TIN අංකයේ අලුත්ම තත්ත්වය.!

ජාතික හැඳුනුම්පත් අංකය බදු ගෙවන්නන්ගේ (TIN) අංක බවට පරිවර්තනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා දැනට සැලසුම් කර නොමැති බව වාර්තා වේ.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවත් (TIN) අංකය ලියාපදිංචිය සඳහා දෙපාර්තමේන්තුව ජාතික හැඳුනුම්පත් අංක භාවිත කරන අතර ක්‍රියාවලියේ පහසුව සඳහා ජාතික හැඳුනුම්පතේ විස්තර පමණක් ලබාගන්නා බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයා සදහන් කරයි.

නව රෙගුලාසි පැනවීමට වඩා බදු ගෙවන්නන් සඳහා ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සැලසීම කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධානය යොමු කර ඇති අතර ඔවුන්ගේ පහසුව අනුව TIN සඳහා ලියාපදිංචි වීමට ඉඩ සලසමින්, මහජනතාව මුහුණ දෙන ආර්ථික අභියෝග හමුවේ ලියාපදිංචිය සඳහා වූ අවසාන දිනය ඉවත් කර ඇත.

කෙසේ වෙතත් TIN අංකය ලියාපදිංචිය සඳහා වන නිර්ණායක නොවෙනස්ව පවතින අතර වයස අවුරුදු 18ට වැඩි සියලුම පුරවැසියන් TIN එකක් ලබා ගැනීම අවශ්‍ය වේ.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close