රටේම සහල් මිල තීරණය කරන මෙරට ප්‍රධානතම සහ දැවැන්ත සහල් වෙළෙඳපොළ මරදගහමුල ගබඩා සංකීර්ණය දැන් සහලින් පිරී ඇතැයි වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරයි.
ඒ අනුව වසර 13ක පමණ කාලයක් එකඳු වී මල්ලක් හෝ සහල් මල්ලක් ගබඩා කර නොතිබූ මරදගහමුල ගබඩාව දැන් සහලින් පුරවා ඇති බවද වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරයි.
2013 වසරේ රුපියල් මිලියන ගණනක් වැය කොට ඉදිකිරීම් සිදුකළ මේ මරදගහමුල සහල් තොග වෙළෙඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේ සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවට අයත් සහල් ගබඩා දෙකක් තිබුණද ඒවා භාවිතයට නොගෙන වසර 13ක පමණ කාලයක් අතහැර දමා තිබුණේය.
සහල් මෙට්‍රික් ටොන් 75,000ක් පමණ ගබාඩා කිරීමට හැකි ධාරිතාවක් සහිත වී ගබඩා දෙකම ජරාජීර්ණව අභාවයට යන්නට ඉඩහැර තිබීම ජාතික අපරාධයක් බැවින් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ යළි මරදගහමුලට පණ ලබාදුන් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
