ඉරානයේ විරෝධතා ප්‍රචන්ඩ වෙයි.. කුඩා ළමයින් ඇතුළු 116ක් මරුට.!

ඉරානයේ උත්තරීතර නායක අයොතුල්ලා අලි කමේනි පාලනයට එරෙහිව රට පුරාම ආරම්භ වූ මහජන විරෝධතා අඛණ්ඩව මේ වනවිටත් පැවැත්වේ.

ඉරානයේ නගර 180ක ස්ථාන 500කට වැඩි ප්‍රමාණයක් පුරා පැතිරී ඇති මෙම ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් මේ වනවිට අවම වශයෙන් 116ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් මියගිය පිරිස අතර කුඩා ළමයින් නව දෙනෙකු සිටින බවත් 2,600කට වැඩි විරෝධතාකරුවන් පිරිසක් ආරක්ෂක අංශ සිය භාරයට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට විරෝධතාකරුවන් තවදුරටත් දේපළ වලට හානි කරමින් ප්‍රචණ්ඩව හැසිරෙන අතර එරට පුරා අන්තර්ජාල සේවා තවමත් අක්‍රිය තත්ත්වයේ පවතී.

මෙම විරෝධතා වලට සහභාගී වන ඕනෑම අයෙකු “දෙවියන්ගේ සතුරෙකු” ලෙස සලකනු ලබන බවත් එය මරණ දඬුවමට යටත් කළ හැකි චෝදනාවක් බවද උත්තරීතර නායක අයොතුල්ලා අලි කමේනි සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments