මෙරට ISIS ත්‍රස්ත කණ්ඩායමේ තොරතුරු අනාවරණය කරයි.!

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ISIS සාමාජිකයින් සිව් දෙනා සමඟ සමීප සබඳතා පැවැත්වූ ශ්‍රී ලාංකිකයෙකු මාලිගාවත්තේදී ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සිව් දෙනා අතර මොහොමඩ් නුෆ්රාන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පොට්ට නවුෆර්ගේ දෙවනි විවාහයේ පුත්‍රයෙකු වන බව විමර්ශන බලධාරීහු අනාවරණය කරගෙන ඇත.

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ISIS සාමාජිකයින් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ විමර්ශන කණ්ඩායමක් පත් කෙරුණා.

ත්‍රස්ත විමර්ශන ඒකකය ද ඊට ඇතුළත් වන අතර මේ වන විට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා පිළිබඳ තොරතුරු අදාළ විමර්ශන කණ්ඩායම ඉල්ලා තිබේ.

මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයන් සිව්දෙනා කවුරුන් සමඟ සම්බන්ධකම් පවත්වන්නේද යන්න පිළිබඳව විශේෂ පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කර තිබේ.

ඒ අනුව ඔවුන් සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ පුද්ගලයෙකු මාලිගාවත්ත ප්‍රදේශයේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විමර්ශන නිලධාරීන්ට අනුව අදාළ පුද්ගලයන්ට ගුවන් ටිකට්පත් ලබාදීම ඇතුළු විවිධ සහයන් එම පුද්ගලයා විසින් ලබාදී ඇත.

සැකකරු දැනට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රඳවා සිටින අතර ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරමින් සිටියි.

මේ අතර ISIS සාමාජිකයින් සිව් දෙනා කටුනායක ගුවන් තොටුපළ හරහා චෙන්නායි බලා යාමට Indigo ගුවන් යානයකින් 19 වැනිදා රාත්‍රියේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇති බව පොලිසිය පවසයි.

ශ්‍රී ලංකාවෙන් තවත් ISIS සාමාජිකයින් වෙනත් ගුවන් යානාවලින් ඉන්දියාවට ගොස් ඇතිද යන්න පිළිබඳවද පරීක්ෂණ පැවැත්වේ.

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් මුහම්මද් නොෆ්රාන් 40 වතාවක් සහ මුහම්මද් නුස්රත් 38 වතාවක් ඉන්දියාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මොහොමඩ් රස්දීන් සහ මොහොමඩ් ෆාරිස් ප්‍රථම වරට ඉන්දියාවට පැමිණ ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව්දෙනා මීට පෙරද මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පසුගිය පෙබරවාරි මාසයේ සිට පකිස්ථානයේදී ISIS නායක අබු සමග සබඳතා අරඹාඇති අත්අඩංගුවේ පසුවන පුද්ගලයින් එතැන් සිට සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු සමඟ නිරන්තර සබඳතා පැවැත්වූ බව සඳහන්.

ත්‍රස්තවාදීන්ගේ අරමුණ යුදෙව්වන්, ක්‍රිස්තියානුවන් සහ භාරතීය ජනතා පක්ෂයේ නායකයින් ඉලක්ක කර ගැනීම බව ඉන්දීය ත්‍රස්ත මර්දන ඒකකය විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS