අද (10) පස්වරුවේ පිළියන්දල පොලිස් වසමේ කරදියාන කසළ අංගණයේ හටගත් හදිසි ගිනි ගැනීම හේතුවෙන් ප්රදේශය පුරා අධික දුමාරයක් පැතිර යමින් පවතින බව පොලිසීය සඳහන් කරයි.
එම දුමාරය විෂ සහිත වීමට ඉඩ ඇති බැවින් එම කසළ අංගණයට ආසන්න අතුරු මාර්ග භාවිත කරන මහජනතාව එම ප්රදේශය මගහැර ගමන් කිරීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලීසිය සඳහන් කරයි.
මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සඳහා මොරටුව ගිනි නිවීමේ ඒකකය, ශ්රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ ඒකකය සහ පිළියන්දල පොලිසිය එක්ව කටයුතු කරමින් සිටී.
එම ප්රදේශය ආශ්රිතව වාසය කරන මහජනතාව එම දුම ආග්රාහණය වීමෙන් සිදුවන සංකූලතා වළක්වා ගැනීම සඳහා මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙසද දැනුම් දෙයි.

