්‍ය පහසුකම යටතේ ලබා දුන් ණය වාරිකය පිළිබඳව සමාලෝචන වාර්තාව එළිදක්වමින් මේ බව සඳහන් කර ඇත.

එම වාර්තාවට අනුව මෙරට රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.9 % කට ඉහළ නංවා ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර අතර වාහන ඇතුළු ආනයන භාණ්ඩ සඳහා පවතින ආනයන සීමා ඉවත් කිරීම ද ඇතුළත් කර ඇත.

එහි වැඩිදුරටත් සඳහන්න්වනුයේ මෙරටට සියලු ම වාහන සඳහා සම්පූර්ණ ආනයන අවසරය ජනවාරි මාසයේ සිට හිමිවනු ඇති බවයි.

ඒ අනුව ප්‍රථමයෙන් වාණිජ වාහන සඳහා ආනයන සීමා ඉවත් කිරීමටත් දෙවනුව පොදු ප්‍රවාහන සේවා සඳහා එම සීමා ඉවත් කිරීමටත් මුදල් අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් පත් කරන ලද කමිටුව සිය වාර්තාව මඟින් ජනාධිපතිවරයා වෙත නිර්දේශ කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close