ඉරාන ජනපතිගේ හෙලිකොප්ටර් අනතුර ගැන තොරතුරු රැසක් හෙළිවෙයි.!

ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ කාර්ය මණ්ඩල ප්‍රධානී, ගොලොම් හුසේන් ඉස්මයිලි සදහන් කරන ආකාරයට පසුගිය මැයි (19) වැනිදා ඉරාන ජනාධිපතිවරයාගේ හෙලිකොප්ටර් යානයට අමතරව තවත් හෙලිකොප්ටර් යානා දෙකක් පිටත්ව ඇති බවයි.

ගොලොම් හුසේන් ඉස්මයිලි සිටි හෙලිකොප්ටර් යානය ඉරාන ජනපතිවරයා සිටි යානයට පිටුපසින් ගමන් කළ ඇති අතර යානය පිටත්ව විනාඩි 45කට පසුව එම යානා තුනටම ජනාධිපතිවරයා ගමන් ගත් යානයේ නියමුවා වලාකුළු හේතුවෙන් අණ ලබාදී ඇත.

ජනාධිපතිවරයා ගමන් ගත් යානයේ නියමුවා එම හෙලිකොප්ටර් යානා තුනම ඉහළට ඔසවන ලෙසට නියෝග කළ බව කාර්ය මණ්ඩල ප්‍රධානී, ගොලොම් හුසේන් ඉස්මයිලි සදහන් කරයි.

උපුටා ගැනීම,

අපි වලාකුලු වලින් ඉහළට නැගිලා තත්ත්පර තිහක් විතර ගියා. අපේ නියමුවා හදිසියේම දැනගත්තා ජනධිපතිවරයා සිටි හෙලිකොප්ටර් යානය නැහැ කියල. ඉහළට යද්දී කිසිම අපහසුවක් හෝ අසීරුවක් දැනුනේ නැහැ. නියමුවා හදිසියේම ආපසු හැරුණා ඒ වෙලාවෙ මම ඇහුවා ඇයි කියල.ඔහු කිව්වා හෙලිකොප්ටර් යානයක් අතුරුදන් කියලා.

අපි හිතුවා ඒ වෙලාවේ යානය හදිසියේ ගොඩ බස්වන්නට ඇති කියල මොකද කිසිම රේඩියෝ සබදතාවක් තිබුනේ නැති නිසා. මම නියමුවාගෙන් ඇහුව අන්තිමට කතා කලේ කොයි වෙලාවෙද කියලා. ඔහු කිව්වා ජනාධිපතිවරයාගේ නියමුවා විනාඩි යයි තත්පර 30කට කලින් යානය ඉහළට ඔසවන්න උපදෙස් දුන් බව.

අවස්ථා කිහිපයක් උත්සාහ කළාට පස්සේ ජනාධිපතිවරයා සමග සිටි කැප්ටන්ගේ දුරකථනයට කෙනෙක් පිළිතුරු දුන්නා. ඒ ටැබිරිෂ් පළාතේ සිකුරාදා ඉමාමිවරයා වන අයතුල්ලා හෂීම්. ඔහු කිව්වා ඔහුට අමාරුයි කියල. වෙන මොකුත් කිව්වේ නැහැ.

මම ඇහුවා ඇත්තටම මොකක්ද වුනේ කියල. ඔහු කිව්වා ඔහු දන්නේ නෑ මොකක්ද වුනේ කියල. කොහෙද ඉන්නේ කියල ඇහුවාම දන්නේ නැහැ කිව්වා. ඔහුට පේන්න තියෙන දේවල් මොනවද කියල අපිට කිව්වා. ඒ කියන්නේ ඔහු වටේ තිබුන ගස් වගේ දේවල්. අනෙක් අයගේ තත්ත්වය ගැන අහුවම ඔහු කිව්වා ඔහු ඉන්නේ තනියම අනිත් අය පේන්න නැහැ කියල.

උපුටා ගැනීම අවසන්

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS