අද (05) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල ඉහළ දමා ඇති බව ලාෆ් ගෑස් සමාගම සඳහන් කරයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,070කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 5,700කි.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 418කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,280කි.

