මුම්බායි පරදා ගුජරාට් අවසන් මහා තරගයට.!

ඉන්දීය IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර (26) පැවැති අවසන් පුර්ව තරගයේ ජය හිමි කරගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 233ක් ලබාගත්තේය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 02ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 171ක් ලබාගත්තේය.

ඒ අනුව එළඹෙන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගය චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වේ.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close