දුම්රිය මාර්ගයක් අසල හිස පොඩි වූ තරුණයෙකුගේ මළ සිරුරක්.!

මීරිගම විජය රජදහන සහ මීරිගම දුම්රිය ස්ථාන අතර තිලිණගම දුම්රිය මාර්ගය අසළ තිබී හිසට බරපතල හානි වූ තරුණයෙකුගේ මළ සිරුරක් අද (27) සොයාගත් බව මීරිගම පොලිසිය පවසයි.

මියගිය තැනැත්තා ක්‍රීඩා අමාත්‍යාංශයේ කාර්යාල කාර්ය සහායකයකු ලෙස සේවය කළ මීරිගම , විල්වත්ත බෝගහහේන පාරේ පදිංචිව සිටි චන්දිම ලක්මාල් පෙරේරා නමැති 28 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

පොලිසිය පැවසුවේ මියගිය තරුණයා ඊයේ (26) පස්වරුවේ පුණ්‍ය කටයුත්තකට සහභාගි වී ඇති බවත්, පස්වරුවේ සිට ඔහු සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් නොලැබුණු බව මියගිය තරුණයාගේ පියා ප්‍රකාශ කළ බවයි.

මියගිය පුද්ගලයා කොට කලිසමක් සහ ටී ෂර්ට් එකකින් සැරසී සිට ඇති අතර. රාත්‍රී කාළයේ ඔහු ගිය ස්ථානයක් පිළිබඳව තොරතුරක් ලැබී නොමැති බව පොලිසිය පවසයි.

මියගිය තරුණයාගේ සිරුර ඔහුගේ නිවසට කිලෝමීටර් තුනක් පමණ දුරින් තිබී හමුවී ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close