අද (10) දින ඉන්දුනීසියාවේ තලාවුඩ් දූපත් වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
භූකම්පනය කිලෝමීටර් 77 (සැතපුම් 47.85) පමණ ගැඹුරකින් යුත් ප්‍රදේශයක හට ගෙන ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරයි.

