දුම්රිය දෙකක් එකිනෙකට ගැටී විශාල පිරිසක් රෝහල්ගත කරයි.!

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේදී අද (30) දින උදෑසන දුම්රිය දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදු වූ දුම්රිය අනතුරකින් මගීන් 10 දෙනෙකු මියගොස් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

විශාකාපට්නම් සිට පලාසා දක්වා ධාවනය වූ විශේෂ මගී දුම්රියක සංඥා නොලැබීම හේතුවෙන් නවතා තිබූ අවස්ථාවේදී විශාකාපට්නම් සිට රයගාදා දක්වා ධාවනය වූ මගී දුම්රියක් නවතා තැබූ දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇත.

මෙම දුම්රිය අනතුර සංඥා නොදැකීම හේතුවෙන් සිදුව ඇති බවත් දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 90කට වැඩි පිරිසක් රැගත් දුම්රිය මැදිරි දෙකක් පීලි පැන ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අනතුරින් තුවාල ලැබූවන්ට ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කඩිනම් සහන පියවර ගන්නා ලෙස සෞඛ්‍ය නිලධාරීන්ට නියෝග කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close