By unusuma.lk on
(LK time)පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ වට්සැප් ගිණුම අනවසර ප්රවේශයකට ලක්ව ඇති බව වාර්තා වේ. මෙම සයිබර් ප්රහාරය හේතුවෙන් ගිණුමේ ක්රියාකාරිත්වය මේ වන විට අත්හිටුවා ඇති අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බව වාර්තා වේ.
මීට පෙර, සමගි ජන බලවේගය නියෝජනය කරනා පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතාටද එවැනිම අත්දැකීමක් හිමි විය.
ඔහුගේ වට්සැප් ගිණුම අනවසරයෙන් භාවිත කරමින්, ඔහුගේ සමීපතමයන් ඉලක්ක කර මුදල් වංචාවක් සිදු කිරීමට සයිබර් අපරාධකරුවන් කණ්ඩායමක් උත්සාහ කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව රහුමාන් මහතා ප්රකාශ කළේය.