මෙරට සංචාරයක යෙදී සිටි ඊශ්‍රායල් තරුණියක් අතුරුදන්.. පැහැරගෙන ඇති බවට සැකයක්.!

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියදී පසුගිය බදාදා (26) සිට අතුරුදන්ව සිටින 25 හැවිරිදි ඊශ්‍රායල ජාතික සංචාරක කාන්තාවක් වන Tamar Amitai සොයා උප්පුවේලි පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එම තරුණිය පසුගිය ජුනි 22 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තනිව සංචාරය කරමින් සිටියදී අතුරුදන් වී ඇති බව පොලීසිය පවසයි.

ඇය අන්තර්ජාලය හරහා වෙන්කරවාගත් ත්‍රිකුණාමලයේ රොලෙක්ස් ලැගුම්හලේ නවාතැන් ගෙන සිට ඇත. ඇය බදාදා (26) සිට නැවත ලැගුම්හල වෙත නොපැමිණි බවත් ලැගුම්හල් හිමිකාරිය පොලීසියට දැනුම්නදී තිබේ.

ලැගුම්හලේ හිමිකාරිය විසින් උප්පුවේලි පොලිස් ස්ථානයට සිදුකළ පැමිණිල්ලක් මත උප්පුවේලි පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති නමුත් මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැති බව පැවසේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close