බිරිඳ එක්ක නැටුවාට කෝප වී සංගීත ප්‍රසංගය තුළම ගෙල කපා දමලා.!

කළුතර දකුණ පොලිසිය පැවසූවේ ඊයේ (15) රාත්‍රියේ කළුතර, ගමගොඩ ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුරදී තරුණයෙකුගේ ගෙල කපා ඝාතනයක් සිදුකර ඇති බව‍යි.

දොඩංගොඩ, ජන උදාන ගම්මානයේ පදිංචිව සිටි මෙනුර නිම්තර වනිගසේකර නැමැති 20 හැවිරිදි තරුණයෙක් මෙසේ ඝාතනයට ලක්වී ඇති බව වාර්තා වේ.

සංගීත ප්‍රසංගයට පැමිණි මියගිය තරුණයා, තමා සේවය කරන ඇඟලුම් කර්මාන්තශාලාවේම තවත් තරුණියක සමග එහිදී නර්තනයේ යෙදී ඇති අතර, එම තරුණියගේ සැමියා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුවී පසුව සැමියා විසින් තරුණයාගේ ගෙල කපාදමා ඇති බව පොලිසිය පවසයි.

සැකකාර සැමියා විසින් සඟවාගෙන පැමිණි තියුණු ආයුධයකින් 20 හැවිරිදි මෙම තරුණයාගේ ගෙල එම ස්ථානයේදීම කපා ඝාතනයට ලක් කර ඇති බව වැඩිදුරටත් සඳහන්.

දින කිහිපයකට පෙර සිදු වූ පවුල් ආරවුලකින් අනතුරුව තරුණිය සැකකාර සැමියා හැරදා ගොස් තනිව ජීවත්ව සිට ඇති බවයි පොලිසිය පවසයි.

ඝාතනය සිදුකළ වයස අවුරුදු 25ක් වූ සැකකාර සැමියා මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කළුතර දකුණ පොලිසිය විසින් වැඩිදුරටත් විමර්ශන පවත්වයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close