කුඩා දරුවන් 30,000ක් පාසල් නොයා මහපාරේ සිඟමන් යදී.!

දරුවන් තිස්දහසක පමණ පිරිසක් දිවයින පුරා සිඟමන් යදිමින් සිටන බව සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සංඛ්‍යයන හා දත්ත අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල සදහන් කරයි.

වයස අවුරුදු 4 ත් 15 ත් අතර පසුවන මෙම දරුවන්ගෙන් බහුතරය පාසල් නොයන අතර මව්පියන්, භාරකරුවන් විසින් මෙම දරුවන් සිගමන් සදහා හෝ වෙනත් මුදල් ඉපැයීමේ කාර්යයන් සදහා යොදවාගෙන ඇති බවද සිදුකළ සමීක්ෂණයෙන් අණාවරණය වී ඇත.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ ඇතිවු ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන බවත් ඔවුන් බොහෝවිට පූජනීය ස්ථානවල රැදෙන බවද මහාචාර්ය වසන්ත අතුකෝරාල සදහන් කරයි.

දරුවන් සිඟමනේ යෙදවීම අපරාධමය වරදක් බැවින් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරිමේ හැකියාව පොලීසියට පවතින බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය උදය කුමාර අමරසිංහ සදහන් කරයි.

එහෙත් යාචකයන් ලෙස කටයුතු කරන ළමුන් පොලිස් භාරයට ගැනීමේ හැකියාව පැවතුණ ද ඔවුන් සම්බන්ධව ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා පවතින නීතිමය බාධාවන් ඊට ගැටලුවක් වී ඇති බවද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කරයි.

සිගමන් යදින දරුවන් අත්අඩංගුවට ගත්තද ඔවුන් රදවා තැබීමට සුදුසු ස්ථාන නොමැති වීම ගැටළුවක් බවත් යාචකයන් දරවා තබන රිදීගම කදවුරද මේ වනවිට පිරී ඉතිරී ගොස් ඇති බවද පොලිස්පතිවරයා සදහන් කරයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close