සාමාන්‍ය පෙළ විභාගයේ විෂය මාලාව ගැන රජය ගත් තීරණය.!

අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය, ආගම සහ භාෂාව වැනි විෂයන් අසමත් වූවත් ඔවුන් විභාගය අසමත් වූවන් ලෙස නොසැලකිය යුතු බව රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් සදහන් කරයි.

ඒ අනුව සාමාන්‍ය ‍පෙළ විභාගයේ විෂය මාලාවට කුසලතා හෝ වෘත්තීය විෂය ධාරාවක් ඇතුළත් කිරීමට රජය තීරණය කර තිබෙන බවත් නව වසරේ සිට එය ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ,

” සමාජය සවිබලගැන්වීම සඳහා අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති විය යුතු බව අප විසින් ඉදිරිපත් කළ ප්‍රධාන මතවාදයක් ලෙස දැක්විය හැකියි. ඊට අනුව සාමාන්‍ය පෙළ ගණිතය, ආගම සහ භාෂාව වැනි විෂයන් අසමත් වූවත් ඔවුන් විභාගය අසමත්වූවන් ලෙස නොසැලකිය යුතුයි.

එබැවින් අ.පො.ස සාමාන්‍ය ‍පෙළ විභාගයේ විෂය මාලාවට කුසලතා හෝ වෘත්තීය විෂය ධාරාවක් ඇතුළත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. එය සමාජය පිළිගත් අදහසක් ලෙස ද හැඳින්විය හැකියි.

ඒ අනුව නව වසරේ සිට එය ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව කුසලතා පූර්ණ වෘත්තිකයෙකු බිහි කිරීමට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියේ දී සිදුවන බව සඳහන් කළ යුතුයි.”

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close