පද්මේගේ තාත්තා සම්බන්ධයි.. පුතා එක්ක ලොකුවට නෑ.!

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ සහ හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අතර ඇති සබදතාවයක් පිළිබදව ප්‍රකාශයක් ලබාගැනීමට ප්‍රසන්න රණතුංග අද (02) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේය.

කෙහෙල්බද්දර පද්මේ යනු තමන්ගේ ගමේ පුද්ගලයෙක් බවත් ඔහු ලබාදුන් ප්‍රකාශයක තමන්ගේ නම සඳහන් වුවද ඔහුව තමන් නොහදුනන බව ප්‍රසන්න රණතුංග මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කරයි.

තමන් කෙහෙල්බද්දර පද්මේගේ පියා සමඟ සමීප සබඳතාවයක් පැවැත්වූ නමුත් කෙහෙල්බද්දර පද්මේ සමඟ එතරම් සමීප සබදතාවයක් නොපැවැත්වූ බවද ප්‍රසන්න රණතුංග සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීම සඳහා දිනපතා කවුරුන් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට කටයුතු කරන බවද ප්‍රසන්න රණතුංග සඳහන් කරයි.

3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments