අමෙරිකාව සමග සහයෝගයෙන් කටයුතු කරන කලාපයේ තෙල් සමාගම් වලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවා ඇත.
ඉරානයේ තෙල් හා බලශක්ති යටිතල පහසුකම් වලට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට පළිගැනීමක් ලෙස එම ප්‍රහාර එල්ල කරන බව ඉරානය සඳහන් කරයි.
ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන මධ්‍යස්ථානය වන කාර්ග් දූපතේ හමුදා ඉලක්ක වෙත එල්ලවූ අමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානයේ සන්නද්ධ හමුදාවන්ගේ ඒකාබද්ධ සටන් විධානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
